වාහනවලට බදු වැඩි කලේ අත්‍යවශ්‍ය අයට පමණක් ගේන්නයි...- මුදල් නි. ඇමති

 


පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනය කිරීමේදී පනවා ඇති බදු සංශෝධනය හරහා රජය බලාපොරොත්තු වන්නේ වාහන මිල ඉහළ දැමීම නොව, අත්‍යවශ්‍ය නොවන ආනයන මාස කිහිපයකට පමා කරන ලෙස ජනතාවට පණිවිඩයක් ලබා දීම බව මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, රටේ පවතින විදේශ සංචිත ක්‍රමිකව ගොඩනගා ගනිමින් ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට උත්සාහ කරන අවස්ථාවක, වාහන ආනයනය සඳහා පවතින ඉල්ලුම පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවයි.

වාහන මිල 150% කින් පමණ ඉහළ යන බවට සමාජය තුළ පැතිර යන මතය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත්, සිදුව ඇත්තේ පවතින 130% ක තීරු බද්ද මත 50% ක අධිභාරයක් (Surcharge) පැනවීම බවත් ඔහු පෙන්වා දුන්නේය. ඒ අනුව සැබෑ බදු වැඩිවීම 11.5% ක් වැනි ප්‍රමාණයකි. 

අත්‍යවශ්‍යම පුද්ගලයෙකුට වැඩි මිලක් ගෙවා හෝ වාහනයක් ගෙන්වා ගැනීමට ඇති අවස්ථාව අහුරා නොමැති වුවද, අනෙක් පිරිස්වලට මෙය මාස තුනක කාලයකට පමා කරන ලෙස රජය මෙයින් යෝජනා කරයි.

මෙම බදු සංශෝධනය යතුරුපැදි, ත්‍රිරෝද රථ හෝ ව්‍යාපාරික කටයුතු සඳහා යොදාගන්නා වාහන සඳහා අදාළ නොවන බව අමාත්‍යවරයා පැහැදිලි කළේය. 

එමෙන්ම, පසුගිය 15 වනදාට පෙර විවෘත කරන ලද ණයවර ලිපි (LC) මත ගෙන්වන වාහන සඳහා පැරණි බදු අනුපාතයන්ම අදාළ වන බැවින් වෙළඳපළේ පවතින වාහන මිල ඉහළ දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද ඔහු සඳහන් කළේය.

 ලෝක දේශපාලන තත්ත්වයන් සහ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ආර්ථිකය කළමනාකරණය කරගැනීමට මෙවැනි ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමට රජයට සිදුව ඇත. 

අනවශ්‍ය කලබලකාරීත්වයක් ඇති කරගනිමින් වාහන ආනයනය සඳහා ඩොලර් වැය කිරීම වෙනුවට, ඉදිරි මාස තුන ඇතුළත ආර්ථිකය තවදුරටත් ස්ථාවර කරගැනීම රජයේ අපේක්ෂාව බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

5 Comments

  1. එතකොට උඹද හුත්තෝ තීරණය කරන්නේ ඕන උන් කවුද එපා උන් කවුද කියලා? ගිහින් මුහුද පැනපියව් , බඩ පලාගෙන

    ReplyDelete
    Replies
    1. AWASHYA AYA ARAN IWARAY

      Rathna mudalai, dudley sirisena, dammika )

      Delete
  2. මුන්ට kathre ගහපු අත්....@#₹%%^&*.

    ReplyDelete
  3. දෙනියායේ උණ රෝගය ජයග්‍රාහී ලෙස මර්දනය කලා..- මාලිමා මන්ත‍්‍රී ලාල් ප්‍රේමනාත් මහතා පවසයි

    ReplyDelete
  4. බඩු ගැහුවත් නැතත් ඕන එවුන් තමයි අනිල් ජයන්ත ගොන් පකයො වාහන ගේන්නෙ. මුන්ව නම් එළවන්න කාලෙ හරි

    ReplyDelete
Previous Post Next Post