රජයේ සිල්ලර අලෙවිසැල් ජාලය වන "ලංකා සතොස" අලෙවි අංශය මගින් සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසයන්හිදී දිවයින පුරා පිහිටි සියලුම සතොස අලෙවිසැල් ශාඛා ජාල ඔස්සේ මෙම මාසික දිනුම් ඇඳීමේ තරඟය පවත්වන ලදී.
එහිදී ලංකා සතොස පාරිභෝගිකයන්ගෙන් ලද කූපන් පත් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් අතරින් වාසනාවන්ත ජයග්‍රාහකයන් තෝරා ගැනීම සිදුකෙරිණ.
ඒ අනුව තරඟයේ පළමු ත්‍යාගය වූ රුපියල් ලක්ෂ 49ක් වටිනා BAW ඉලෙක්ට්‍රික් මෝටර් රථය දිනා ගැනීමට වාසනාව ලැබූ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි R තනුලි නතායා වෙත එම මෝටර් රථය පිරිනැමීම සංකේතාත්මකව සිදු කෙරුණේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ සුරතිනි.
මීට අමතරව රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා Yadea ඉලෙක්ට්‍රික් ස්කුටර්, විශේෂ ගෘහ භාණ්ඩ කට්ටල, ස්මාර්ට් ජංගම දුරකථන 100ක් ත්‍යාගලාභීන් වෙත ලබාදීම ද මෙහිදී සිදුකෙරිණ.
මෙම ත්‍යාග ප්‍රදානයන් සඳහා ලංකා සතොස සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් වසන්ත දිසානායක මහතා, ලංකා සතොස අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඇතුළු පිරිසක් එක්විය.
මීට අමතරව ලංකා සතොස සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් ශාඛා මට්ටමින් පැවැත්වූ "සතොස අවුරුදු කුමරා සහ කුමරිය" තරඟාවලියේ ජයග්‍රාහකයන්ටද රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා ඉලෙක්ට්‍රික් ස්කුටර් පිරිනැමීම ද මෙහිදී සිදුකෙරිණ.
"සතොස නිකිණි වාසනා” නව ප්‍රවර්ධන වැඩසටහන හඳුන්වාදීම ද මීට සමගාමීව සිදුකෙරිණ.
රුපියල් කෝටියක් පමණ වටිනා ගෘහ උපකරණ ජයග්‍රාහකින්ට ලබාදීම මෙම ප්‍රවර්ධන වැඩසටහනේදී සිදුකෙරෙන අතර ඒ සදහා ලංකා සතොස සැපයුම්කරුවන් අනුග්‍රාහකත්වය දක්වයි. රුපියල් 2500ට වැඩි සෑම භාණ්ඩ මිලදී ගැනීමක් ඔස්සේ තරඟය සඳහා ඇතුළත්වීමට සුදුසුකම් ලැබේ.
විනිවිදවභාවයකින් යුක්තව සිදු කෙරෙන දිනුම් ඇදීමකින් තෝරාගන්නා වාසනාවන්ත ජයග්‍රාහකයින්ට ලංකා සතොස විසින් අඟල් 32 LED රූපවාහිනී 10ක්, දොර දෙකේ ශීතකරණ 10ක්, රෙදි සෝදන යන්ත්‍ර 10ක්, එයාර් ෆයර් 10ක්, මයික්‍රෝවේව් අවන් 10ක්, බ්ලෙන්ඩර් 25ක්, වෝල් ෆෑන් 50ක්, ගෑස්කුකර් 50ක්, ස්ටීම් අයන් 100ක් ඇතුළු ත්‍යාග පිරිනැමීමට නියමිතයි.


තෑගි දෙනකොට හොඳ කොමිස් ගහන්න පුළුවන් තෑගි ගන්න මුවාවෙන්
ReplyDeleteමෙව්වා ඉතින් මොළ ගෙනාපු නැව්. දැන් උඹ අළුත් අවුරුද්දට කාට හරි සරමක් තෑගි දෙනවා. එතකොට උඹ කීයක් කොමිස් ගහ ගන්ඩ පුළුවන් වෙනවද??
DeleteTo Pathirana dobiyata,
DeleteA personal gift is different from an institutional gift like what happened here; you can easily make a commission from such gift purchasing from institutional funds
Too much laundering affects reasoning it seems !!!
Hello Mr. Anonymous,
DeleteThis is not a gift. This is a jackpot won by a lottery, specifically designed for Sathosa customers. The lotteries are designed in a specific way so that the jackpot is determined at the beginning at a base rate (i.e., a minimum amount, which is typically a very large prize). The jackpot is then snowballed if there are more sales. However, in this case, irrespective of the additional sales, the jackpot even stayed a constant. All additional sales occurred as a result of the promotion were also counted towards the revenue and thereby the profits of the institution. The process is called PROMOTION for enhancing sales. All the commercial institutions around the world do such promotions.
ගිය අවුරුද්දෙත් මිලියන ගානක් අලාභ ආයතන
ReplyDelete