රජය විසින් වාහන ආනයන බදු සියයට පනහකින් (50%) ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර, එම බදු සංශෝධනයත් සමඟ ජාතික රූපවාහිනී මාධ්‍ය ජාලය (SLRC) විසින් මහජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂ නිවේදනයක් ද ප්‍රසිද්ධියට පත් කර ඇත.
"ඔබේ වාහන සිහිනය මාස තුනකින් කල් දාන්න" යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කර ඇති මෙම නිවේදනය මඟින් පාරිභෝගිකයින්ට සිය වාහන මිලදී ගැනීමේ සැලසුම් එළඹෙන සැප්තැම්බර් මාසය දක්වා කල් තබන ලෙස දැනුම් දී තිබේ.
ජාතික රූපවාහිනියේ මෙම නවතම ප්‍රචාරණ වැඩපිළිවෙළට අනුව, වාහන මිලදී ගැනීමට අපේක්ෂාවෙන් පසුවන ජනතාවට තවත් මාස තුනක කාලයක් ඉවසීමෙන් පසුවන ලෙස උපදෙස් දෙනු ලැබේ.
ලබන සැප්තැම්බර් මාසය වන විට වාහන වෙළෙඳපොළේ පවතින තත්ත්වය සහ මූල්‍ය ප්‍රතිපත්ති වඩාත් ලිහිල් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බැවින්, "මම මෙය සැප්තැම්බර් මාසයේදී මිලදී ගන්නෙමි" (I will buy this in September) යන ආකල්පයෙන් යුතුව කටයුතු කරන ලෙස එමඟින් පාරිභෝගිකයින් දිරිමත් කර ඇත.
කෙසේ වෙතත්, බදු ඉහළ දැමීම හේතුවෙන් මෙරට වාහන වෙළෙඳපොළේ මිල ගණන් ඉහළ යා හැකි අතර, සැප්තැම්බර් මාසයෙන් පසු රජය ලබා දීමට නියමිත සහන මොනවාද යන්න පිළිබඳව ඉදිරියේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.


අර පොහොසත් රටක් කියන එකත් තව අවුරුදු 3 විතර කල් දාන්න.
ReplyDeleteලස්සන හෙටක් නේ. ඉවසන්න
Delete3න් ඉවර වුනොත් ඇති. ලංකාවෙ ඉන්නවනේ ගොන් බඳින කණු ලක්ශ 68ක්ම.
Deleteනොදකින්
ReplyDeleteසැප්තැම්බර් වෙනකොට ලක්ෂ 12 ට vitz එකක්ම ගන්නවා , මම හිත හදා ගත්තා
ReplyDeleteඔබ පැතු පොහොසත් රටකද අපි ඉන්නේ
හැබැයි කොරෝනා වෛරසයෙන් රට වහලා, සංචාරකයො එකෙක් වත් එන්නෙ නැති කාලේ, විදේශ ප්‍රේශන 0 වෙච්ච කාලේ, කඩවල්, කර්මාන්තශාලා වහපු කාලේ මුන් ගුරුවරුන්ගේ පඩි වැඩිවීම් ඉල්ලලා උද්ඝෝෂන කරේ. ඒ කාලෙත් උන් කැම්පේන් කරේ --අනේ අපේ හීන මුන් මරලා දැම්මා.... මුන්ට හෙන හතම ගහන්න ඕන කියලා...---. ඒ නිසා අපිට ඔය බබා හුකුන් වැඩක් නැහැ. අඩු මිලට වාහන ගන්න දීපියව්. නැත්තං මක බෑවිලා පලයව්.
ReplyDeleteGood one. National Pacha Party
Deleteමාස 3 නෙමේ. ඩොලර් එක උඩ යනවා බැලුම් වගේ 🎈🎈🎈. ඊට පස්සෙ බලාගන්න පුලුවන් සෝක් ආතල් ටිකක්. කොහොමද ඩොලර් එක 400ට විතර ගියාම ආතල් එක.
ReplyDelete