Rebuilding Sri Lanka අරමුදල වෙත රුපියල් බිලියන 6.1 කට අධික මුදලක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 11.4 ක මුදලක් ලැබී ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය නිල වශයෙන් තහවුරු කර තිබේ.
සමගි ජන බලවේගයේ (SJB) සංවිධායක රිහාන් ජයවික්‍රම මහතා විසින් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත (RTI) යටතේ ජනාධිපති කාර්යාලයෙන් කරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වමින් එම කාර්යාලය විසින් මේ බව ලිඛිතව දන්වා ඇත.
ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (තොරතුරු නිලධාරී) ජී.ජී.එස්.සී. රොෂාන් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නිල ලේඛනවලට අනුව, 2025 නොවැම්බර් 28 සිට 2026 අප්‍රේල් 23 දක්වා කාලය තුළ මෙම අරමුදල වෙත මුදල් ලැබී තිබේ
ජයවික්‍රම මහතා විසින් එම අරමුදලට මුදල් ලබාදුන් පරිත්‍යාගශීලීන්ගේ ලැයිස්තුව පිළිබඳව තොරතුරු ඉල්ලා සිටි අවස්ථාවේදී ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ "එම ඉල්ලා ඇති තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලය සතුව නොමැති" බවයි.
මෙම අරමුදලෙන් සිදුකරන ලද මුදල් බෙදා හැරීම්, ප්‍රතිලාභීන් කවුරුන්ද යන්න, ප්‍රසම්පාදන විස්තර, කොන්ත්‍රාත්කරුවන් සහ ඊට අදාළ අධීක්ෂණ වාර්තා පිළිබඳව විමසූ විටද, ජනාධිපති කාර්යාලයේ මූලික පිළිතුර වී ඇත්තේ එම තොරතුරු "ලබාගත නොහැක" යන්නයි.
මෙම "ශ්‍රී ලංකා ගොඩනැගීමේ" අරමුදලට අදාළව කිසිදු විගණන වාර්තාවක් (Audit reports) නොමැති බව ජනාධිපති කාර්යාලය විසින් ප්‍රකාශ කර ඇත.



ජනාධිපතිගේ මිතුරු රසල් අපොන්සු හරහා කරන ලද වංචාවන් ද එලියට එන වගයි. ඊ ළඟට එන්න තියෙන්නේ හොරාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාරගේ ගැහිලි ටිකයි.
ReplyDelete