දිට්වාට වැනසුනු කොත්මලේ රජ මහා විහාරය තාමත් එහෙමමයි... කිසි වැඩක් අරඹා නෑ...


 දිට්වා සුලි කුණාටුවෙන් විනාශයට පත් කොත්මලේ නියම්ගම්දොර පුරාණ රජ මහා විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙතෙක් ආරම්භ කර හෝ සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බව එම රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති කොත්මලේ පළාතේ උප ප්‍රධාන සංඝණායක නියම්ගම්දොර පුරාණ රජ මහා විහාරාධිපති මඩකුඹුරේ ලංකාංග හිමියන් පැවසීය.

(06) දින එම විහාරස්ථානයේදි මාධ්‍යට අදහස් දක්වමින් උන් වහන්සේ වැඩි දුරටත් කියා සිටියේ, දිට්වා සුලි කුණාටුව ඇවිල්ලා මාස 7ක් ගත වෙන්න යනවා. අපේ පුරාණ රජ මහා විහාරස්ථානයටත්, අවට ගම්මානවලටත් විශාල ලෙස හානි සිදු වුණා. අපේ පුරාණ රජ මහා විහාරස්ථානය සිදු වු අලාභ පිලිබදව ඔබතුමාටත් පුරා විද්‍ය කොමසාරිස් ජෙනරාල්වරයාටත්, බුද්ධ ශාසන ඇමතිවරයාටත්, නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරිය ඇතුලු අදාළ වග කියයුතු නිළධාරින් කිහිප දෙනෙකුටම ලිඛිතව දැනුම් දී තිබුණත්, එම නිළධාරින් මෙතෙක් ඒ සදහා කිසිදු පියවරක් ගත් බවක් පෙනෙන්නට නෑ. ඔබතුමා පසුගිය දිනවල නුවරඑලිය දිස්ත්‍රික් විශේෂ සංවර්ධන කමිටු රැස්වීමට ඇවිත්, රජයේ නිළධාරින් සමග පමණක් සාකච්ඡා කරලා වැවන්ඩන් වත්තේ ජනතාව ඉවත් කරන්න, කඩිනමින් ආරක්ෂීත ස්ථාන කරා යොමු කරන්න කියලා උපදෙස් ලබා දී තිබුණා. ඒක හොද දෙයක්. ඒ වගේම කොත්මලේ දිට්වා සුලි කුණාටුවෙන් පීඩාවට පත් අනෙක් ජනතාව ගැනත් ඒ වගේම සොයලා බලන්න. එවැනි රැස්වීම් වලට සහභාගි වෙන්න පීඩාවට පත් ජනතාවටත් අවස්ථාව ලබා දෙන්න.

ඔබතුමාට අපි යවන ලිපි අදාළ වග කියයුතු රජයේ නිළධාරින්ට යොමු කරනවා. එම නිළධාරින්ගෙන් අපිට කුඩම්මගේ සැලකිල්ල ලැබෙන්නේ. මේවා සංවර්ධනය කරන්නේ නැත්නම්, අපිට තව දුරටත් මේවායේ ඉන්න ඕනද නැද්ද කියන එක විතරක් අපට කියන්න. එතකොට අපි තීරණයක් ගන්නම් යනුවෙන් පැවසීය.

- රංජිත් රාජපක්ෂ  

5 Comments

  1. හාමුදුරුවෝ නේ දන්නේ නැද්ද දැන් ඉන්නෙ බුද්ධාගම අරහං නිරාගමිකයො ඉන්න ආණ්ඩුවක් කියල

    ReplyDelete
  2. Re building Sri Lanka එකෙන් සත පහක් දිට්වා වලට දුන්නෙ නෑ කියල කොමිසමේදි කිව්වා.ලපයගෙ ගිනුමෙ ඒවා. පච ලප බිල්ඩින්ග් අරමුදල.

    ReplyDelete
  3. GALAPATHTHI DOBI, DITTA REESTABLISH IWARY KIYALA KATAGATHTHA WITHRAY

    ReplyDelete
  4. පපිසි ටිකක් දෙන්නද? රටේ පන්සල් අඩුවක් නැහැ. මීට වඩා වැදගත් වැඩ ගොඩක් තියෙනවා කරන්න.

    ReplyDelete
    Replies
    1. ජූඩ් ක්‍රිෂාන්ත ධාතු සුනඛයාJune 7, 2026 at 2:33 AM


      පුතා උඹ අපේ එකෙක්. 

      Delete
Previous Post Next Post