නුවරඑලිය මහ අධිකරණයෙන් (29) දින සිව් දෙනෙකුට පමණ දඩුවම නියම කර ඇති අතර, මරණ දඩුවම නියම වූ එක් චූදිතයෙකු සිරමැදිරියේ වැසිකිලිය තුලදී වස පානය කරීමෙන් පසු චූදිත නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නුවරඑලිය පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.
මෙසේ මරණ දඩුවම නියම කර ඇත්තේ නුවරඑලිය මහාධිකරණයේ විනිසුරු විරාජ් වීරසූරිය මහතායි.
2015 වසරේ නුවරඑලිය උඩුපුස්සැල්ලාව පොලිස් වසමේ පදිංචි 52 හැවිරිදි ගාමිණි දිසානායක නැමති සැකකරු විසින් තම බිරිදට 23 පලකට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කිරිමෙන් පසු මරණ දඩුවම නියම කිරිමෙන් පසු චුදිත බන්ධනාගාර සිර මැදිරිය තුලදී වස පානය කිරිමෙන් අනතුරුව චූදිත දැඩි ආරක්ෂාව මධ්‍යයේ නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.
1997 වසරේ වලපනේ තෙරිපැහැ ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි එස්.නන්දසේන නැමති සැකකරු උප තැපැල් ස්ථානාධිපතිවරයෙකු ගෙල කපා ඝාතනය කිරිම සම්බන්ධයෙන් මරණ දඩුවම මීට ප්‍රථම නියම කර තිබියදී චුදිත විසින් එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇපෑලක් ඉදිරපත් කර තිබූ අතර, එම ඇපෑලෙන්ද එම තීන්දුවම ලබා දී තිබුණි. මෙම නඩුව වසර 29ක් තිස්සේ විභාග වූ නඩුවකි.
2010 වසරේ තලවකැලේ පොලිස් වසමේ පදිංචි 75 හැවිරිදි මුත්තුවිරන් නැමති සැකකරු සහ ඔහුගේ පුතුන් දෙදෙනා සමග එක්ව පුද්ගලයෙකු ඝාතනය කිරිම සම්බන්ධයෙන් වැරිදිකරු වීම නිසා එම චූදිතයාටද මරණ දඩුවම නියම විය.
2000 වසරේ ගිනිගත්හේන කෙනිල්වත්තේ පදිංචි 51 හැවිරිදි ශන්මුගම් සිවරාජා නැමති සැකකරු පුද්ගලයෙකුට ගල්වලන් පහරදී ඝාතනය කිරිම සම්බන්ධයෙන් වැරදිකරැ බවට ප්‍රකාශ කරමින් එම චූදිතට මරණ දඩුවම නියම කරනු ලැබීය.
- රංජිත් රාජපක්ෂ

දාන්ඩ නෙගටිව් නිව්ස් මොන ලෝකෙන් හරි හොයා ගන්නව, බැයි නම් මවල දානව.
ReplyDeleteඒ කාලේ ලප කොටා වගේ නේද.
DeleteNegativity ඉස්සර වපුරලා වපුරලා දැන් උන්ටම කරකැවිලා කෙල වෙලා තියෙන්නේ..
දැන් ජෙප්පෝ පොසිටිව් වෙන්න හදන්නේ..
ඉස්සර ඒකට .. පිකටිං ,උද්ඝෝෂණ , වැඩවර්ජන , අවලාද, අධිරාජ්‍යවාදී , ධනපති ගැති ... හික් හික් කාලය මැව් වෙනසක අරු
Unta kelavunata kamak na. Habei dan un nisa apitath kelavena eka thama avula.
Deleteඔය නැති වෙච්ච මිනිහාට වස දුන්නේ JVP කාරයෙක් වෙන්ඩ බැරිද? මුන්ගේ වැඩේ දැන් සාක්ෂි මරණ එකනේ..Jeppo ටික ගියාම තමයි ඔය හැමදේම ඇත්ත නැත්ත හොයන්න වෙන්නෙ
ReplyDelete27 visi hataka ammata hikuda policya, pahara kalu coat karayo.. munam sapayak appa.. judges la kiyana pakai nadu kal danawa hitu mathe..
ReplyDeleteදැන් මරණ දඬුවම දෙන්නේ බල නහර 3ක් කපලලු
ReplyDelete