ගලහා තලාතුඔය පාලම ගිලා බසී.. වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතී...

 ගලහා - තලාතුඔය ප්‍රධාන මාර්ගයේ පිහිටි පාලමක් හදිසියේ ගිලා බැසීමකට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.

අනතුර සිදුවීමත් සමඟ අදාළ ප්‍රදේශය තුළ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇත.

මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් එම මාර්ගය වසා දමා ඇති බව වාර්තා වේ.

පාලම ගිලා බැසීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

පාලම යථා තත්ත්වයට පත් කරන තෙක් එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස උපදෙස් ලබා දී ඇත.

3 Comments

  1. වැලි කොට්ට ටිකක් දාලා පුනරුද පාලමක් හදලා ලොකු උත්සවයක් තියලා විවෘත කරමු

    ReplyDelete
  2. Thamuththegama pachaya saha palawaththe jeppange boruwalata polowa palenne

    ReplyDelete
  3. ඔය මුලු පාරම තැන් 22ක් ගිලා බැහැල තිබ්බෙ 2024 සිට.

    ReplyDelete
Previous Post Next Post