පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහ්රාන් හෂීම්ගේ නීතිඥවරයා ලෙස තමන් කටයුතු කර ඇති බවට මාධ්‍යවේදීන් පිරිසක් විසින් ගෙනයනු ලබන ප්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය, ද්වේෂසහගත සහ නොමඟ යවන සුළු ප්‍රකාශ බව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
මාධ්‍යවේදීන් යැයි කියාගන්නා කිහිප දෙනෙකු විසින් මෙම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බව ඒ මහතා පවසයි. තමන් කිසිසේත්ම පෙනී නොසිටි සැකකරුවෙකු වෙනුවෙන් උසාවියේ පෙනී සිටි බවට ප්‍රකාශ කිරීම, තමන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් හා සිවිල් සමාජ මැදිහත්වීම් ඉලක්ක කර ගනිමින් තමන් කෙරෙහි වෛරය පැතිරවීම සඳහා දරනු ලබන නින්දිත උත්සාහයක් බව ද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දෙයි.
තමන් සහ්රාන් වෙනුවෙන් නීතිඥවරයෙකු ලෙස පෙනී සිටි බවට කරන චෝදනා ඔප්පු කරන ලෙස තරිඳු උඩුවරගෙදර සහ ශාලික විමලසේන යන අයට අභියෝග කරන බවත්, ඔවුන් පවසන පරිදි තමන් සහ්රාන් වෙනුවෙන් පෙනී සිටියේ නම් එම නඩුකරයේ අංකය සහ නඩුව විභාග වූ උසාවිය හෙළි කිරීමට පියවර ගත යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.
පාස්කු ප්‍රහාරයට බොහෝ කලකට පෙර, සහ්රාන් ද සැකකරුවෙකු කර තිබූ නඩුවක වෙනත් සැකකරුවෙකු වෙනුවෙන් තමන් පෙනී සිට ඇති මුත්, එම සැකකරු කිසිසේත්ම පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහ්රාන් නොවන බව මෛත්‍රී ගුණරත්න මහතා පැහැදිලි කරයි.
තමන් වෙත එල්ල කරන මෙවැනි වෛරසහගත ප්‍රකාශ මඟින් සිය සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය කිසිසේත්ම නතර කළ නොහැකි බව ද ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

Arrest Ibrahim Nana. He knows everything
ReplyDeleteArrest cardinal polish too
He knows better than anyone
Why did not Right Honorable Cardinal attend the Church Mass on the day of the attack ............
Delete
ReplyDeleteලංකාවේ හමුදාව මුස්ලිම් අන්තවාදය පාවිච්චිකරලා touristla මරල
මේක වහාම ලංකාවේ සේරම තානාපතිකර්යල දැනුවත් කරන්න
කාදිනල් වැඩ පටන්ගන්න WE ARE WITH YOU BOKKENMA
මෝඩ තරිඳු කියන දේවල් කවුද ගණන් ගන්නේ
ReplyDeleteHa rshana Rajakaruna
ReplyDelete