වර්තමාන රජයේ මුදල් අමාත්‍ය ධුරය භාරගන්නා ලෙස ආරාධනයක් ලැබුණහොත් එය කිසිසේත්ම භාර ගැනීමට තමන් සූදානම් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
නෙත් ගුවන් විදුලිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ, තමන් මේ වන විට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපතිවරයා ලෙස ඉටුකරන කාර්යභාරය ජනතාව පිළිගෙන ඇති බවයි.
කෙසේ වෙතත්, ජනතාවගේ කැමැත්තකින් තොරව තනතුරු භාර ගැනීමට තමන්ට හැකියාවක් නොමැති බවත්, ඒ සඳහා මැතිවරණයකින් ජයග්‍රහණය කර ජන වරමක් සහිතව පැමිණිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.
මීට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනයක් ප්‍රතික්ෂේප කිරීමට හේතුව පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ, අදාළ පාර්ශ්වයන් සමඟ එක්ව වැඩ කිරීමට තමන් සූදානම් නොසිටි බවයි.
"මට කෙටි කාලීන ඇමති පට්ටමක් තිබුණා කියලා ඒක මට අදාළ වෙන්නේ නැහැ. මම කොයි වෙලාවෙත් හිතන්නේ රට ගැනයි" යනුවෙන් පැවසූ හර්ෂ ද සිල්වා මහතා, තමන්ගේ සහ සමගි ජන බලවේගයේ අරමුණ වන්නේ මැතිවරණයක් ජයග්‍රහණය කර ජනතාවගේ කැමැත්ත මත රටේ වගකීම් භාර ගැනීම බව ද සඳහන් කළේය

Ehenam hamadama vipaksha nayaka samaga katauthu karamin sitiya haka.
ReplyDeleteඒ මොකටද යකෝ. 3% හාල්පාරුවොන්ට මුදල් ඇමතිකමට දාන්න එකෙක් නැති හැටි. ඇවිදින පුට්ටකාල බලාගෙන ගියාම ඇවිදිනව විතරයි. උන්ගේ පුට්ටකාලේ පොත් 2යි 3යි තියෙන්නේ. ඒ තියෙන්නෙත් නවකතා විතරයි නේ. පව් හැබැයි. හූ............................ හූ.........................
Deleteඅනිල් ජයන්ත ප්‍රනාන්දු කියන පල්ලි කාක්කා මූල්‍ය පිලිබඳ ආචාර්ය උපාධියක් තියෙන එකෙක්නේ. ඇයි එයාට බෑ වගේලුද?
Deleteඔව්. උඹ ඕක ගත්තොත් ඉතින් මාලිමාවෙන්ම ඡන්දෙ ඉල්ලල වරෙන්. සජබෙන් නම් ඡන්දෙ ඉල්ලන්න එපා හොඳේ.
ReplyDeleteඅනිවාර්යෙන්.. ඕකුන්ගේ ඔය 159ක් ඉන්නෙ. සියල්ල දත් සෙට් එකක්.
Deleteඇති යන්තං මොලේ තිබ්බා. අපිට නම් හිතුනේ පුදනකොටම කාපි යකා කියලා අර ඉරාන් වික්‍රමරත්න කියන පාදිලි උන්නාන්සේ ක්‍රිකට් ගත්තු ලෙසින් පැනල ගනී කියල. කොහොමත් යහපාලන කාලේ ආර්ථිකේ කෙලවන්න හොඳම එකෙන් කරපු එකෙක් තමයි මූ. සමාගම් වලට ලංකාවෙ ඩොලර් පිටරට ගෙනියන්න තිබුන නීති අයින් කරා, සමාගම් ඔක්කොම ඩොලර් ටික වෙන රටවල් වලට ගෙනිච්චා, අන්තිමට ලංකාවට තෙල් නැවක් ගන්න ඩොලර් මිලියන් 150ක් හොයා ගන්න නැති උනා.
ReplyDeleteගිලෙන නැවට මීයොවත් ගොඩවෙන්නෙ නෑ.
ReplyDeleteමූ මුදල් ඇමැටිකම ගත්තොත් ප්‍රශ්න විසදෙයි කියල හිතන ගොන් හිපාටුවො ගැන කණගාටුයි. වැඩ පුළුවන් ටීම් එකක් හිටපු රනිල්ගෙ ආණ්ඩුවටවත් මූව ගත්තෙ නෑ.
ReplyDelete