ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම වැඩි කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව වානිජ්‍ය බැංකුවලින් ඩොලර් මිලදී ගැනීම සිදු කරනු ලබන නමුත්, සංචිත ඉහල නංවා ගැනීමට හෝ ණය බර අඩු කරගැනීමට රජයට නොහැකි වීම ආර්ථික අර්බුදයක් ලෙස එළිදකිමින් ඇතැයි රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය වෙනුවෙන් නිකුත් කළ පුවත්පත් නිවේදනයේ දැක්වෙන්නේ, 2025 ජනවාරි මස රු. බිලියන 14,439.1 ක් වූ ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම (M2b), 2026 මාර්තු වන විට රු. බිලියන 16,585.7 දක්වා රු. බිලියන 2,146.1 (ට්‍රිලියන 2.1) කින් ප්‍රසාරණය වී ඇති බවයි. (මුලාශ්‍රය - ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා ආර්ථික දර්ශක 2026 මැයි 22 සහ 2025 මාර්තු 28)
පසුගිය මාස 15 තුල ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම (M2b) හෙවත් තාක්ෂණික වශයෙන් මුදල් අච්චු ගැසීම මගින් මහ බැංකුව මුදල් මැවීම සිදු කර ඇත්තේ මෙසේය.
වානිජ්‍ය බැංකු වෙතින් විදේශ මුදල් ලබා ගනිමින් විදේශ සංචිත ඉහළ නංවා ගැනීමට මහ බැංකුව මුදල් මැවීමක් (අච්චු ගැසීමක්) සිදු කරමින් සිටී. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය කොන්දේසි ඇනුව, සාම්ප්‍රදායික අර්ථයෙන් දෛනික මුදල් අවශ්‍යතා සඳහා මුදල් අච්චු ගැසීම සිදු කළ නොහැකි නමුත්, මහ බැංකුව එයට වක්‍ර උපක්‍රම යොදා ගනිමින් සිටී.
‘’මහ බැංකුව වානිජ්‍ය බැංකුවලින් රුපියල් ලබාදී ඩොලර් ලබාගන්නවා. මුදල් අච්චු ගසන්නේ නැතුව -- උත්පාදනය කරන්නේ නැතුව -- ඩොලර් ගන්න මහ බැංකුවට බෑ. මෙතන සිද්ධ වෙන්නේ මුදල් මැවීමක්. අච්චු ගැසීමක්. තෙන්නකෝන් මහතා පවසයි.
ලංකා අර්ථික අර්බුදය ලොව පුරා සිරස්තල මවමින් ඇත.
ලංකාවේ උද්ධමනය ගැන ගෝඨාභය සමයේ දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කළ Steve Hanke සිය අලුත්ම X පණිවුඩයේ ලංකාව ගැන දක්වන්නේ, INFLATION STORY = MONEY SUPPLY STORY ලෙසිනි.
මුදල් අච්චු ගැසීම ගැන, රංග සිරිලාල් X පණිවුඩයකින් පවසන්නේ, Rupee under pressure with Central Bank printing money:
Rupee depreciated 7.2% against the US dollar so far this year to 353.17 rupees from last weeks 327.35 & last years 299.61.
@CBSL printed 309.4 billion rupees in March bringing first three months printing to Rs.610.7 billion යනුවෙනි.
දිලිසෙන අලුත් සල්ලි කොළ
ජනපති අනුර කුමාර දිසානායකගේ අත්සන සහිත මුදල් නෝට්ටු මේ වන විට පුළුල් ලෙස දෛනික පරිහරණයට එක්වී ඇත. 2025 ජනවාරි 1 දිනට ට සංසරණයේ පැවති ව්‍යවහාර මුදල් රු. මිලියන 1,351,312 ක් විය. 2026 මැයි 22 ට එය රු. මිලියන 1,655,268 දක්වා රු. මිලියන 303,956 ක් වැඩි වී ඇත. මෙම මුදල් නෝට්ටු වැඩිවීම උද්ධමනය ඉහළයාමට සෘජු ලෙස බලපානු ලබයි.
විශ්වාසය පළුදුවීම
Free Lawyers සංවිධානය 2026 අප්‍රේල් 22 දින, මහා භාණ්ඩාගාර මංකොල්ලය අනාවරණය කිරීමෙන් පසුව තැපැල් දෙපාර්තමේන්තුව, අස්වැසුම, ජාතික සංවර්ධන බැංකුව, මහජන බැංකුව, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ආයතන රැසක මුදල් අතුරුදන් වීම පිළිබඳ කරුණු කරලියට පැමිණියේය.
පුළුල් මුදල් සැපයුම අසමාන්‍ය ලෙස ඉහළයාම, පිළිගත් ක්‍රමවේදයට පිටින් අන්තර් බැංකු ඩොලර් හුවමාරු අගය මත ‘ඩොලරයට’ උපරිම මිලක් නියම කිරීම සහ සංසරණයේ පැවති ව්‍යවහාර මුදල් ප්‍රමාණය (නෝට්ටු) ඉහළ යාම ගැන මහ බැංකුව විධිමත් කරුණු පැහැදිලි කිරීමක් මේ දක්වා සිදු කර නොමැත.
රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වෙමින් පවතින අතර, මහ බැංකුවේ අධිපතිවරයා වානිජ්‍ය බැංකු ප්‍රධානීන් හා බලයලත් මුදල් හුවමාරු ආයතන හිමිකරුවන් කැඳවා අවිධිමත් සාකච්ඡා දෙකක දී ඩොලරයේ අගය රු. 329/ 335 සීමාවේ පවත්වා ගැනීමට උපදෙස් ලබාදී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් අන්තර් බැංකු හුවමාරුව සඳහා ඩොලරයට රු. 330 ක පාලන මිලක් (නිල නොවන ලෙස) ප්‍රකාශයට පත් කර ඇත. ආනයනකරුවන්ට දින 90 ක් තුල මුදල් රටට ගෙන ඒමට දී තිබූ අවස්ථාව මේ වන විට දින 30 දක්වා සීමා කර ඇත. 2021 දී ද, රුපියල බාල්දුවීම වලක්වා ගැනීමට හා උද්ධමනය පාලනය කිරීමේ අරමුනින් මෙවැනිම පැලැස්තර විසඳුම් රැසක් එවකට රජය ක්රියාවේ යෙදවීය.
පොලී අනුපාත ඉහල දැමීම නොවැලැක්විය හැකිය
ඉදිරි දින කිහිපය තුල බැංකු පොලී අනුපාත ඉහලයාම නොවැලැක්විය හැකි වනු ඇත. එමෙන්ම, ඉන්ධන මිල හා එයට සමගාමීව සෑම භාණ්ඩයකට මිල ඉහළයාම බලාපොරොත්තු විය යුතුය.
විදේශ සංචිත එක තැන පල්වීම
2025 මාර්තු මස ඩො. මි. 6,531 ක් වූ විදේශ සංචිත 2026 අප්‍රේල් මස අවසානය වන විට වර්ධනය වී ඇත්තේ ඩොලර් මිලියන 6,759 දක්වා සොච්චමකින් පමණී. 2023 – 2024 වසරවල සෑම මසකට ඩො. මි. 175 බැගින් සංචිත වර්ධනය කර ගැනීමට මහ බැංකුව සමත් වූ නමුත්, ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම (M2b) ට්‍රිලියන 2.1 කින් වර්ධන වීමෙන් පසුව ද, සංවිත එක තැන පල්වෙමින් ඇත.
මේ මස 27 දින ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාමේ අය වැය මුල්යනයට ඩොලර් මිලියන 700 ක් ලබාදීමට නියමිත නමුත් එම මුදල ලැබෙන්නේ සංචිත වැඩි කර ගැනීමට නොව භාණ්ඩාගාරයේ දෛනික කටයුතු සඳහා (අය වැය පාලනයට) ය. එය සංචිත ගොඩනැගීමට යොදාගත නොහැකිය.
ණය බර වැඩිවීම
2024 නොවැම්බර් මස රු.බිලියන 28,240.22 ක් වූ මධ්‍යම රජයේ නොපියවූ ණය ප්‍රමාණය 2025 වසර අවසානය වන විට රු. බිලියන 29,994.69 දක්වා රු. බිලියන 1,754.47 කින් ඉහළ ගොස් ඇත.
පුළුල් මුදල් සැපයුම අසමාන්‍ය ලෙස ඉහළයාම, පිළිගත් ක්‍රමවේදයට පිටින් අන්තර් බැංකු ඩොලර් හුවමාරු අගය මත ‘ඩොලරයට’ උපරිම මිලක් නියම කිරීම, සංසරණයේ පැවති ව්‍යවහාර මුදල් ප්‍රමාණය (නෝට්ටු) ඉහළ යාම, රුපියල බාල්දුවීම හා සංචිත රැස් කර ගත නොහැකිවීම අද පවතින ආර්ථික අර්බුදයේ ප්රකාශනයන් ය.
මේ අර්බුදය විසඳා ගැනීමට රජය රටේ සිටින මුල්‍ය විශේෂඥයින්ගේ, බුද්ධිමතුන්ගේ හා වෘත්තිකයින්ගේ සහාය වහා ලබාගත යුතුව ඇත.
රජිත් කීර්ති තෙන්නකෝන්
විධායක අධ්යක්ෂ
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය


මුදල් අච්චු ගහන එක එකක්, සංසරණයට යොදවන එක වෙන එකක්. දෙක පටලවා ගන්ඩ එපා. සංසරණයට යොදවන්නේ උද්ධමණය පවත්වාගත යුතු අගයට විතරයි, එහෙම යොදවන්ඩ අවශ්‍ය වෙනකොට කලින් මුද්‍රණය කරපු නෝට්ටු භවිතා කරණවා. හැමදාම මුදල් නෝට්ටු සංචිත තියා ගන්නවා. අමතරව නිකුත් කරන්නේ භාවිතයෙන් ඉවත්වෙන මුදල් නෝට්ටු ප්‍රමාණයට ගලපලා විතරයි.
ReplyDeleteMoney printing හෙවත් මුදල් අච්චු ගැසීම ලෙස හැඳින්වෙන්නෙ මුද්‍රණ යන්ත්‍ර වලින් ප්‍රින්ට් කරන එක නොවේ. භාවිතයෙන් ඉවත් කරන ප්‍රමාණයට වැඩියෙන් සංසරණයට නිදහස් කිරීම.
Deleteමෙන්න හොරෙක් මහේ නම කොපි කරලා
Deleteනමක් නැත්තන් ගනින්කෝ පුණ්ඩසිරි, පූපසේන, අමනරත්න, තෘණභක්ෂ, ලබ්බපුරන්, මොට්ටපාල, අනුර, ගල් අඟුරු කුමාර, වසංගත සමරසිංහ, බික් කුච්චං, හිල්සමන්ත වගේ නමක්
සල්ලි අච්චු ගහන්න ජනාධිපති කෙනෙක් ඕනෙද
අපේ ගමේ අච්චු කන්තෝරුවෙත් ඕක කරන්න පුළුවන්.
එහමත් නැත්තන් චාමර සම්පත් කියන ආකරයට අපේ කතානායක තුමාටත් පුළුවන් අච්චු ගහන්න
ප්‍රින්ටින් කියන්නෙ ප්‍රින්ට් කරණ එකට නෙවේ නම් මොන මඟුලකටද බන් ප්‍රින්ටින් කියන්නෙ. සංසරණයට එකතු කරණවට කියන්නේ ස'ක්යුලේෂන් (circulation) කියලා. දන්න ලබ්බක් කථා කොරපන් කෝ. (අනිත් එකා පතිරණ ගලප්පත්ති නාමය කොපි කරපු අපතයෙක්, ඌ කරලා තියෙන්නේ ප්‍රින්ටින් නෙවේ කොපි (copy))
Deleteමුං රට කනවා ඉස්සරහට එන කාටවත් ගොඩගන්න බැරි වෙන්න
ReplyDelete2022 ubala ithuru karala da giye.. Gon buruwa
Delete"IMF නොතකා " FAKE NEWS BY LANKA C NEWS
Deleteනන්දලාල් සහ ඔකාගේ සියලුම පවුලේ උන්ගේ වත්කම් වෝහාරික විඝනනයකට ලක් කරව්.. ඔය හුත්තා මේ අර්බුදයෙන් හම්බ කර ගත්ත හැටි හෙළි කොට ... රාජ්‍යයට කල පාඩුවට සාදාරනය ඉටු කරව් .. කාලකන්නි වේසා බල්ලා වාහාම ඉවත් කොට යුක්තිය ඉටු කරනු. එසේ නොවේ නම් ඔය හොරාත් අර්ජුන් මෙන් ඔසී ගොස් සැඟවෙනු ඇත.
ReplyDeleteමීට බල නහර බලකාය - ටිංටිං
Delete