එරාන් වගේ තවත් UNP, SJB දක්‍ෂයන් එක් කරගෙන තනතුරු දෙන්න සූදානම්..- බිමල්


 එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ සිටින දක්ෂ මෙන්ම අවංක හැකියාවන් සහිත පුද්ගලයන්ට ඉදිරියේදී රජයේ විවිධ වගකීම් සහ අවස්ථා ලබාදීමට රජය සූදානම් බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ස්වර්ණවාහිනී නාලිකාවේ "රතු ඉර" වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ආණ්ඩුවක් පවත්වාගෙන යාමේදී පක්ෂයක දෘෂ්ටිවාදයට පමණක් සීමා නොවී ජාතික අවශ්‍යතාවයන් වෙනුවෙන් කටයුතු කිරීම රජයේ අරමුණ බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

පක්ෂයක් ලෙස කටයුතු කරන ආකාරයට නොව රටක් පාලනය කිරීමේදී පුළුල් දායකත්වයක් අවශ්‍ය බවත්, රජය පිහිටුවීමේදී පවා ජාතික ජන බලවේගයට ඡන්දය නොදුන් පිරිස්වල දායකත්වය ලබාගෙන ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව වැනි ජාතික සම්පතක් නගාසිටුවීම ජාතික අවශ්‍යතාවයක් බවත්, ඒ සඳහා සුදුසු දක්ෂ කළමනාකරුවන් තෝරාගැනීමේදී ඔවුන් සමගි ජන බලවේගයේද නැතහොත් එක්සත් ජාතික පක්ෂයේද යන්න සලකා නොබලන බව අමාත්‍යවරයා පැවසීය.

"අවංක හැකියාවක් තිබෙන පුද්ගලයන් නම් ඉදිරියටත් ඔවුන්ට ඕනෑ තරම් වගකීම් සහ අවස්ථා ලබාදීමට අපි කැමැත්තෙන් ඉන්නවා" යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ හිටපු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කිරීම මෙයට කදිම උදාහරණයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රාජ්‍ය ආයතනවල පවා එවැනි දක්ෂයන්ට වගකීම් පැවරීමට රජය පසුබට නොවන බව ප්‍රකාශ කළේය.

කුමාර සංගක්කාර, සිදත් වෙත්තමුණි සහ රොෂන් මහානාම වැනි ප්‍රවීණයන් සමඟ එක්ව ක්‍රිකට් ක්‍රීඩාව පරිවර්තනයකට ලක් කිරීමේ වගකීම මෙලෙස පක්ෂ බේදයකින් තොරව දක්ෂයන්ට පවරා ඇති බවත්, මෙය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දැක්ම බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය

8 Comments

  1. තවත් බෝන් අගේන් ක්‍රිස්තියානි කල්ලියේ උන්ට වෙන්න ඈති.....මේ ඔක්කොම මෙහෙයවන්නේ කොටි ඩයස්පෝරාව....මොකද කොටි ඔක්කොම බෝන් අගේන් ක්‍රිස්තියානි ...උන්ට ඕනා බුද්දාගම ලන්කාවෙන් තුරන් ක්‍රන්න ජෙප්පොන්ට උදව් කරන්න

    ReplyDelete
  2. පොහොසත් රටක් ලස්සන ජිවිතයක්May 3, 2026 at 10:36 PM

    මතක ඇතුව එරාන් වගේ දක්ෂ අයම සජබයෙන් පමණක් තෝරාගන්න. දැනටමත් එරාන් ලංකාවේ ක්‍රිකට් වල තිබුන ලොකුම ප්‍රශ්නය විසඳලා ඉවරයි . බැටින් බෝලින් කොහොම වුනත් ජාතික පදනම මත කණ්ඩායම තෙරුවම ඔක්කොම හරි.

    පුහුණු වීම අනවශ්‍යයි.

    මේවගේ පොරවල් කීපයක් කොහෙන් හරි අල්ලලා දා ගත්තනම් මරේ මාරු.

    අනේ පුලුවන්නම් අපේ සජියටත් මොකක් හරි ගතමනාවක් එන විදියම් සැට් කොරලා දෙන්න හොඳේ .

    ReplyDelete
  3. මාලිමාව යූඑන්පීකරනයට ලක්වෙලා. අපොයි ලක්ස හැට අටකට ගිය කලක්.

    ReplyDelete
  4. Palewatte saloon door open. ha.....ha...haaaaa

    ReplyDelete
    Replies
    1. dobila eliyata

      cleaning srilanka can continue garbage cleaning

      Delete
  5. Ubala chande kaale kivvenam vena paksha valin kauruth ganne na ithin enna ahannath epa kiyala. Hoooo.!

    ReplyDelete
  6. පහුගිය පාර්ලිමේන්තු මැතිවරණ කාලෙදි හිටියෙ මුං හිටියෙ ඔළුව උදුම්මවාගෙන. වෙන පක්ෂවලට එවුංට නොමිනේෂන් දෙන්නෙ නෑ. උං හොරු බ්ලා..බ්ලා තමයි කිව්වෙ. මොකුත්ම නොදන්න ගොබ්බයො තමයි වැඩිපුරම 159 අතරෙ ඉන්නෙ. දැන් මුංට ආණ්ඩුව කරගෙන යන්න දැනුම සහ පලපුරුද්ද ඇති එවුං නෑ. ඉතිං හොරු කියපු එවුංම නොගෙන කොහොමද?

    ReplyDelete
  7. හර්සගෙ කට වහන්න මොනව හරි කරන්න වෙලා වගේ😂😂😂 පුට් නෝට් දාල පුරුදු නිසා අවුලක් නැති වෙයි

    ReplyDelete
Previous Post Next Post