ශ්‍රී ලංකා මධ්‍යම බැංකුව විසින් මෙරට මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය තහවුරු කිරීම සහ අවදානම් කළමනාකරණය කිරීම අරමුණු කරගනිමින්, රන් ඇපකර මත ලබාදෙන ණය පහසුකම් සඳහා වන උපරිම ණය සහ වටිනාකම අතර අනුපාතය සියයට 70ක් ලෙස සීමා කිරීමට පියවර ගෙන ඇත.
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මධ්‍යම බැංකු පනතේ 105(1) වගන්තිය ප්‍රකාරව, සාර්ව විවේකී බුද්ධිමත් අධිකාරිය ලෙස මධ්‍යම බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතාගේ අත්සනින් යුතුව මෙම නව උපදෙස් මාලාව නිකුත් කර තිබේ.
2026 මැයි මස 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් වෙත මෙම නියෝගය බලපැවැත්වේ. ඒ අනුව, එම දින සිට අලුතින් ලබාදෙන රන් ණය මෙන්ම, නැවත අලුත් කරනු ලබන පවතින ණය පහසුකම් සඳහා ද මෙම සියයට 70ක උපරිම සීමාව අදාළ වනු ඇත.
උකස් පහසුකම්, රන් ණය සහ රන් ඇපකර මත ලබාදෙන වෙනත් ඕනෑම ආකාරයක ණය හෝ මූල්‍ය පහසුකම් මේ යටතට ඇතුළත් වේ.
මෙම නියෝගයේ අරමුණු සඳහා රන්වල වටිනාකම ලෙස වෙළෙඳපොළ වටිනාකම සලකා බැලිය යුතුය.
ණය පහසුකම් ලබා දෙන අවස්ථාවේදී සිදුකරන තක්සේරුකරණය මගින් රන් ඇපකරයේ නිවැරදි හා සාධාරණ වටිනාකම පිළිබිඹු වන බවට බැංකු සහ මුදල් සමාගම් වගබලා ගත යුතුය.
එසේම, රන් ඇපකර තක්සේරු කිරීම සඳහා දැනට භාවිත කරන විවේකී බුද්ධිමත් පිළිවෙත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ද ආයතනවලට උපදෙස් දී ඇත.
මධ්‍යම බැංකුව අවධාරණය කරන්නේ මූල්‍ය ආයතනවල ණය දීමේ ප්‍රමිතීන් ශක්තිමත් කිරීම මගින් සමස්ත මූල්‍ය පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීම මෙමගින් අපේක්ෂා කරන බවයි.

බදුත් ගහලා බඩු මිලත් වැඩි කරලා, රත්තරන් බඩුවක් හරි උගස් කරලා ජීවත් වෙන්නවත් බැරි කරලා තියෙන්නේ. පඩියක් ගන්නකොට ඒකට බදුගහලා බැංකු පොතට දැම්මම ඒකටත් ආයෙත් බදු ගහනවා. මුන්ට හුරේ දාන එවුන් මිනිස්සු වෙන්න බෑ උපන්ගෙයි මීහරක්.
ReplyDeleteකියල වැඩක් නැහැ. උන් හැබැයි හරක් නෙමේ. උන් තමයි හැකරු, උන් තමයි රජයේ කන්ස්ට්‍රක්ශන් වලින් ඩබල් පේමන්ට් ගන්නේ.
Deleteඋන් තමයි මාලිමාවේ කොන්ත්‍රාත්කරුවෝ. උන් තමයි පල්ලි කාක්කෝ. උන් තමයි ආගමික අන්තවාදියෝ.
දුප්පත් මිනිහා බඩ ගින්නට උකස් කරන රත්රන් බඩුවත් තුට්ටු දෙකට ගන්න කියන පැලවත්තේ ආණ්ඩුව
Deleteපාහර බල්ලෝ 🤮🤮🤮
ReplyDeleteඒකටත් කෙලිය,ඉස්සර 80% ගන්න පුළුවන්.
ReplyDeleteමේකෙන් ඇත්තටම මහජනතාවට සෙතක් සැලසෙනවා ආර්ථිකය ක්‍රමානුකූලව පාලනය වෙන ගමන්ම. පුළුවන් තරම් සල්ලි අරගත්තම රත්තරං බඩු තියලා, අන්තිමේදී පොළී ගෙව ගෙව ඉඳලා, වටිනාකම වගේ කීප ගුණයක් වියදම් කරලා, ඒත් බඩුව බේර ගන්ඩ බැරුව සින්න වෙලා යනවා. 70%ක් විතරක් අර ගත්තම සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙයි සින්න වෙන ප්‍රමාණය. ඇත්තටම බැංකුවලටත් කරදරයි මේවා වෙන්දේසි කරණ එක, ඒ නිසා මේකේ වාසිය රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වයට පමණක් නෙවේ, බැංකු කළමණාකරණයට වගේම රන් භාණ්ඩ උකස් කරණ ජනතාවටත් ඉතාම හොඳයි.
ReplyDeleteතාමත් මේ වසල ආන්ඩුවට කඩේ යන පාහර හැත්තක් ඉන්නව ඉතින් මේ වගේ.
Deleteමේකෙන් වෙන්නේ දුප්පත් මිනිහගේ රත්ත්‍රන් අඩු මුදලකට උකස් කාරයො ගන්න ඒක නේ . 100ක් වටිනා එකට දෙන්න කියන්නේ 70 උපරිම .
Deleteමේ ආණ්ඩුව බදු ගහල ගහලා හුරගෙනම කාලා අන්තිමට දුප්පත් මිනිහා බඩ ගින්නට උකස් කරන රත්රන් බඩුවත් තුට්ටු දෙකට ගන්න කියන තරමටම තුප්පහි උනා .
ReplyDeleteපතිරණ ගලපත්ති කියන කුලියට JVP Comment කොටන තක්කඩියට හෙනම ගහපන්.
ReplyDeleteමුගේ මුලු පවුලටම හෙන ගහපන්