විජේ මුලින්ම ලංකාවත් එක්ක පැටලෙයි.. ජයශංකර්ට දැනුම්දීමක්..


 ශ්‍රී ලංකා නාවික හමුදාව භාරයට ගෙන සිටින තමිල්නාඩු ධීවරයින් සහ ඔවුන්ගේ ධීවර යාත්‍රා කඩිනමින් නිදහස් කර ගැනීමට අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික පියවර ගන්නා ලෙස තමිල්නාඩු මහ ඇමති සී. ජෝසප් විජේ මහතා ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා සිටී.

මේ සම්බන්ධයෙන් ඒ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් වෙත විශේෂ ලිපියක් යොමු කර ඇත. 

රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ මණ්ඩපම් ප්‍රදේශයෙන් පසුගිය මැයි 10 වනදා මුහුදු ගිය ධීවරයින් හය දෙනෙකු, ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කළ බවට පවසමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්  අත්අඩංගුවට ගෙන තිබේ. 

මහ ඇමතිවරයා සිය ලිපිය මගින් පෙන්වා දෙන්නේ මේ වන විටත් තමිල්නාඩු ධීවරයින් 54 දෙනෙකු ශ්‍රී ලංකාවේ බන්ධනාගාරගත කර සිටින බවයි. මීට අමතරව තමිල්නාඩු ධීවරයින්ට අයත් ධීවර යාත්‍රා 264ක් ද ශ්‍රී ලංකා බලධාරීන් භාරයේ පවතින බව ඔහු සඳහන් කරයි. 

මෙම ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ කඩිනමින් සාකච්ඡා කර, දැනට රඳවා සිටින සියලුම ධීවරයින් සහ ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගය වන ධීවර යාත්‍රා නිදහස් කර ගැනීමට සුදුසු රාජ්‍ය තාන්ත්‍රික නාලිකා ඔස්සේ කටයුතු කරන ලෙස මහ ඇමති විජේ මහතා ඉන්දීය විදේශ අමාත්‍යවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

10 Comments

  1. Vije first you should avknowledge your people not to cross the borders. Most of them are just not innocent fisherman but smugglers.

    ReplyDelete
  2. මූව බලයට ගෙනාවේ කොටිලු.

    ReplyDelete
  3. MUUU Actor Kenek ithin Muu Act karapu Films wala thiyana widiyatama muu saba loke prachna wisadai ehtokota tikak awul ?? mokada saba loke kiyanne Film newei hama welema

    ReplyDelete
  4. Kohomath Muuu LTTE carder kenek mula idanma dan kohomath muu ta powers thiyanawa nawathat LTTE hisa osawai wage penee yanawa

    ReplyDelete
    Replies
    1. හා හොඳයි සර්. අපේ ආමි එක ඒව බලා ගනී. මයිනො අනවශ්‍යයි.
      ඕනෙ නං සරත් ෆොන්සේකා, ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ මහත්තුරු ඉන්නව උපදෙස් ගන්න.
      කොටි ගාව තිබිල රත්තරං ටිකක් වගෙ හම්බ උනොත් එන්නං කාල්ටන් ජොකියා හොයාගෙන පිත්තල කරන විදිය අහ ගන්න.

      Delete
    2. විපක්සයේ හිටපු ශ ෂ කියන්න බැරි දක්සයන් කෙහෙල්කැන් කරෝල විකුණලා කෝටි විස්ස තිහ බැංකුවෙ දාගත්ත වගේ නේද මල්ලි


      Delete
  5. Maybe first tell your fisherman not to enter Sri Lankan waters.

    ReplyDelete
  6. මු ආයේ රඟපාන්න පටන් අරගෙන වගේ.

    ReplyDelete
  7. රජීව් ගාන්ධිට වුන දේ කරගන්න හදන්නේ

    ReplyDelete
  8. ඇයි විජේ ගල් අඟුරු හොරු අල්ලන්නද

    ReplyDelete
Previous Post Next Post