IMF ණය වාරික දෙකක් එකවර ලැබුණත් අදත් රුපියල බාල්දුයි.. ඩොලරය යලි උඩ යයි...


 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම විනිමය අනුපාත දත්ත වලට අනුව, ප්‍රධාන විදේශීය මුදල් ඒකක හමුවේ ශ්‍රී ලංකා රුපියලේ අගය සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබේ.

ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 324.45 ක් ලෙස සටහන් වූ අතර, එහි විකුණුම් මිල රුපියල් 334.24 ක් දක්වා ඉහළ ගොස් ඇත. 

බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමක ගැනුම් මිල රුපියල් 434.70 ක් සහ විකුණුම් මිල රුපියල් 450.24 ක් ලෙස සටහන් විය. 

යුරෝපීය යුරෝ ඒකකයක ගැනුම් මිල රුපියල් 376.50 ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 390.50 ක් ලෙසත් සටහන්  විය.

2 Comments

  1. ණය ගත්තම කොහොමද රුපියල වැඩිවෙන්නේ

    ReplyDelete
  2. සමස්ථ සමාජයක් මීහරකුන් ලෙසට.. දිනෙන් දින වලපල්ලට රැගෙන යෑමේ සත්‍ය සහ යථාර්ථය රජයේ යමකු මේ අතර සිටීනම් සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කරැණාකර පහදා දෙන්න.May 29, 2026 at 8:09 PM

    ''අයි ඵම් ඵෆ්'' ආර්ථික අළුගෝසුවන්ගෙන් ණයට අරගෙන තෙල් ගෑස් පොහොර ගේන මන්දමානසික ආන්ඩුව බොහෝ සවාභාවික සම්පත් තාකෂණය සහිත අත්‍යාවශ්‍යම රාජතානත්‍රක සහකරැ වන රැසියාව මගහැර යෑම සහ,.
    රැසියාව සමග දීර්ගකාලීන ලෙසට ගිවිසුම්ගතවී තෙල් ගෑස් පොහොර ඇතුළුව බොහෝ ආර්ථික වාසි තාකෂණීක සහයෝගය, ආරකෂාව මගහැර යාමේ රහස..

    අනුරකුමාර ජනාධිපති ඇතුළු මාලිමා කොලු කුරැට්ටන් ප්‍රතිපත්තියක් දර්ශණයක්,හෝ
    අඩුම තරමේ යතාවාදී දැක්මක් සැලසුමක් වත් නොමැතිව ,.

    වහලුන් මීහරකුන් ලෙසට ''අයි ඵම් ඵෆ්'' බටහිර කෙවිට මගින් දක්කාගෙන සමස්ථ සමාජයක් මීහරකුන් ලෙසට..
    දිනෙන් දින වලපල්ලට රැගෙන යෑමේ සත්‍ය සහ යථාර්ථය රජයේ යමකු මේ අතර සිටීනම් සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කරැණාකර පහදා දෙන්න.

    ReplyDelete
Previous Post Next Post