ඉතා වේගයෙන් පැතිර යන නව ඩෙංගු වෛරස් ප්‍රභේදයක්..- අගමැතිනි


 ඉතා වේගයෙන් පැතිර යන නව ඩෙංගු වෛරස් ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අනාවරණය කරයි.

මෑතකාලීනව රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයට හේතුව මෙම නව තත්ත්වය බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, සිදුවෙමින් පවතින මර්දන වැඩපිළිවෙළ හේතුවෙන් රෝග ව්‍යාප්තියේ යම් පාලනයක් දෘශ්‍යමාන වන බව ද ප්‍රකාශ කළාය.

වාද්දුව ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැති ආගමික උත්සවයකින් අනතුරුව මහා සංඝරත්නය සමඟ පැවැති සුහද කතාබහකදී ඇය මේ බව සඳහන් කර සිටියාය.

කොළඹ දිස්ත්‍රික්කය තුළ රෝග ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතින අතර මහරගම ඇතුළු කොළඹ තදාසන්න ප්‍රදේශවල තත්ත්වය වඩාත් බරපතළ වී ඇත.

නිවාසවලට වඩා පොදු ස්ථාන, රාජ්‍ය හා පෞද්ගලික කාර්යාල, පාළු ඉඩම් මෙන්ම ඉදිකිරීම් අතරමග නතර කර දමා ඇති පරිශ්‍රයන්හි මදුරු ව්‍යාප්තිය බහුලව දක්නට ලැබේ.

පාසල් තුළ රෝගය පැතිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය නීතිමය උපදෙස් හා චක්‍රලේඛ නිකුත් කර ඇති බැවින්, ඒවා නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ පූර්ණ වගකීම විදුහල්පතිවරුන් සතු වේ.

මේ වසරේ මෙතෙක් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 30ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 49,000කට ආසන්න වී තිබේ.

දිස්ත්‍රික්ක 14ක් පුරා රෝගය දරුණු ලෙස පැතිර යන අතර, සමස්ත රෝගීන්ගෙන් 25,000කට වඩා වැඩි පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතිනි.

රෝගීන් බහුල වීම හේතුවෙන් ජාතික රෝහල, අයි.ඩී.එච්. (IDH), කළුබෝවිල සහ ගම්පහ ඇතුළු ප්‍රධාන පෙළේ රෝහල් රැසක් මේ වන විට උපරිම ධාරිතාවට පත්ව ඇත.

වත්මන් තත්ත්වය පාලන සීමාවෙන් ඔබ්බට ගොස් මහා පරිමාණ අධි-වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ බරපතළ අවදානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය எச்சරිකා කරයි. 

මේ අතර, මදුරුවන් බෝවන පරිදි වටපිටාව අපිරිසිදුව තබාගත් පුද්ගලයන් 5,000කට පමණ එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවත්, එවැනි පිරිස් සොයා වැටලීම් අඛණ්ඩව සිදුකරන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

8 Comments

  1. බටහිර බදු ඵ්ජන්ත අනුර දිසානායක වහා ඉවත්වනු,.!June 27, 2026 at 5:54 PM


    ඩොලර් 65ට ලබාගතහැකි ලාබදායි රැසියානු බොර තෙල් මගහැර ඩොලර් 700 බොරතෙල් මිලටගෙන ජනතාව සූරා කන දූශිත මාළිමාව පලවා හැරීමට සියල්ල සූදානම්,. !

    ReplyDelete
  2. ඩෙංගු වෛරස් ප්‍රභේදයක්


    thope nohakiyawata wayrase pali naha

    ReplyDelete
  3. වටපිටාව නෙවෙයි තොපේ නගර සභාවලට ප්‍රාදේශීය සබාවලට කියහන් පාරවල්වල් කාණු ඇළවල් කුනු වලවල් මදුරුවො බෝවෙන අතහැරල දාපු ඉඩම් සුද්ද කොරන්න කියල.

    ReplyDelete
  4. දඩ ගැහුවම මදුරුවො බය වෙයි. ආප්ප ගහපන් වේසාවි

    ReplyDelete
  5. Rata karana thopee karumeta thamai oowa wenne

    ReplyDelete
  6. Meki Mahathmiya wenne kohomeda menaviyane.. badala nane.

    ReplyDelete
  7. මේ හු_ _ _ දන් පන්සල් ගානේ බඩගානවා දුෂිත දේශපාලකයන්ගේ අවසාන නැවතුම්පල පන්සල කියලත් පච කොටා කියුවා

    ReplyDelete
  8. මේ ගෑනි තරම් වෛරසයක් තවත් නෑ.

    ReplyDelete
Previous Post Next Post