ඉන්ධනවලින් තාමත් විශාල පාඩුයි.. මිල වැඩි කලේ වෙලදපල කඩා නොවැටෙන්නයි..- ඇමති


පසුගියදා සිදුකළ ඉන්ධන මිල සංශෝධනයෙන් පසුව වුවද, රජය සහ තෙල් සංස්ථාව තවමත් ඉන්ධන අලෙවි කරනු ලබන්නේ විශාල පාඩුවක් දරමින් බව බලශක්ති අමාත්‍යවරයා පවසයි.

මැයි මස 30 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මිල ඉහළ දැමීමට තීරණය කළේ දේශීය ඉන්ධන වෙළඳපොළ කඩා වැටීම වැළැක්වීමට සහ අඛණ්ඩ සැපයුම සහතික කිරීමට බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

අමාත්‍යවරයා පෙන්වා දෙන පරිදි, අප්‍රේල් මාසය අවසානය වන විට දත්ත අනුව ඩීසල් ලීටරයක් සඳහා යන සමස්ත පිරිවැය රුපියල් 850ක් ලෙස සටහන් විය. කෙසේ වෙතත්, එවකට වෙළඳපොළේ ඩීසල් ලීටරයක් අලෙවි වූයේ රුපියල් 392කටය. 

මෙහිදී රජය රුපියල් 100ක බරක් දරන අතරතුර පවා, ඛනිජ තෙල් සංස්ථාව එක් ඩීසල් ලීටරයකින් රුපියල් 258ක පාඩුවක් විඳීමට සිදුව ඇති බව අමාත්‍යවරයා අනාවරණය කළේය. ඩීසල් වලට අමතරව පෙට්‍රල්, භූමිතෙල් සහ සුපර් ඩීසල් යන සියලුම වර්ග මේ වන විට අලෙවි කරනු ලබන්නේ පාඩුපිට බව හෙළි විය.

මැද පෙරදිග පවතින යුදමය වාතාවරණය සමනය වී ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල පහත වැටෙනු ඇතැයි රජය බලාපොරොත්තු වූවද, එම තත්ත්වය තවමත් උදා වී නොමැති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මෙම තත්ත්වය හමුවේ මිල සංශෝධනයක් සිදු නොකළේ නම් ඉන්ධන සැපයුම අඩාල වී ඉන්ධන වෙළඳපොළ කඩා වැටීමේ අවදානමක් පවතින බව ඔහු පෙන්වා දුන්නේය.

එවැනි බිඳ වැටීමක් හරහා විදුලි සැපයුමට සහ කර්මාන්ත වලට දැඩි බලපෑම් එල්ල වෙමින් සමස්ත ආර්ථිකයම කඩා වැටීමේ අනතුරක් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පාරිභෝගිකයා මත පැටවෙන බර අවම කිරීම සඳහා රජය තවදුරටත් රුපියල් 100ක පමණ ප්‍රමාණයක් අඛණ්ඩව දරන බවත්, ඉතිරි පිරිවැය සංස්ථාව සහ පාරිභෝගිකයා අතර බෙදී යන පරිදි මෙම මිල සංශෝධනය සිදුකර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය

5 Comments

  1. Padu ?

    kanchange komis eka hinda

    ReplyDelete
  2. ඉතින් බලාගෙන ඉන්නෙ ඇයි.? තව වැඩි කරපල්ලා.. තොපිට සංස්ථාවේ නාස්තිය, හොර වැඩ, ගසා කෑම් , පාලනය කරගන්න බෑ. වැඩිපුර සේවකයෝ සිය ගනන් නිකම් පඩි ගන්නවා. OT ගහනවා ගෙදර ඉඳන්.. ඒවා පාලනය කරගන්න බෑ. පුළුවන් එකම දේ දැන් පාඩුයි .. ඔන්න පාඩුයි.. කිය කිය ඒ සේරම පව් රටේ මිනිස්සුන්ගේ කර උඩ තියල මිල වැඩි කරන එකයි. ඒකට ඇමතියෙක් ඕන නෑ. පාඩු වුනාට කෝටි ගනන් බෝනස් ගෙවන්න සල්ලි තියෙනවා.

    ReplyDelete
  3. උඹලට ඉස්සරහට වෙන්නේ අර කහදගමය වගේ මහ පාරේ අයිනේ ගුටි කාලා 'අනේ අයියෝ මාව කවුරු හරි හොස්පිටල් එකට ගිහින් දාන්න අයියෝ' කිය කිය වැලපෙන්න.මේ ගමන වෙනසකට තියෙන්නේ උඹලට කඩේ ගිය ඩෝබිලටත් ඒ වැඩේ වෙන එක.

    ReplyDelete
  4. මේ කතාව ඇත්ත තමයි කියලා මටත් හිතුනා. අන්තර් ජාතික වෙළෙඳ පොළේ තියෙන වැඩිම මිලට ගත්තම ඒ මිලට වැඩියෙන් විකුන්න්න ඕන කියන සරල කාරණාව මට විතරක්ද දන්නෙ නැහැ තේරෙන්නේ?

    ReplyDelete
  5. Gal anguruwalin padu nedda.

    ReplyDelete
Previous Post Next Post