වරද අපේ නොවේ.. මහ බැංකුව රජයේ බැංකු කරු පමණයි.. භාණ්ඩාගාර හැකරා ගැන නන්දලාල් අන්තිමට කට අරී..


 විදේශ ණය ගෙවීමේ පද්ධතියේ පවතින ක්‍රියාකාරිත්වය සහ මෑතකදී ආන්දෝලනයට තුඩු දුන් ඩොලර් මිලියන 2.5ක මූල්‍ය ගනුදෙනුව සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා අද මාධ්‍ය අමතමින් ප්‍රථම වරට විශේෂ හෙළිදරව්වක් සිදු කර ඇත.

අධිපතිවරයා පෙන්වා දෙන්නේ 2016 වසරේදී ලබාගත් පද්ධතියක් යාවත්කාලීන කිරීමේදී (migration) ඇති වූ ගැටලුවක් මෙම තත්ත්වයට බලපා ඇති බවයි.

2020 වන විට එම පද්ධති යාවත්කාලීන වී නොතිබීම හේතුවෙන් (outdated), අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් වගවිය යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව අපැහැදිලි තත්ත්වයක් මතු වූ බව ඔහු සඳහන් කළේය.

ණය ගෙවීමේ ක්‍රියාවලියේදී මහ බැංකුව කටයුතු කරන්නේ රජයේ බැංකුකරු ලෙස බව අධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය. "මුදල් අමාත්‍යාංශය විසින් යම් ගෙවීමක් සඳහා උපදෙස් ලබා දුන් විට, මහ බැංකුව සිය සංචිත භාවිතයෙන් හෝ රුපියල් වෙනුවට ඩොලර් ලබාගෙන අදාළ ගිණුමට මුදල් බැර කිරීම සිදු කරනවා," යැයි ඔහු පැවසීය.

මෙම ගෙවීම් සිදු කිරීමේ ක්‍රියාවලිය මහජන ණය දෙපාර්තමේන්තුව (PDD) හරහා මීට පෙර සිදු වූ අතර, දැනට එය නව මහජන ණය කළමනාකරණ (PDM) ඒකකය යටතේ පවතී. මෙම සංක්‍රාන්ති කාලසීමාව තුළ මහ බැංකුවේ පද්ධති භාවිත කරමින් අදාළ නිලධාරීන් විසින් දත්ත ඇතුළත් කිරීම් සහ අනුමත කිරීම් සිදු කර ඇති බව අනාවරණය වී ඇත.

බැංකුවකට ගනුදෙනුකරුවෙකු විසින් ලබා දෙන උපදෙස් වෙනස් කිරීමට බැංකුවට බලයක් නොමැති බව අධිපතිවරයා අවධාරණය කළේය. "සාමාන්‍ය ගනුදෙනුවකදී මෙන්ම, ලබා දෙන ගිණුම් අංකය නිවැරදි නම් බැංකුව ගෙවීම් සිදු කරනවා. ඉන් එහාට එම උපදෙස් පරීක්ෂා කිරීමට හෝ වෙනස් කිරීමට මහ බැංකුවට වගකීමක් නැහැ," යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත්, මෙවැනි වංචනික ක්‍රියා අනාගතයේදී වැළැක්වීම සඳහා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය එක්ව පද්ධති තවදුරටත් ශක්තිමත් කිරීමට සහ පවතින පළපුරුද්ද භාවිත කරමින් ආරක්ෂිත පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බව අධිපතිවරයා සහතික විය.

17 Comments

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. You are absolutely right. This is an IMF mole. The job of the people like these are to ruin the economy of sovereign countries and pave the way for IMF to control these countries according to the whims of west. Another bad decision from inexperienced Gotabhaya government.

      Delete
    2. ඔව් ඔව් EPF අරමුධල මංකොල්ල කාපු නාකි උඩුරැවුල් පොන්නලාල් වරද තොපේ නෙමෙයි අපේ. සක්කිලියා තෝ තමයි මහබැංකුවටත් කෙලිය හැකරා නාකි සක්කිලියා.

      Delete
  2. මෙතන ප්රශ්නේ උනේ
    ඊ මේල් එකක් බලලා , ජවිපෙ ආණ්ඩුවෙන් උසස් වීම් ලැබූ අත්දැකීම් නැති නිලධාරීන් , Account number එක වෙනස් කිරීමයි.
    පද්ධතියෙ අප්ඩේට් ද නැද්ද අදාල නෑනෙ ගොනෝ එතකොට, ප්රශ්නෙ පටලලා , confuse කරලා 2020 ඉඳංම මගුලක් ඇදගෙන මොන හොරාවද බේරන්න හදන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් EPF අරමුධල මංකොල්ල කාපු නාකි උඩුරැවුල් පොන්නලාල් වරද තොපේ නෙමෙයි අපේ. සක්කිලියා තෝ තමයි මහබැංකුවටත් කෙලිය හැකරා නාකි සක්කිලියා.

      Delete
  3. කලුවා මාරපන ගියා ඔයිට හොදයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් EPF අරමුධල මංකොල්ල කාපු නාකි උඩුරැවුල් පොන්නලාල් වරද තොපේ නෙමෙයි අපේ. සක්කිලියා තෝ තමයි මහබැංකුවටත් කෙලිය හැකරා නාකි සක්කිලියා.

      Delete
  4. I do agree. The Central bank does not or does not have to check the details of the transaction as such details are scurtinized at the operational levels.

    ReplyDelete
    Replies
    1. If that is so, why do we even have to upkeep such Central Bank officers paying them exorbitant and absurd fees? We could hire some clerks to do their job.

      Delete
    2. ඔව් ඔව් EPF අරමුධල මංකොල්ල කාපු නාකි උඩුරැවුල් පොන්නලාල් වරද තොපේ නෙමෙයි අපේ. සක්කිලියා තෝ තමයි මහබැංකුවටත් කෙලිය හැකරා නාකි සක්කිලියා.

      Delete
  5. ඔන්න ඔය ටික තමයි මෝඩ ඩෝබිලට නොතේරෙන්නේ. උන්ට හාම්පුතාලා කිව්වම බැංකුව තමයි වැරදි කියලා උන් හිසමුදුනින් පිලිගන්නවා. උන් දන්නේ නෑ transaction order එක එන්නේ අදාල අමාත්‍යංශේන් කියලා.

    ReplyDelete
    Replies
    1. අදාල අමාත්‍යංශේන් transaction order eka aavath aeka enne Treasury eka haraha. අමාත්‍යංශේන් kelinma Central Bank yanne na. Lol.

      Delete
  6. if the system is outdated from 2020 WTF did untill 2025

    ReplyDelete
    Replies
    1. Looks like he's covering up for this govt. Otherwise how come the former Finance Ministry Secretary Mahinda Siriwardana manage to successfully manage everything and make payments during the most hazardous period with Ranil W in 2023-24.

      Delete
    2. ඔව් ඔව් EPF අරමුධල මංකොල්ල කාපු නාකි උඩුරැවුල් පොන්නලාල් වරද තොපේ නෙමෙයි අපේ. සක්කිලියා තෝ තමයි මහබැංකුවටත් කෙලිය හැකරා නාකි සක්කිලියා.

      Delete
  7. එහෙනම් වැරදි උපදෙස් හරි තොරතුරු හරි දුන්න කෙනා කියමු බලන්න.

    ReplyDelete
  8. මු මේ නොකියා කියන්නේ මහබැංකුව රජයේ අයාතනයක් නොවේ, ඒක ඇත්ත රනිල් ගෙනාව පනතින් මහබැංකුව පොඋද්ගලික ආයතනයක් කළා ඒක අනුර කුමාර වෙනස් කලේ නැ එයා රනිල්ගේ පාරේම යනවා මුදල් අමත්‍යයෙන් යම් ඕඩර් එකක් ලැබුනම එක ගෙවලා දානවා ඒක කාටද ගෙවන්නේ මොකටද ගෙවන්නේ කියන එක මෙයාලට වැදගත් නැ කියන එකයි මෙයා කියන්නේ

    ReplyDelete
Previous Post Next Post