මෙරට පාලකයින් රටේ ජනතාවට සහ බුදුදහමට ණයගැති බවත්, පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද ජනතාව සිය ආගමික වත්පිළිවෙත් ඉටුකිරීමට කැපවී සිටින බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.
මිහින්තලා පුදබිමේ පැවති ආගමික වැඩසටහනක් අමතමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.
මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් රජය නිසි අනුග්‍රහයක් ලබා නොදීම පිළිබඳව සිය දැඩි කණගාටුව පළ කළහ.
"අනේ මිහිඳු මහරහතන් වහන්ස, ලංකාවේ මිනිස්සුන්ට සමා වෙන්න. ඔබවහන්සේ නිසා අපිට බුදුදහම, ශික්ෂණය සහ විනය ලැබුණා. නමුත් අද වෙනකොට මේ රටේ පාලකයෝ පොසොන් මංගල්‍යය පවත්වන්න අනුග්‍රහය දක්වන්නේ නැහැ" යනුවෙන් උන්වහන්සේ සඳහන් කළහ.
රටේ පවතින දරිද්‍රතාවය පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, රජයේ සේවකයන්ට පවා සහන මිලට සහල් ලබාදීමට සිදුව ඇත්තේ 'ලීසිං' ක්‍රමයට හෝ වාරික වශයෙන් ගෙවීමේ පදනම මත බවයි.
ලෝක ආහාර සංවිධානය මගින් ඇෆ්ගනිස්ථානය, සෝමාලියාව සහ ශ්‍රී ලංකාව ආහාර අර්බුදයක් පවතින රටවල් ලෙස නම් කර ඇති බව ද උන්වහන්සේ මෙහිදී සිහිපත් කළහ.
රජය සහය නොදැක්වුවද, මෙරට ජනතාව සිය සත පනහ, රුපියල එකතු කරමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වෙනුවෙන් දන්සල් පවත්වන බව නාහිමියෝ පෙන්වා දුන්හ.
"මේ රටේ මිනිස්සු ණය නැහැ, පාලකයෝ තමයි ණය. මිනිස්සු තමන්ගේ මහන්සියෙන් මේ පින්කම් සිද්ධ කරනවා. පාලකයෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරමින් ආගමික කටයුතු මගහරිද්දී, ජනතාව මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් පෙළගැසී සිටිනවා" යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
පවතින සියලු දුෂ්කරතා සහ දරිද්‍රතාවයෙන් රට මුදාගැනීම සඳහා මිහිඳු මහරහතන් වහන්සේගේ සහ දොළොස්දහසක් රහතන් වහන්සේලාගේ ආශිර්වාදය රටට ප්‍රාර්ථනා කරන බව ද වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ මෙහිදී අවධාරණය කළහ.

Machan, uba issarwela mahana weyan.
ReplyDelete
Deleteහොඳය නිරනගමික ආණ්ඩුව
NGO සතුටුකරන්නත් ඕනේ
Deleteහැමදේම මොන්ගල විදිහට තම පෙන්නේ
උන්නාන්සේ මහණ වෙලා ඉන්නේ. අනිත් අයගේ සිල් ගැන විමසන්නේ මාලිමාවේ අමන පර හැත්තද.
Deleteහරියට පල්ලියට යන්නෙත් නැති, බයිබලේ කියවලත් නැති කියවන්න තේරෙන්නෙත් නැති ගොන් තඩි මෙතන ආගමික විරසක ඇති කරනව. පැත්තකට වෙලා හිටපියව් රට තවත් කන්නෙ නැතුව.
ඔය පල්ලිය බදාගෙන ඉන්නෙත් ආගමකට ආදරේකට නෙමේ,
Deleteබලය තියෙන්නේ පල්ලිය වටේ කියලා හිතාගෙන ඉන්න නිසා
MAHA EKATA AYAMANGALA GATHATH ARAHAN
Delete\
MAHA EKATA JAYAMANGALA GATHATH ARAHAN
Deleteලප කොටාත් මහණ වෙලා හිටියා නේද ඔක්කොටම කලින්
Deleteහාමුදුරුවනේ, තමන්ගේ විරුද්ධවාදියාගේ බෙල්ල කපලා වැටේ ගහපු කාලකන්නි හැත්තට මොන පොසොන්ද.
ReplyDeleteඋන් ඔය පල්ලිය බදාගෙන ඉන්නෙත් ආගමකට ආදරේකට නෙමේ, බලය තියෙන්නේ පල්ලිය වටේ කියලා හිතාගෙන ඉන්න නිසා. ඒ වගේම කොටි පිල්ලි වල සල්ලි එන්නේ පල්ලිය හරහා නිසා. නැත්තන් උන් ඉස්සෙල්ලම ශොට් එක දෙන්නේ පාදිලියන්ටයි උන්ගේ දායක සභාවටයි.
ඉබ්බන්ගෙන් පිහාටු බලාපොරොත්තු වෙන ඔබ වහන්සේ තමයි ඔතන වරද්දගෙන තියෙන්නේ.
ReplyDeleteHis only job is grabbing money from every possible way. Shame for the lobe.
ReplyDeletefor what to feed your kids?
Deleteඔබවහන්සේ නිසා අපිට බුදුදහම, ශික්ෂණය සහ විනය ලැබුණා. ....mu meka kiwwe katin wenna ba....sikshanaya ....winaya....rakapu katha api dakka...me puda bima kiliti kala ekek thmai mu.thovilayakuth karala shapa kala...dan munta soba dahama return eka denakota dan dodawanawa.
ReplyDeleteදැන් ලංකාවේ ඉන්නෙ පාලකයොද .. ලාxකයොද?
ReplyDeleteබෞද්දයා නිවට හරක් ජාතියක් කියලා තමා ජෙප්පෝ සහ කොටින්ගේ කියවීම.....ඒකයි මේ විදියට ඔලුවට අත හෝදන්නේ ....පාස්කු දා මිනිස්සු මෑරුව ඊබ්‍රහීම් නනා ගන්නේ නෑතෑයි ප්‍රශ්න කරන්න......ඊබ්‍රාහිම් නානා කාගේ ජාතික ලෑයිස්තුවේද....ලන්කාවේ උන් දන්නවද...? ගානක් නෑද්ද...? කාඩිනලයා දන්නවද ....? ගානක් නෑද්ද ..? ජෙප්පෝ කාඩිනල් ඔක්කොම පච හොරු
ReplyDelete