ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විශ්ව විද්‍යාල, සෞඛ්‍ය සේවා වෘත්තිකයන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ගෝලීය සෞඛ්‍ය සංවිධාන එක්ව “ශ්‍රී ලංකාවේ දුම්කොළ භාවිතය හා දුම්පානය නැවැත්වීම වැඩි දියුණු කිරීමේ උපාය මාර්ග" පිළිබඳ පවත්වන ලද සාකච්ඡාවක් සහ මාධ්‍ය හමුවක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී පැවැත්විණි.
ආසියානු ජනගහනයේ අවදානම් සහිත කොට්ඨාශයන්හි ශ්වසන රෝග ඇති විමේ ප්‍රවණතාව අඩු කිරීම සහ ඔවුන්ගේ සෞඛ්‍ය මට්ටම වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් ඒ සදහා ජාත්‍යන්තර මැදිහත්වීමක් ලෙස ගෝලීය සෞඛ්‍ය පිළිබද Respire ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතන වන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, රජරට විශ්ව විද්‍යාලය, වයඹ විශ්ව විද්‍යාලය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙමගින් ශ්‍රී ලංකාවේ දුම්කොළ භාවිතය හා දුම්පානය නැවැත්වීමේ ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම අරමුණු කරගෙන ඇති අතර ඒ සදහා අවශ්‍ය උපාය මාර්ග සහ සහයෝගී ප්රවේශයන් ද මෙහිදී ඉස්මතු කෙරිණි.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රසන්න හේරත් මහතා විසින් මෙම වැඩසටහනේ පරීක්ෂණාත්මක සහ තහවුරු කරන ලද ඒක පුද්ගල දුම් පානය නිවාරණය සම්බන්ධ විද්‍යාත්මක ක්‍රමවේදය හඳුන්වා දීම ද සිදු කරන ලදි. එමෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සම්පන්න, දුම්පානයෙන් තොර අනාගතයක් ගොඩනැගීම සඳහා සහයෝගී ක්‍රියාමාර්ග දිරිමත් කිරීම, මෙන්ම ඒ සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින්, සෞඛ්‍ය සේවා වෘත්තිකයින්, පර්යේෂකයින් සහ සිවිල් සමාජ සංවිධාන අතර සංවාදය ශක්තිමත් කිරීම ද අරමුණු කරගෙන තිබුණි.
ශ්‍රී ලංකාවේ දුම්කොළ සහ දුම්පානය, නැවැත්වීමේ ජාතික වැඩසටහනක අවශ්‍යතාව පිළිබඳව නවසීලන්ත ඔික්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ ජනගහන සෞඛ්‍ය පාසලේ මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය ක්‍රිස් බුලන් (Prof.chris Bullen) මහතා විසින් සූම් තාක්ෂණය ඔස්සේ ප්‍රධාන දේශනය සිදු කරන ලද අතර, දුම්පානය නැවැත්වීමේ උපායමාර්ග, දුම්පානය සහ ශ්වසන රෝග, දුම්පානය නැවැත්වීමේ මුලපිරීම් සහ ක්‍රියාකාරී සැලසුම්, දුම්පානය නැවැත්වීම සඳහා සාක්ෂි මත පදනම් වූ විද්‍යාත්මක ප්රවේශයන් පිළිබඳව ද මෙහිදි දේශණ පවත්වන ලදි.
දුම්කොළ පරිභෝජනය අඩු කිරීමේ දී රජයේ කාර්යභාරය පිළිබඳ මෙහිදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා දීර්ඝ ලෙස අදහස් දක්වන ලදී. එහි දී ලෝකයේ වළක්වා ගත හැකි මරණවලට ප්‍රධානතම හේතුවක් ලෙස දුම්කොළ භාවිතය බව පෙන්වා දුන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා දුම්කොළ ආශ්රිත රෝගී තත්ත්වයන් මෙරට සෞඛ්‍ය සේවා පද්ධතියට, ආර්ථිකයට සහ පවුල්වලට විශාල බරක් පටවමින් පවතින බව ද පැවැසීය. රජයේ ප්‍රධාන අරමුණ රටේ ජනතාව රෝග වලින් තොරව සතුටින් තැබීම බවත්, රෝගවලට ලක්වීමට ඉඩහැර ප්‍රතිකාර කිරිම සෞඛ්‍ය අංශයේ අරමුණ නොවන බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.
ශ්‍රී ලංකා රජය දුම්කොළ පාලනය මහජන සෞඛ්‍ය ජාතික ප්‍රමුඛතාවයක් ලෙස පිළිගෙන ඇති බවත්, අපගේ වගකීම වන්නේ දුම්කොළ නිසා ඇති වන රෝගවලට ප්‍රතිකාර කිරීම පමණක් නොව රෝග ඇතිවීමට පෙර ඒවා වැළැක්වීම බවද අමාත්‍යවරයා අවධාරණය කරන ලදි.
දුම්පානය සියයට සියයක්ම වළක්වා ගත හැකි දෙයක් බවත්, ජනතාව ඉබේ හසුවන උගුලක් මෙහි වන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා දුම්පානය මෙරටින් තුරන් කිරීම රජයේ උත්සාහය බව ද පැවැසිය. දුම්කොළ පරිභෝජනය අඩු කිරීම සඳහා ශ්‍රී ලංකාව වසර ගණනාවක් පුරා වැදගත් පියවර රැසක් ගෙන ඇති බවත්, මෙම පියවර ක්‍රියාත්මක කරන ලද්දේ හුදෙක් රෙගුලාසි ලෙස නොව, ජීවිතාරක්ෂක මැදිහත්වීම් ලෙස බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවැසීය.
තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා රජය දුම්කොළ නිෂ්පාදන සඳහා බදු අඛණ්ඩව වැඩි කර ඇති බවත් දුම්කොළ කර්මාන්තය බොහෝ විට තරුණයින් ඉලක්ක කරන්නේ වක්‍ර අලෙවිකරණය සහ ආකර්ශනීය නිෂ්පාදන සැලසුම් හරහා බවත් රජයක් ලෙස, නව ආකාරයේ සියලු නිකොටින් ඇබ්බැහිවීම් වලට එරෙහිව සුපරීක්ෂාකාරීව සිටිය යුතු බවත්, වෙනස්වන අභියෝග සමඟ අපගේ ප්‍රතිපත්ති පරිණාමය විය යුතු බව ද අවධාරණය කරන ලදි.
දුම්කොළ පාලන ප්‍රතිපත්ති තවදුරටත් ශක්තිමත් කිරීම, තරුණයින් ඇතුළු අනාගත පරම්පරාවන් ආරක්ෂා කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා රජයේ කැපවීම තහවුරු කරන බවත්, සෞඛ්‍ය සම්පන්න ජාතියක් යනු ශක්තිමත් ආර්ථිකයක, ඵලදායී සමාජයක සහ සමෘද්ධිමත් අනාගතයක පදනම වන බැවින් දුම්කොළ පරිභෝජනය අඩු කිරීම සෞඛ්‍ය අරමුණක් පමණක් නොව එය ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයක් බව ද මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

BAT (British American Tobacco) is very powerful. In fact the whole tobacco industry is very powerful. Worse than JVP mafia. No winning against them.
ReplyDeleteහරියටම හරි. මේ සමාගම රටවල් 180ක තමන්ගේ මිනීමරු වෙලඳාම සිද්ධ කරනවා. ලංකාවේ සිගරට් ඒකාධිකාරයක් මේ සමාගම පවත්වනවා. රටවල් 64ක සිගරට් නිශ්පාදනය කරන මේ සමාගමේ නිශ්පාදනාගාරයක් ලංකාවෙත් තියෙනවා. ලංකාවේ අවුරුද්දකට 20,000ක් මිනිස්සු මේ සමාගමේ සිගරට් බීලා මැරෙනවා. (යුද්ධෙ නිසා මැරුනේ අවුරුද්දකට 10,000යි). මේ සමාගමේ ගිය අවුරුද්දේ විතරක් බදු ගෙවල ඉවර කරාට පස්සෙත් ශුද්ධ ලාභය රුපියල් බිලියන 29ක්. මාලිමාවේ මෝඩයන්ට මේ සමාගමේ බලයත් එක්ක හැරෙන්නවත් හම්බෙන්නේ නැහැ.
Deleteනීති ගෙනාවට වැඩක් නැහැ ක්‍රියාත්මක කරන්නේ නැතිනම්.ප්‍රසිද්දියේ දුම් බීම තහනම් කරලා තිබුණට බොහෝ අය ප්‍රසිද්ධ ස්ථාන වල දුම් බොනව.
ReplyDeleteකොන්දේසි විරහිතව මේ කාර්යයට අපි සහයෝගය දෙනවා. හැබැයි මාලිමාවට ඔහොම වැඩක් කටින් ඇරෙන්න වෙන ක්‍රමේකට කරන්න බැහැ. මතකනේ Clean Sri Lanka කරපු හැටි. අන්තිමට බැංකු ටික තමයි Clean කරේ. හැකර්ලා සහ හොර තක්කඩි සහ කුරුස කාරයන්ගේ හොර පාදිලි සෙට් එක තමයි ගොඩ ගියේ.
ReplyDeleteකරනවා නම් හොඳ වැඩක්. කියවිල්ල නතර කරලා වැඩ කරලා පෙන්නන්න.
ReplyDeleteකොරයි පකක්. මෙච්චර කාලයක් ජෙප්පො කියපුවගෙන් කරපු එක වැඩක් කියපන් බලන්න ඔය එක ඩෝබියෙක්.
ReplyDelete
ReplyDeleteදුම්කොළ තහනම් කිරීම මෝඩ තීරණයක්, මන්ද එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වන අතර පුද්ගල පෞද්ගලිකත්වයට ද පහර දීමකි. දුම්කොළ තහනම් කිරීමෙන් රජයට රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුවිය හැකිය. රජය මේ විකාරය නතර කළ යුතුයි.
ඔය එන්නේ ඩීලර්ස්ලා. මුන් දුම්කොල සමාගමේ පහලම මට්ටමේ ඉන්න උන්. බොහෝ විට සිල්ලර කඩයක් කරගෙන ඉන්න අය. නැත්තන් සිගරට් බෙදාහරින අය. භය වෙන්න එපා. මාලිමාවට කරන්න පුලුවන් ලබ්බක් නැහැ. උඹලා සුපුරුදු විදියට මිනී මරාගෙන හිටපන්.
DeleteHonda deyak.. habai itin oktha ara mas kanna epa kiuwa wage.. kana eka kanawa.. e nisa practical madi wage..
ReplyDeletemadamulana baiyo tika ekathu wela malimawata chande dila dan welalenawa
ReplyDeleteසිගරට් මිල වැඩි කරලා තරුණ අය පවා දැන් බොන්නෙ බීඩී. බීඩි බීලා මිනිස්සු ලෙඩ උනාම අර සිගරට් වැඩි කරල ගත්තු බදු ආදායම ආයෙම රෝහල් වලට වැය කරන්න වෙලා. අනික රට සිගරට් හොර පාරෙන් එන එක නවත්තන්න බෑ. බලෙන් නීති දාල මොකෙක්ටවත් ඕව නවත්තන්න බෑ. ගොන්නු නොවී හිටපල්ලා සමාජ ආශ්‍රයක් නැති මිහරක් ගන්න තීරණ ඕව. පුලුවන් නම් අරක්කුත් තහනම් කරන්න කියපල්ලා. එවත් බීලා මිනිස්සු ලෙඩ වෙනවනේ. අරක්කු සිගරට් 2 ටම කරල තියෙන්නෙ රජය බදු ආදයම් ගන්න මිල වැඩි කරල මිනිස්සු විකල්ප වලට ගිහින් විඳවල මැරෙන එක. පුලුවන් එකෙක් කියපන් බලන්න එහෙම නෙමෙයිද වෙලා තියෙන්නෙ කියල
ReplyDeleteසිගරට් බීල මැරුනට කමක් නෑ..බීඩි බීලා මැරෙන එක අපරාදේ නේ? උඹලට සල්ලි එන්නෙ නැහැනේ.
Deleteවාහන ඇක්සිඩන්ට් වෙලත් මැරෙනවනේ වාහන තහනම් කරන්න කියපන්. මැරෙන එකා කොහොමත් මැරෙනව සිගරට් බොන්නෙ නැති එවුන් අවුරුදු 150 ක් විතර ජීවත් වෙයි බලන් හිටපන්
Delete