ජනතා විමුක්ති පෙරමුණේ නායක වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහිව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් පවරා තිබූ රුපියල් බිලියනයක (රුපියල් කෝටි 100ක) අලාභය ඉල්ලා සිටි සිවිල් නඩුව ප්‍රතික්ෂේප කරමින් කොළඹ අතිරේක දිස්ත්‍රික් අධිකරණය ලබා දී තිබූ නියෝගය බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහාධිකරණය විසින් ඉවත දමා ඇත.
සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරුවරුන් වන චින්තක ශ්‍රීනාත් ගුණසේකර සහ එච්. එස්. පොන්නම්පෙරුම යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
ඒ අනුව, අදාළ මුල් නඩු වාර්තා වහාම කොළඹ දිස්ත්‍රික් අධිකරණය වෙත යොමු කිරීමටත්, නඩුව නැවත විභාගයට ගැනීමටත් මහාධිකරණය විසින් නියෝග කර තිබේ.
2019 පැවැති ජනාධිපතිවරණ සමයේදී තමන් ප්‍රබල දේශපාලන ව්‍යාපාරයක නිරත වූ බවත්, එය සෙසු දේශපාලන පක්ෂවලට තර්ජනයක් වූ බැවින් තමන්ගේ කීර්තිනාමය කෙලෙසීමේ අරමුණින් විත්තිකරුවන් කටයුතු කළ බවත් පැමිණිලිකාර නාගානන්ද කොඩිතුවක්කු මහතා වෙනුවෙන් අධිකරණයේදී කරුණු දක්වා තිබුණි.
පැමිණිල්ලේ සඳහන් කර ඇති ආකාරයට, ජනතා විමුක්ති පෙරමුණේ (7 වන විත්තිකරු) මෙහෙයවීම මත එහි පළමු විත්තිකරු වන ඕෂල හේරත් නැමැත්තා විසින් සමාජ මාධ්‍ය (Facebook) ඔස්සේ පැමිණිලිකරු වංචාකරුවෙකු සහ සොරෙකු ලෙස හඳුන්වමින් ද්වේෂසහගත ප්‍රකාශ නිකුත් කර ඇත.
එමෙන්ම, පැමිණිලිකරු බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අහෝසි කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී එය වැළැක්වීමට කටයුතු කිරීම, මැතිවරණ අරමුදල් වංචා කළ බවට චෝදනා කිරීම, සහ විදේශගත ශ්‍රී ලාංකිකයන් මුලා කර රුපියල් මිලියන 600-750 ක මුදලක් එකතු කිරීමට උත්සාහ කළ බවට මැතිවරණ කොමිසම හා පොලීසිය වෙත පැමිණිලි කිරීම මඟින් තමන්ට බරපතළ අගතියක් සිදු කළ බව පැමිණිලිකරු පවසා තිබුණි.
මීට අමතරව, අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සහය දෙන ලෙස 1 වන සහ 6 වන විත්තිකරුවන් තමන්ට බලපෑම් කළ බව ද පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම ක්‍රියාවන් හේතුවෙන් තමන්ගේ කීර්තිනාමයට සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියනයක වන්දියක් විත්තිකරුවන්ගෙන් සමගාමීව සහ වෙන් වෙන් වශයෙන් අය කර දෙන ලෙස ඉල්ලමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් කොළඹ දිස්ත්‍රික් අධිකරණයේ DMR 1300/21 යටතේ නඩුවක් පවරා තිබුණි.
එහිදී විත්තිකරුවන් විසින් මතු කරන ලද මූලික විරෝධතාවලින් පසුව, 2023 මැයි 31 වන දින කොළඹ අතිරේක දිස්ත්‍රික් විනිසුරුවරිය විසින් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 46(2) වගන්තිය ප්‍රකාරව නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ පැමිණිල්ල ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තාය. දිස්ත්‍රික් අධිකරණය එලෙස පැමිණිල්ල ප්‍රතික්ෂේප කිරීමට හේතු වශයෙන් දක්වා තිබුණේ:
- පැමිණිල්ල මඟින් නඩු නිමිත්ත උද්ගත වූ නිශ්චිත දිනයක් ප්‍රකාශ කර නොමැති වීම. (කාලාවරෝධී පනතේ 9 වන වගන්තිය අනුව මෙවැනි අලාභ හානි නඩුවක් නඩු නිමිත්ත උද්ගත වී වසර 2ක් ඇතුළත පැවරිය යුතුය
- විත්තිකරුවන් විසින් සිදු කරන ලදැයි කියන විවිධ ද්වේෂසහගත ක්‍රියාවන්ගෙන්, නඩු නිමිත්තට පාදක වූ නිශ්චිත ක්‍රියාව කුමක්ද සහ ඒ සඳහා එක් එක් විත්තිකරුගේ දායකත්වය කුමක්ද යන්න පැහැදිලි නොවීම.
මෙම දිස්ත්‍රික් අධිකරණ නියෝගයට එරෙහිව නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් සිවිල් අභියාචන මහාධිකරණය වෙත WP/HCCA/COL/02/2024 (F) යටතේ අභියාචනයක් ඉදිරිපත් කරන ලදී.
මෙම අභියාචනය දීර්ඝ වශයෙන් සලකා බැලූ මහාධිකරණ විනිසුරු මඩුල්ල, දිස්ත්‍රික් අධිකරණයේ තීන්දුව දෝෂසහගත බව නිගමනය කළේය. මහාධිකරණ විනිසුරු චින්තක ශ්‍රීනාත් ගුණසේකර මහතා තම තීන්දුවේ සඳහන් කර ඇත්තේ, දිස්ත්‍රික් අධිකරණයක් විසින් වන්දි නඩුවක පැමිණිල්ලක් පිළිගෙන විත්තිකරුවන්ට සිතාසි නිකුත් කිරීමෙන් පසුව, මූලික අවස්ථාවේදීම මෙලෙස පැමිණිල්ල ප්‍රතික්ෂේප කිරීමට ගත් තීරණය සාධාරණ නොවන බවයි.
තවද, කාලාවරෝධය පිළිබඳ ගැටලුව යනු නීතිය මෙන්ම කරුණු ද එකට මිශ්‍ර වූ සංකීර්ණ කරුණක් වන බැවින්, එය නඩුවේ මූලික අවස්ථාවේදීම පැමිණිල්ල දෙස පමණක් බලා තීරණය කළ නොහැකි බවත්, විත්තිකරුවන්ගේ විරෝධතා සහ සාක්ෂි විභාග කිරීමෙන් පසුව එය තීරණය කළ යුතු බවත් මහාධිකරණය පෙන්වා දුන්නේය.
සිවිල් නඩු විධාන සංග්‍රහයේ 46(2) (g) සිට (k) දක්වා වගන්තිවල පැමිණිල්ලක් ප්‍රතික්ෂේප කළ හැකි කරුණු පැහැදිලිව දක්වා ඇති අතර, දිස්ත්‍රික් අධිකරණ විනිසුරුවරිය විසින් දක්වා ඇති හේතු එකී ප්‍රතිපාදනවලට අනුකූල නොවන බව ද මහාධිකරණය අවධාරණය කළේය.
ඒ අනුව, අතිරේක දිස්ත්‍රික් විනිසුරුවරිය විසින් 2023.05.31 දින නඩුව ප්‍රතික්ෂේප කරමින් ලබා දුන් නියෝගය සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට සිවිල් අභියාචන මහාධිකරණය තීන්දු කළේය.
මෙම නඩුවේ වගඋත්තරකරුවන් (විත්තිකරුවන්) ලෙස නම් කර ඇත්තේ
- ඕෂල හේරත්
- අනුර කුමාර දිසානායක (නායක, ජනතා විමුක්ති පෙරමුණ)
- ටිල්වින් සිල්වා (ප්‍රධාන ලේකම්, ජනතා විමුක්ති පෙරමුණ)
- කේ. ඩී. ලාල්කාන්ත (පරිපාලන ලේකම්, ජනතා විමුක්ති පෙරමුණ)
- බිමල් රත්නායක (ජාතික සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණ)
- ඉසුරු යූ. ඩී. සුබසිංහ (සාමාජික, ජනතා විමුක්ති පෙරමුණ)
- ජනතා විමුක්ති පෙරමුණ (පැළවත්ත, බත්තරමුල්ල ලිපිනයේ පිහිටි පක්ෂය)
මෙම අභියාචන නඩු විභාගය සඳහා පැමිණිලිකාර නාගානන්ද කොඩيتුවක්කු මහතා වෙනුවෙන් නීතිඥ දර්ශන වේරදූවගේ මහතා පෙනී සිටි අතර, ජනතා විමුක්ති පෙරමුණ සහ අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 2 සිට 7 දක්වා විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ තුසිත විජේකෝන් මහතා පෙනී සිටියේය. පළමු විත්තිකාර ඕෂල හේරත් මහතා වෙනුවෙන් නීතිඥ නිලුක් එස්. වෙල්ගම මහතාගේ උපදෙස් මත නීතිඥ රංග දයානන්ද මහතා ඇතුළු පිරිසක් පෙනී සිටියහ.
මෙම තීන්දුවත් සමඟ, රුපියල් බිලියනයක වන්දි නඩුව කොළඹ දිස්ත්‍රික් අධිකරණය ඉදිරියේ නැවත මුල සිට විභාගයට ගැනීමට නියමිතය.

දාමු මේ පච ලපයා හිරේ .....ද්‍රෝහියා.....පචයා............මිනීමරු ගල්කටස් ජෙප්පෝ....හිරේ ඉන්න ඕන උන් රාජ්ජපාලනයේ.....වෑඩ බෑරි පච රෑල
ReplyDeleteRAJAPAKSHA APAHU GEMU NEEDA?? 😭🤣
Deleteරාජපක්ෂලා කරපු හොඳ වැඩවලින් 100න් එකක් මුන්ට කරගන්න පුළුවන් ද, බොරුවට හොරා කියලා මඩ ගැහුවට. නාගහනන්ද වගේ මහින්දත් නඩු දැම්මොත් මුන්ගේ වකුගඩුත් විකුනන්න වෙයි. මාලිමාවේ ලොකුම අවිය තමයි අනිත් අයට බොරු මඩ ගහන එක.
Deleteමේ ත්‍රස්තවාදීන්ව ඉස්සර හිටපු නායකයෝ හිරේ නොදාපු එකේ විපාක දැන් අපි ගෙවනවා.
ReplyDelete😭🤣🤣😭😁😁
Deleteහරිනම් මේ අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු සිද්ධි ගනනාවක් තිබේ.
ReplyDeleteහරිනම් මේ අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු සිද්ධි ගනනාවක් තිබේ.
ReplyDelete
ReplyDeleteබටහිර පදයට නැටවෙන, ගල් අගුරැ බොරතෙල් දැවැන්ත කොමිස් මුදලට මිලටගන්නා බලශක්ති මාපියාවේ දේශීය සහකරැ '' බලශක්තියේ මාරයා '' අගුරැ කන පෙති කරල් බෙහෙත් යැයි සිතා ගිල දමනා''
'' හෙලු මාලිමාවේ නූගත් අමනයා ,..
''දේශීය හෙල වෙදකමේ,කප්රැක වන් කන්සා ශාකයේද මාරයා''
''සුර්ය බලශක්තියේ ද මාරයා'',
''දේශීය වෙදකමේ ද මාරැවා බවට පත්වී ''
'' වෙස් මාරැකරනාලද ආර්ථික ඝාථකයා, නොහොත් නිදහසට ඵරෙහිවන කළු කොට මාරයා''
''බල තන්හාවෙන් මුසපත් වී'' සුවච කීකරැ බටහිර රෑකඩයක් බවට පත්වී,..
බටහිර මිනීමරැ පිටසක්වල ජීවියාඉ ඉදිරියේ දනගා බඩගා,..
වැදවැටී, දශක අටකට ආසන්න බටහිර සාපයේ අඳුරැ සෙවැනැලි මාතෲභූමිය පුරාවට නැවත වටයකින් මුදාහරිමින්,..
සමස්ත සමාජයක් වහලුන් බවට පත්කර,. බටහිර යුධවාදී මිලඥ නාසිවාදීන්ගේ ලේ පිපාසාව පෝශණය කරමින්, මහජනයා තලා පෙලා බදු අයකරමින් ලේ පිපාසිත නාසිවාදී බටහිර මිනීමරැවන් පෝශණය කරමින් සමස්ථ සමාජයක් ඉමක් නොපෙනෙනා වහල් භාවයේ ගිල්වා කුරිරැලෙස මරා දමනා බවට සමස්ත සබුද්ධික සමාජයේ දැඩි අවධානය,.!
බටහිර මිනීමරැවන්ගේ ඹෟශධ මාපියාවට අවශ්‍ය පරිදි
'' කන්සා '' තහනම සක්‍රීයව ඉදිරියට පවත්වාගෙන යමින් දේශීය ඹෟශධ ලෝකයේ '' කප්රැක ''
'' දේශීය කන්සා ශාකය'' ''පොලීසියේ වහලුන්'' යොදා ගිනිබත්කර විණාශ කර දමනා බවත් '' බටහිරට අවැසි පරිදි ''හලාහල විෂ'' ''බෙහෙත් යැයි'' නාමකරනයට ලක්කර ,..
''දේශීය වහල් කෲර ඇලෝපාතික මිනීමරැවන් යොදා උපයෝගී කර ගනිමින්,..
''මව් කුස නූපන් දරැවාගේ සිටම ව්‍යාප්ත හලාහල විෂ , ඵන්නත් ලෙසට නම්කර ඇටමදුලු සිසාරා ලේ නහර තුලට , කූරිරැ ලෙස,කූඨ ලෙස ඇතුලු කර රෝගී වසංගත සහිත සමාජයක් බිහිකරනා බවට, රතකල්කය, ඇතුළු සියලු දෙශීය වෙදකමට වැට බැද, මරන මංචකයේ පණ අදිනා දේශීය හෙල වෙදකම නිරායාසයෙන් මරණයට පත්වීමට වටපිටාව සකස්කර,..
'' විනාශයටම ඉඩ හැර''
''වසර හත්සීයකට පෙරාතුව'' ''වසර තුන්සීය ඉක්මවා ආයුශ වැලදූ ..
දශමහා යෝධයන් බිහිවූ මහා හෙළ ජාතිය ජානමය වශයෙන් වදකර දමීමට, ''ආර්ථික වශයෙන් සූරා කා'' දනින් වට්ටවා විනාශකර දැමීමට
''බටහිර ගැති'' ''නූගත් වහල් පාලකයා'' උපයෝගී කර ගන්නා බවට අනතුරැ අගවා සිටිනා අතරම,.
''ස්විස්ටර්ලන්තයේ ස්ථානගත මාපියාවන් විසින් හසුරවන'' නූගත් පාලකයා'' ''වහලා'' '' බටහිර ඵන්නත් නොමැති කල''
''දසමහා යෝදයන් බිහිවූ මාතෲභූමියේ,.. ''
''ආදිවාසීන් පවා, හලාහල ඵන්නත්කරනයට ලක්කරනා බවත්,..''
'' ආදීවාසී බාල පරපුර සමූළ ඝාඨනය කීමට ස්විස්ටර්ලන්තයේ මිනීමරැ නාසිවාදීන් සමග සැලසුම් කරනා බවත්,.''
''ආදීවාසී දරැවන්ද..''
''කිසිදිනක අසා දැන නොසිටි පරිද්දෙන්.. අංගවිකල තතවයට පත්කර''
'' ඵන්නත්කරනය තුලින් පෝලියෝ නැමති රෝගී තතවයට ගොදුරැ කරනා බවත්,..
"දැනට ස්විස්ටර්ලන්තයේසිට ක්රීයාත්මක මිනීමරැ මාපියාව ,..''
''අති දැවැන්ත මුදල් සම්භාරයක් දේශීය ඇලොපාතික මිනීමරැවන් අතර ''සන්තෝසම්'' ලෙසට බෙදා හරිමින්,..''
දකුනු ආසියාව අප්‍රිකාව ඉලක්ක කර ගනිමින් ''බයෝටෙක්'' නමින් වෙස් ගන්වා,.
මිනීමරැ ඹෟෂධ මාපියාවේ ''දැවැන්ත දැලක්..'' ''නූපන් දරැවන් ඉලක්ක කර ගනිමින් ගැබිනි මව්වරැන්ටත්,..''
''අවුරැදු හයට අඩු දරැවන්ගේ ජීවගුනය රැකදෙන සවාභාවික ප්‍රතිශක්තිකරන ක්‍රියාවලිය බිද දැමීමට,..''
''ඹෟශධ මාපියාවේ දුර්වල මිනිස් ගොදුරැ බවට කලාපය පත්කර,..''
'' රාජ්‍ය සතු වත්කම් බදුමුදල් කොල්ලා කෑමට'' ''
''සූකෂම ලෙසට වහල් බටහිරගැති පාලකයන් සමග, ක්‍රියාත්ම වන බවත්,..''
''මාලිමාවේ නූගත් හීනමානසික බේබදු වහල් මස්ගුද්දන් බටහිර මිනීමරැවන්ගේ පහසුම ගොදුරැ බවට පත්වී ක්‍රියාත්මක වන බවත්,..''
'' බටහිර නාසිවාදී මිනීමරැවන්ගේ කුමන්ත්‍රණ වලට,.. ඉතාමත් සාහසික ලෙසට භයංකාර ලෙසට රාජ්‍ය නිරාවරනය කරමින් සිටිනා බව සබුද්ධික සමස්ථයේ දැඩි අවධානයට,.!
විනිසුරු තුමන්ගේ බල නහර කැපෙයිද?
ReplyDeleteනාගානන්දට එංගලන්තෙ පදිංචියට යන්න වෙයි වගෙයි පෙනෙන්නෙ. ජනාධිපතිට බැරි පිරිමියෙක් ගෑණියක් කරන්නයි ගෑණියක් පිරිමියෙක් කරන්නයි විතරයි කියල හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන කිව්වා. ඒ නිසා ජනාධිපතිට නාගානන්දගේ ලංකා පුරවැසිභාවය නැති කරන්න පුලුවන්.
ReplyDelete