සාධාරණ බදු ක්‍රමයක් ජනතාවට ඉදිරිපත් කිරීම ආණ්ඩුවේ අපේක්ෂාව වන අතර ඒ සඳහා තාක්ෂණය ද එකතු කර ගැනීමක් ඉදිරියේදී සිදු කරන්නේ යැයි කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසීය.
“යහපත් ආණ්ඩුකරණයේදී රාජ්‍ය මූල්‍ය ස්ථාවරය ඉතාම වැදගත් වෙනවා. පසුගිය කාලයේ ආණ්ඩුව කඩා වැටුණේ ආර්ථික කළමනාකරණයක් නොතිබීම නිසා. අපේ මේ ජනවරම මඟින් සමාජ වෙනස් වීම බිඳ නොදමා ක්‍රමිකව සමාජය දියුණු කරන මට්ටමට යා යුතුයි. එහිදී තිබෙන නීති සංශෝධනය කරන්න වෙනවා. අලුතින් නීති හදන්න වෙනවා.
දැනට ගෙවන සියයට 18ක වැට් බද්දත් වැඩියි. ස්ථාවරත්වය රැකගෙන යෑමෙන් ඒ බද්ද අඩු කර ගන්න අපට පුළුවන්.
ඩිජිටල් සේවා බද්ද තුළින් දේශීය පුද්ගලයාට අසාධාරණයක් වන බවට අර්ථකථන ඉදිරිපත් කළා. ඌබර් හෝ පික්මීවල ලබාදෙන්නේ ප්‍රවාහන සේවාවක්. ඒ සඳහා මෘදුකාංගයක් සම්බන්ධ කර ගන්නවා. ඒක සංකීර්ණයි. මෘදුකාංගයත් භාණ්ඩයක් වෙන්න පුළුවන්. මෘදුකාංගයකට අපි බදු ගසා නැහැ. දේශීය ලෙස සංවර්ධනය කළ මෘදුකාංගත් තිබෙනවා.
ඉන්වොයිස් වැලියු එක ට්‍රේස් කරන ගැසට් එකත් තිබෙනවා. මේක අලුතින් වැට් අය කරන එකක් නොවේ. ව්‍යාපාරවලට පනවන බද්දක් නොවේ. ඇතැම් භාණ්ඩවල මිල ලකුණු කර තිබෙනවා.
ඇතැම් ඒවායේ සඳහන් කර නැහැ. වැට් ලියාපදිංචි නැති ඒවාත් තිබෙනවා. මේ යන්ත්රණයට ක්‍රමිකව සියලුදෙනා එකතු කර ගැනීමට අපි උත්සාහ කරනවා. එසේ වූ විට සියයට 18 වැට් බද්ද අඩු කර ගැනීමට සාකච්ඡා කරන්න පුළුවන්.
බදු වාර්තා දෙකක් දෙනවා වෙනුවට එකක් ලබාදීමට අපි පියවර ගන්නවා. බදු පරිපාලනය වැඩිදියුණු කිරීමට අපි කටයුතු කර තිබෙනවා.”

සාධාරණ බද්දක් ගේන්න ද යකෝ සිල්ලර වෙළෙන්දාගේ ඉඳන් vat එකයි ජාතික ගොඩනැගීමේ බද්දයි දෙකේ එකතුව සියයට 20යි දශම පහක් බදු ගහන්න හැදුවේ.
ReplyDeleteසාධාරණ බදු
Deleteඅඩු ගානේ බදු මුදල් නිවැරදිව භාවිතා කරණවා මේ ආණ්ඩුව, හොරු නැති නිසා. කොහොමද චරිත් ලා එහෙම බලයේ හිටියා නම්. නීතිය හා සාමය පිළිඹඳ ඇමති ධූරය දෙන්ඩ තිබ්බේ.
ReplyDeleteවොව් වොව්
Deleteකොන්ටේනර් ටැංකි 323ක් වරයෙ ඉඳල ඇවිදගෙන ගියේ
කාල බලන්න බැරි උන නිසා ගල්අඟුරු බාල වෙලා
කල්පනා කරලා බලන්න
Mun Badu mudalin karanne Kupadi padu wahana eka
Delete1.galaguru 2 hackerloss
අනේ යකෝ, පුළුවන් නම් හෝදන එක පැත්තක තියලා කියපන් බලන්න බදු වලින් යැපෙනවා ඇරෙන්න දැනට උඹේ හාම්පුතාලා කරන එක සංවර්ධන වැඩපිළිවෙලක්.. නැත්තන් එක ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලක්. ගාමන්ට් ටික වැහෙනකම් බකන්නිලන් ඉඳලා දැන් කෙසෙල් පට්ටෙන් ඇඳුම් හදන්න හොයනවා. ඔන්න ඔය වගේ සිහින ලෝක තමයි උඹලා පෙන්නන්නේ.
Deleteබද්ද කොහොම ගැහුවත් අවසානයේ ගෙවන්න වෙන්නෙ මහජනතාවටයි.
ReplyDelete