විජේ මුලින්ම ලංකාවත් එක්ක පැටලෙයි.. ජයශංකර්ට දැනුම්දීමක්..


 ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයට ගෙන සිටින තමිල්නාඩු ධීවරයින් සහ ඔවුන්ගේ ධීවර යාත්‍රා කඩිනමින් නිදහස් කර ගැනීමට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික පියවර ගන්නා ලෙස තමිල්නාඩු මහ ඇමති සී. ජෝසප් විජේ මහතා ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා සිටී.

මේ සම්බන්ධයෙන් ඒ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් වෙත විශේෂ ලිපියක් යොමු කර ඇත. 

රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ මණ්ඩපම් ප්‍රදේශයෙන් පසුගිය මැයි 10 වනදා මුහුදු ගිය ධීවරයින් හය දෙනෙකු, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කළ බවට පවසමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්  අත්අඩංගුවට ගෙන තිබේ. 

මහ ඇමතිවරයා සිය ලිපිය මගින් පෙන්වා දෙන්නේ මේ වන විටත් තමිල්නාඩු ධීවරයින් 54 දෙනෙකු ශ්‍රී ලංකාවේ බන්ධනාගාරගත කර සිටින බවයි. මීට අමතරව තමිල්නාඩු ධීවරයින්ට අයත් ධීවර යාත්‍රා 264ක් ද ශ්‍රී ලංකා බලධාරීන් භාරයේ පවතින බව ඔහු සඳහන් කරයි. 

මෙම ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ කඩිනමින් සාකච්ඡා කර, දැනට රඳවා සිටින සියලුම ධීවරයින් සහ ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගය වන ධීවර යාත්‍රා නිදහස් කර ගැනීමට සුදුසු රාජ්‍ය තාන්ත්‍රික නාලිකා ඔස්සේ කටයුතු කරන ලෙස මහ ඇමති විජේ මහතා ඉන්දීය විදේශ අමාත්‍යවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

3 Comments

  1. Vije first you should avknowledge your people not to cross the borders. Most of them are just not innocent fisherman but smugglers.

    ReplyDelete
  2. Vije first you should avknowledge your people not to cross the borders. Most of them are just not innocent fisherman but smugglers.

    ReplyDelete
  3. මූව බලයට ගෙනාවේ කොටිලු.

    ReplyDelete
Previous Post Next Post