ඩිජිටල් හැදුනුම්පතට ජෛවමිතික දත්ත ඉන්දියා බ්ලැක් ලිස්ට් සමාගමකට.. ජාත්‍යන්තර දත්ත ජාවාරමක් විය හැකියි...

 


වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විපක්ෂයේ සිටියදී දැඩි ලෙස ප්‍රශ්න කරන ලද "ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීමේ ටෙන්ඩරය ඉන්දියානු සමාගමකට ලබාදීමේ ව්‍යාපෘතිය", වත්මන් රජය යටතේ ද යළි ක්‍රියාත්මක වන බවට පළවන තොරතුරු සම්බන්ධයෙන් රජය සිය ස්ථාවරය ප්‍රකාශ කළ යුතු බව ජාතික වෘත්තීය හා සිවිල් පෙරමුණේ කැඳවුම්කරු, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, රුපියල් බිලියන 40 කට අධික වටිනාකමකින් යුත් මෙම ව්‍යාපෘතිය හරහා මෙරට ජනතාවගේ පෞද්ගලික දත්ත අවදානමකට ලක්විය හැකි බවයි.

අද වන විට ලෝකයේ විශාලතම ජාවාරම බවට පත්ව ඇත්තේ දත්ත ජාවාරම (Data Trafficking) බව පෙන්වා දුන් වෛද්‍යවරයා, රටේ ජනතාවගේ ලේ වර්ගයේ සිට ඇඟිලි සලකුණු හා ඇසේ කළු ඉංගිරියාව දක්වා වූ සියලු සංවේදී දත්ත මෙහෙයවීමේ බලය විදේශීය සමාගමකට හිමිවීම බරපතල රාජ්‍ය අර්බුද නිර්මාණය වීමට හේතු විය හැකි බව අවධාරණය කළේය. දත්ත හිමිකාරිත්වය දරන පාර්ශවය ලොව බලවත්ම පුද්ගලයා බවට පත්වන යුගයක, ජනතාවගේ ස්වෛරීත්වය තෙවන පාර්ශවයකට පාලනය කිරීමට ඉඩ දීම භයානක බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම ටෙන්ඩරය මීට පෙර රටවල් කිහිපයක ප්‍රශ්න සහගත ගනුදෙනුවලට සම්බන්ධ වී අසාදුගත වූ ඉන්දියානු සමාගමකට ලබා දීමට සූදානම් වන්නේ දැයි බරපතල සැකයක් පවතින බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය. පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් ගල් අඟුරු ටෙන්ඩරය මෙන්ම මෙහිදී ද බරපතල මූල්‍ය වංචාවක් සහ අක්‍රමිකතාවක් සිදුවීමේ ඉඩකඩ පවතින බැවින් රජය මේ පිළිබඳව වහාම පසු විපරමක් කළ යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

මෙම ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික සහ ඉංජිනේරු සක්‍යතාව ශ්‍රී ලංකාව සතුව පවතිද්දී, දේශීය දැනුම නොසලකා හරිමින් විදේශීය සමාගම්වලට අවස්ථාව දීම මෙරට විද්වතුන්ට කරන අසාධාරණයක් බව ද වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය. අතිවිශාල මුදලක් වැයවන මෙවැනි ව්‍යාපෘතියකදී සිදුවන දත්ත වංචාවක් යළි කිසිසේත්ම නිවැරදි කළ නොහැකි බව ද හෙතෙම වැඩිදුරටත් අනතුරු ඇඟවීය.

4 Comments

  1. චතුරංග අබේසිංහ කියන වෙස බල්ලා තමයි ලංකාවේ කොල්ලන්ට Fake අකවුන්ට් හදල රුපියල් 2,000 ගානේ ගෙවලා JVP එකේ එවුන්ගේ ගොබ්බයන් කරන ගොබ්බ වැඩ හෝදන ව්‍යාපාරය පටන්ගත්තෙ. මෙ වෙස බල්ලා හිරේ දාන්ඩ ඕනේ.

    ReplyDelete
  2. ඉන්දියන් බජාර් මුඩුක්කුවක් කොරන්නයි ජෙප්පො තටමන්නෙ. සියලුම data උන්ට පිදුවම කිසිම ජාතික ආරක්ශාවක් නැත.

    ReplyDelete
  3. Me kalakanni jeppo karanne unge amma thaththa wikunala hari salli hoyana eka... Ewaa pelawatte unge gabadawe purawanawaa

    ReplyDelete
  4. ඩිජිටල් කුඩුගලයා ඉස්සර වැඩ අවුල්කලා.

    ReplyDelete
Previous Post Next Post