තේ කර්මාන්තශාලාවක විශාල ගින්නක්...


ඇල්පිටිය - මාපලගම මාර්ගයේ වතුරවිල හන්දිය ආසන්නයේ පිහිටි තේ කර්මාන්තශාලාවක හදිසි ගින්නක් හටගෙන තිබේ.

ගින්න සැලවීමත් සමඟ ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව එය පාලනය කිරීමට උත්සාහ කර ඇති අතර, මේ වන විට ගිනි නිවන සේවා බලකායේ නිලධාරීන් සහ වාහන එම ස්ථානයට ළඟා වී ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීම සඳහා දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මෙම ගින්න හට ගැනීමට හේතුව හෝ ඉන් සිදු වූ අලාභ හානිය මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඇල්පිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

2 Comments

  1. වහාම අපේ සමම්ත අමැටි තුමාට දන්වන්න.
    එතුමා තණකොළ කැපීම නවත්වා ගිනි නිවීම සඳහා එක්වනු ඇත.

    ReplyDelete
  2. ලප සාපෙ මුලු රටට එක මිටට

    ReplyDelete
Previous Post Next Post