අපි උතුරේ හමුදා කඳවුරැ ගණනාවක් ඉවත් කර ඉඩම් නිදහස් කලා.. තවත් හමුදා කඳවුරු අඩු කර ඉඩම් නිදහස් කරනවා..- ටිල්වින්


 පසුගිය මාස 18 ක කාලය තුළ උතුරු පළාතේ ස්ථාපිත කර තිබූ හමුදා කඳවුරු ගණනාවක් ඉවත් කර ජනතාවට අයත් විශාල ඉඩම් ප්‍රමාණයක් යළි නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

එමෙන්ම ඉදිරි කාලයේදී නිදහස් කළ හැකි තවත් ඉඩම් ප්‍රමාණයක් මේ වන විටත් හඳුනාගෙන ඇති බවත්, ඒවා ජනතාවට ලබා දීම සඳහා පවතින හමුදා කඳවුරු වෙනස් කිරීම සහ ඒවායේ ප්‍රමාණයන් අඩු කිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බවත් ලේකම්වරයා වැඩිදුරටත් අනාවරණය කළේය. 

එම ඉඩම් නිකන්ම ලබාගත නොහැකි බවත්, විධිමත් ක්‍රමවේදයක් හරහා හමුදා කඳවුරු ප්‍රතිව්‍යුහගත කිරීමෙන් එම කටයුත්ත සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු අවධාරණය කළේය.

තම රජය උතුරේ ජනතාවගේ විශ්වාසය දිනාගත් රජයක් බැවින් ලබා දී ඇති පොරොන්දු ඉටු කිරීමට බැඳී සිටින බව පෙන්වා දුන් ටිල්වින් සිල්වා මහතා, රුපියල් බිලියන 500ක (කෝටි 50,000ක) මුදල් වෙන් කිරීම් වැනි කරුණු හේතුවෙන් මේ වසරේ මැතිවරණයක් පැවැත්වීමට අපහසු වුවද, වෙනත් ගැටලු මතු නොවන්නේ නම් ලබන වසරේදී මැතිවරණ පවත්වනු ඇතැයි විශ්වාස කරන බවද පැවසීය.

මීට අමතරව, ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර පවතින ඉතා සමීප සහ මිත්‍රශීලී සබඳතාව හේතුවෙන්, මේ සම්බන්ධයෙන් ඉන්දියාවෙන් කිසිදු බලපෑමක් එල්ල නොවන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

12 Comments

  1. මූ කව්ද? බිලියන 500ක් වැය කරන්න බලය දුන්නෙ කවුද?

    ReplyDelete
  2. මේ ගොං නාකියට ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගන්න බලය දුන්නේ කවුද ? මූ එක ජන්දයක් ගත්ත එකෙක්ද ?

    ReplyDelete
  3. මේ මහල්ලට කොහෙන්ද බලය ආවෙ අපේ රට ගැන තීරණ ගන්න. මාලුකාරයන්ට චන්දෙ දුන්නු අය පුන්නක්කු කාපල්ල.

    ReplyDelete
  4. ජේ වී පී එකේ hardcore අන්තිම පුරුක තමයි ටිල්වින් ඇහැටුල්ලා කොමේනි.

    ReplyDelete
  5. මේකට කවුද ච්ංදෙ දුන්නෙ මේතීරන ගන්න. ජනාදිපති කෙනෙක් නැත්ද . මූ කවුද.

    ReplyDelete
  6. පිස්සුද ඕයි? ඔය ඉඩම් උන්ගේ නෙවෙයි. උං හොර සංක්‍රමනිකයන්.

    ReplyDelete
    Replies
    1. මහාවංශයෙ තියෙන විදියට සිංහල කියන්නෙත් ඉන්දියාවෙන් පන්නපු හොරු සෙට් එකකගෙන් පැවතෙන අය නේද?

      Delete
  7. කොටි ඩයස්‌පෝරාවෙ පදේට නටන මිනීමරු නරපල්ලා.

    ReplyDelete
  8. The country will have to pay the price of those activities or decisions.

    ReplyDelete
  9. JVP ලෝක nayakaya

    ReplyDelete
  10. මේ කාලකණ්නි ජෙප්පාට, ත්‍රස්තවාදී නාකි පකාට රජය වෙනුවෙන් ප්‍රකාශ නිකුත්කිරීමට ඇති අයිතිය කුමක්ද? 😡 මූව මුගේ තැන තියන්න හොරිකඩ ආණ්ඩුවට හෝ හුණ්ඩුවාට බැරි නම් ඒක කරන්න ජනතාව පුල පුලා බලා සිටින්නේ. ඒ කොහොම උනත් ජාතික ආරක්ෂාව බිල්ලට තියලා ජේ.වී.පී. ත්‍රස්තවාදීන් කොටි ත්‍රස්ථවාදීන් (ඩයස්පෝරාව) ට වෙච්ච පොරොන්දු ඉටුකරන බව පේනවා. තොපි ඔය සෙල්ලම් දාන්නේ ඉතාම ටික දවසයි. ඉතාම නුදුරු දිනකදී වැඩ කරන්න පුළුවන් පිරිසකට රට කරන්න ඉඩදීලා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් කැඳවා තොලොංචි වෙලා ගියේ නැත්නම් ගුටි කාලා දුවන්න සූදානම් වෙයල්ලා ඩයි මයිනා, හුණ්ඩුවා, වනචාරියා ඇතුළු පාදඩ ත්‍රස්තවාදී ජෙප්පෝ 😡🤮

    ReplyDelete
Previous Post Next Post