විදුලිය, ගෑස් සහ ඉන්ධන සඳහා අයකරන ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් මෙරට ව්‍යාපාරිකයන් තමන් සතු කර්මාන්ත අත්හැර දමා විදේශගත වීමේ සූදානමක පසුවන බව දේශීය ව්‍යවසායකයන් බලගැන්වීමේ සංවිධානය අනතුරු අඟවයි.
පවත්නා ඉන්ධන අර්බුදය මධ්‍යයේ වුවද කුඩා පරිමාණයේ නිෂ්පාදකයන් සිය නිපැයුම් වෙළෙඳපොළ වෙත ප්‍රවාහනය කරනු ලබන්නේ තමන් සතු කුඩා වාහන භාවිතයෙන් බැවින්, මෙම මිල ඉහළ දැමීම ඔවුන්ට සෘජුවම බලපාන බව එම සංවිධානයේ ලේකම් පුෂ්ප කුමාර කරුණාරත්න මහතා පවසයි.
මේ නිසා මතුවන අතිරේක නිෂ්පාදන පිරිවැයෙහි බර පාරිභෝගික ජනතාව මත පැටවීම වැළැක්වීමට නම් රජය වහාම මැදිහත් විය යුතු බව ද ඔහු අවධාරණය කරයි.
ලේකම්වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ වත්මන් පාලනය බලයට පත් වූයේ පවතින ක්‍රමය වෙනස් කරන බවට පොරොන්දු වෙමින් බවයි.
දේශයේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙනයා හැක්කේ ව්‍යවසායකයන් ආරක්ෂා කිරීමෙන් පමණක් බව පෙන්වා දෙන ඔහු, ඔවුන් ගමන් කරන සංවර්ධන මාවත අහුරා නොදමන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.
එසේ නොමැති වුවහොත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මෙරට හැර දමා විදේශයන් වෙත සංක්‍රමණය වී තමන් සතු වෘත්තීය දැනුම වෙනත් රටවල ප්‍රගතිය උදෙසා යෙදවීමට පෙළඹෙනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.
වත්මන් වටපිටාව තුළ ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් ලාභයක් ඉපැයීම අතිශය දුෂ්කර වී ඇති බවත්, බලයට පත්වීමට පෙර ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් එවකට විපක්ෂය දැක්වූ අදහස් අද වන විට පාලකයන්ට අමතක වී ඇති බවත් හෙතෙම චෝදනා කරයි.
මේ හේතුවෙන් රජය වහාම ක්‍රියාත්මක වී පනවා ඇති බදු ලිහිල් කරමින් ඉන්ධන මිලෙහි සහනයක් ජනතාවට මෙන්ම දේශීය ව්‍යාපාරික ප්‍රජාවට ලබා දිය යුතු බව ද පවසන ලේකම්වරයා, එසේ නොවුණහොත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මෙරටින් පිටව ගොස් ඉහළ ආදායම් උපයමින් සිය ශ්‍රමය හා ඥානය විදේශයන්ට ලබා දීම වැළැක්විය නොහැකි වනු ඇති බව ද අවධාරණය කළේය.

මාලිමා පචයන් කීවේ පවතින ක්‍රමය වෙස් කරනවා කියා. උන් ඒක කළා. හොඳ හෝ නරක අතට වෙනස් කරන්න පුලුවන්. මු'ං නරක අතට වෙනස් කලේ. අවුරුදු 76 ක සාපය අමතක වෙන්න මුං ජනතාවට වින කරනවා.
ReplyDeleteදේශීය ව්‍යාපාරික වේසියො කොහෙ යන්නද බන්? බොරු ගහන්නෙ නැතිව ඉදපන්
ReplyDeleteඕක තමයි ජෙප්පදු මානසිකත්වය
Delete