ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් මෙරටට ගෙන්වා බෙදා හැරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන නඩුවේ සැකකරුවන් වහාම විශේෂ මනෝවිද්‍යාත්මක පරීක්ෂණයකට ලක් කළ යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්කැල්ල සහ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු රාජ්‍ය නිලධාරීන් 12 දෙනෙකුට සහ අදාළ ඖෂධ සැපයුම්කරුට එරෙහිව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව විභාග වෙමින් පවතී.
පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් අදියරට පැමිණ ඇති මෙම අවස්ථාවේදී, සැකකරුවන් කිහිපදෙනෙකු තුළ සියදිවි නසාගැනීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයි වෛද්‍යවරයා පෙන්වා දෙයි.
විශේෂයෙන්ම, ඖෂධ මෙරට නිෂ්පාදනය කළ බවට සැකකෙරෙන පළමු සැකකරු වන ජනක ප්‍රනාන්දු නමැත්තා, නඩු විභාගය ආරම්භ වූ දා සිට වසර දෙකකට ආසන්න කාලයක් විශාදය ඇතුළු මානසික පීඩන තත්ත්වයන් සඳහා අංගොඩ මූලික රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්කැල්ල මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ වත්කම් නඩුවක ප්‍රධාන සැකකරුවකු මෙන්ම සාක්ෂිකරුවකු ද වූ ව්‍යාපාරිකයකු මීට පෙර සියදිවි නසාගත් බව වෛද්‍යවරයා සිහිපත් කර සිටී. එම පුද්ගලයා සියදිවි නසාගැනීමට පෙර තැබූ සටහන්වල, අධිකරණ ක්‍රියාමාර්ග හමුවේ තමන් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටි බව සඳහන් කර තිබූ බව ද වාර්තා විය.
රුපියල් කෝටි 10 කට අධික මහජන මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් විභාග වන මෙම මූල්‍ය අපරාධ නඩුව මෙරට අධිකරණ ඉතිහාසයේ ඉතා වැදගත් නඩුකරයක් බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි.
"මෙවැනි තත්ත්වයක් තුළ, සැකකරුවන්ගේ හෝ සාක්ෂිකරුවන්ගේ මානසික සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යයි. ඔවුන් මානසික අවපීඩනයෙන් හෝ සියදිවි නසාගැනීමේ සිතුවිලිවලින් පෙළෙන්නේ නම්, ඔවුන්ට අවශ්‍ය රැකවරණය සහ ප්‍රතිකාර ලබාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේත්, අධිකරණ අමාත්‍යාංශයේත් වගකීමක්."

සිය දිවි නසා ගන්න අවශ්‍ය නෑ.
ReplyDeleteඅවශ්‍ය වෙලාවට බල නහරෙ කපලා දෙනවා..