වර්ෂයේ මුල් භාගය තුළ මෙරටට ගෙන්වා ඇති පුද්ගලික සහ වාණිජ වාහනවල සමස්ත වටිනාකම රුපියල් කෝටි 33,000ක්, එනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක් (කෝටි 100ක්) පමණ වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත මඟින් හෙළි වේ.
මහ බැංකු වාර්තාවලට අනුව, ජනවාරි මාසයේ සිට අප්‍රේල් දක්වා වූ මාස හතරක කාලසීමාව තුළ පමණක් මෙරටට ඩොලර් මිලියන 821ක (රුපියල් කෝටි 24,600කට ආසන්න) වාහන ප්‍රමාණයක් ආනයනය කර ඇත. මෙයින් අප්‍රේල් මාසයේදී පමණක් ඩොලර් මිලියන 208ක (රුපියල් කෝටි 6,240ක් පමණ) වාහනද, මාර්තු මාසයේදී ඩොලර් මිලියන 195ක (රුපියල් කෝටි 5,850ක් පමණ) වාහනද මෙරටට ගෙන්වා තිබේ.
මෙලෙස වාහන මිලදී ගැනීම් සීඝ්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් දෛනිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 7ක පමණ මුදලක් රටින් පිටතට ඇදී ගිය අතර, එය දේශීය රුපියලේ අගය කෙරෙහි දැඩි පීඩනයක් එල්ල කළේය. මේ හේතුවෙන් විදේශ විනිමය සංචිත සුරක්ෂිත කිරීමේ අරමුණින්, රජය විසින් වාහන ආනයන අධිභාරය සියයට 50කින් ඉහළ නැංවීමට පියවර ගත් අතර එය පසුගිය මැයි මස 15 වැනිදා සිට ක්‍රියාත්මක විය.
මේ පිළිබඳව අදහස් දක්වමින් කම්කරු අමාත්‍ය මෙන්ම මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, මෙම නව ප්‍රතිපත්තිය හඳුන්වා දීමෙන් පසු දෛනික වාහන ආනයන වියදම ඩොලර් මිලියන 3.9 දක්වා අඩු වී ඇති අතර වාහන සඳහා වූ මෑතකාලීන ඉල්ලුමද පහත වැටී ඇති බවයි. තවද, මැයි මස 15 වැනිදා පමණක් ඩොලර් මිලියන 23.71ක් වටිනා වාහන 1,782ක් වෙනුවෙන් ණයවර ලිපි 380ක් විවෘත කර තිබූ බවද ඔහු ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ මෙම පියවර ස්ථිර බද්දක් නොවන අතර, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ස්ථාවරව තබා ගැනීම උදෙසා ගත් තාවකාලික උපක්‍රමයක් පමණක් බවයි.
එමෙන්ම, මෙම අධිභාරය බලපැවැත්වෙන්නේ මැයි 15න් පසුව බැවින්, ඊට පෙර මෙරටට ආනයනය කරන ලද වාහනවල මිල ඉහළ දැමීමට කිසිදු පදනමක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත්, රජයේ මෙම නව තීරණ හේතුවෙන් ඉදිරියේදී දේශීය වෙළෙඳපොළේ වාහන මිල ගණන් ඉහළ යාමේ අවදානමක් පවතින බව වාහන ආනයනකරුවන්ගේ පාර්ශ්වයෙන් ප්‍රකාශ වේ

අමාරුවෙන් කජු සීයා ඉතිරි කොරපු ඩොලර් ටික යකඩ ගොඩවල් ගන්න පිට කොරපල්ලා. බෙහෙත්, තෙල්, පෝර ටික ගන්න ඩොලර් නැතිවුනාම යකඩ ගොඩවල් කාපල්ලා. ජාවාරම්කාර චෞර මුදලාලි සෙට් එකක් සන්තර්පණය කොරන්න පකයො ටික රට විනාස මුඛයට යවනව.
ReplyDeleteAbsolutely correct. This is some socialistic government even worst than a capitalist government. Good for rice eating cows. Such frauds.
Deleteකොහුවල පැත්තෙ රට කරවන අය රවුමක් දාලා බලන්න. ඇගිල්ලක් ගහන්න බැහැ වාහන පිරිලා. එක සේල් කාරයෙකුට මාසෙකට ගේන්න පුළුවන් වාහන ගනන සීමා කරන්න. බොහොම අමාරුවෙන් මාසයක් පිටරට වල දුක් විදල හම්බකරන ඩොලර් එක දවසෙන් ඉවර කරනව. රබර් ගස්, තේ ගස් ලක්ෂයක් වටේ ඇවිදල හොයන ඩොලර් ටික දවසෙන් ඉවර කරනව.
ReplyDeleteරටේ වර්තමාන මූල්‍ය තත්ත්වය අනුව විදේශ සංචිත බිලියන 12ක් වත් තියෙද්දී වාහන ගෙන්නන්න අවසර දෙන්න ඕන එක බිලියන 6යි පොඩ්ඩක් තියාගෙන ගේන්න අවසර දුන්නා.වාහන ගේන්න විදේශ සංචිතය තියෙන මුදල් වැය වුණේ නැති වුණාට මේ වැඩෙන් පද්ධතිය අස්සේ තියෙන විදේශ මුදල් හිඟ වෙනවා.හිග වුණාම විදේශ සංචිතය ගොඩනංවන්න ඩොලර් නෑ වගේම හිඟවීම හින්දා ඩොලරයේ අගය ඉහළ යනවා.මේ වෙනකොටත් රට තියෙන්නේ අයිඑම්එෆ් නිර්ණායක අනුව සංචිතය පවත්වාගෙන යා යුතු ගානට වඩා සෑහෙන්න අඩුවෙන්.මේ අවුරුද්ද අග වගේම ලබන වසර අවසානයේදී තියෙන්න ඕනේ අගය ගැන හිතාගන්නවත් මේ ආණ්ඩුවට බෑ. කොහොම වුනත් සහතික අනාවැකියක් කියන්න පුළුවන්. ඒ තමයි 2028 ආරම්භ වෙනකොට ණය ගෙවා ගන්න බැරුව රට ආපහු බංකොලොත්.එදා වෙනකොට මේ ආණ්ඩුවේ එව්වෝ කොහොමත් විපක්ෂයේ.අන්න එදාට ආණ්ඩුවේ එව්වන්ටයි ඩෝබිලටයි දුටු තැන තඩිබාන්න ඕන.
ReplyDeleteතව ගෙන්න පච ගොබ්බ ආන්ඩුව රට කැවා ගෙහම ගහපන් ගොබ්බ ඇත්තටම
ReplyDelete