වංචනික පෙම්වතුන්ගෙන් ආරක්‍ෂා වෙන්න පොලිසියෙන් උපදෙස්...


පසුගිය කාලසීමාව තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සමාජ මාධ්‍ය සහ විවිධ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ කාන්තාවන් ඉලක්ක කර ගනිමින්, ඔවුන්ව මුළා කර ලිංගික අතවරයන්ට ලක් කිරීම සහ දේපළ ලබා ගැනීමේ සිදුවීම් වාර්තා වී ඇත.

මීට අමතරව විවිධ ආහාර වර්ග හා බීම වර්ග පානය කිරීමට සලස්වා මත් කිරීම් හා සිහිසුන් කිරීම් ආදී ක්‍රියා මගින් කාන්තාවන් අතවරයට ලක් කිරීම් හා දේපළ සොරකම් කිරීමේ සිදුවීම් මෙන්ම වංචනික පුද්ගලයින් විසින් විවාහ කර ගන්නා බවට පොරොන්දු ලබා දෙමින් කාන්තාවන් රවටා ඔවුන්ගේ විශ්වාසවන්ත භාවය ඇති කර ගෙන අනතුරුව මුදල් හා දේපළ ලබා ගැනීම් සිදුකරන අතර අවසානයේ මනුෂ්‍ය ඝාතනයන්ගෙන් කෙළවර වූ අවාසනාවන්ත සිදුවීම්ද නිරීක්ෂණය වී ඇත.

මෙලෙස කාන්තාවන් රැවටීම් වලට සහ මුලාවීම් වලට භාජනය වීම සම්බන්ධයෙන් පොලිස්පතිතුමාගේ දැඩි අවධානයට ලක්ව ඇති බැවින් දිවයිනේ සියළුම පොලිස් ස්ථාන, මහජන ආරක්ෂක කමිටු, බුද්ධි සහ සිවිල් නිලධාරීන් හරහා අවධානමට ලක්විය හැකි අයවළුන් පිළිබඳව තොරතුරු එක්රැස් කර ගනිමින් මහජනතාව ආරක්ෂා කිරීම සඳහා මේ වන විටත් සියළුම පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බව අවධාරණය කරමි.

ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් අවධානය යොමු කල යුතු කරුණු.

  • නාඳුනන පුද්ගලයින්, අන්තජාලය හෝ සමාජ මාධ්‍ය හරහා හඳුනා ගන්නා පුද්ගලයින් සමඟ කටයුතු කිරීමේදී ඔවුන් පිළිබඳ විශ්වාසය තබා මුදල්, ස්වණාභරණ හෝ වෙනත් වටිනා දේපළ ලබා නොදීම.
  • ඔබගේ සංවේදී, ආදරණීය ඇතුළු ඡායාරූප, වීඩියෝ නාඳුනන සහ සැකසහිතපුද්ගලයින් වෙත කිසි විටක ලබා නොදීම.
  • ජාතික හැඳුනුම්පත් අංක, බැංකු ගිණුම් අංක, පෞද්ගලික ලිපිනයන් හෝ වෙනත් පුද්ගලික තොරතුරු නාඳුනන පුද්ගලයින්ට ලබා නොදීම.
  • සැක සහිත දුරකථන ඇමතුම් හෝ පණිවිඩ මගින් යම් ගනුදෙනුවකට හෝ හමුවීමකට කරනු ලබන ආරාධනාවන් ප්‍රතික්ෂේප කිරීම.
  • ඔබ හෝ ඔබ දන්නා අයෙකු මෙවැනි අතවරයකට හෝ වංචාවකට ලක් වී ඇති බව හැඟේ නම්, වහාම ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ ළමා හා කාන්තා කාර්‌යාංශය වෙත පැමිණිලි කිරීම.
  • 118, 119, 107, 109 අංක හරහාද ඔබට කඩිනමින් පොලිසිය දැනුවත් කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.

මෙවැනි වංචනිකයන්ගේ රැවටීම්වලට හා උඟුල්වලට හසු නොවී, ඔබේ ආරක්ෂාව සහ ගෞරවය සුරක්ෂිත කර ගැනීමට නිරන්තරයෙන් අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

- පොලිස් මාධ්‍ය කොට්ඨාසය

2 Comments

  1. පෙම්වැටියො වංචනික නෑ

    ReplyDelete
  2. Dialog does not take fraud reports seriously; they continue to keep fraudulent numbers active.

    ReplyDelete
Previous Post Next Post