දන්සල් පෝලිමක් යටකරගෙන කැබ් එකක් යයි.. හයක් මරුට.. හතක් රෝහලේ..


31 දින රාත්‍රී මීගොඩ පොලිස් වසමේ හයිලෙවල් මාර්ගයේ මීගොඩ හන්දිය ආසන්නයේදී අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් දන්සලක පෝලිමක සිටි පිරිසකගේ හප්පා නොනවත්වා පලාගොස් ඇත. 

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 13 දෙනෙකු හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් පුද්ගලයින් තිදෙනෙකු හා කාන්තාවන් තිදෙනෙකු රෝහල් ගතකරන විටත් මියගොස් සිට ඇත. 

අනතුර සිදුවූ වහාම ක්‍රියාත්මක වූ ගොඩගම හන්දියේ රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරින් විසින් පලා යමින් සිටි කැබ් රථය හා රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.

මරණකරුවන් අවුරුදු 35 ත් 38 ත් අතර වයස්වල පසු වූ හංවැල්ල සහ අවිස්සාවේල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මරණකාරියන් අවුරුදු 15 ත් 56 ත් අතර වයස්වල පසු වූ පිලියන්දල ප්‍රදේශයේ පදිංචිකාරියන් වේ.

අත්අඩංගුවට ගත් සැකකාර රියැදුරා වයස අවුරුදු 42 ක් වන පිලියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනතුර සිදුවන අවස්ථාවේ සැකකරු බිමත්ව සිටි බවට තහවුරු වී ඇත. 

තුවාලකරුවන් 07 දෙනෙකු හෝමාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර මීගොඩ පොලිසිය විසින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

15 Comments

  1. "පුද්ගලයින් තිදෙනෙකු හා කාන්තාවන් තිදෙනෙකු" කියන එක පැහැදිලි කරන්න

    ReplyDelete
    Replies
    1. බ්ව්ද්දයා විනාශ කරන්න කුමන්ත්‍රනයක් බව අමුතුවෙන් කිව යුතු නැ . වෙසක් පොහොය දවසේ අගමැතිනි වතිකානුවේ ශ්‍රීලංකා නියෝජිත කියලා නිල වශයෙන් හමුවුණා කතෝලික සභාවේ මැදිහත් වීමෙන් . වකුගඩුවක් දන්දීපු 71 වයස අටමස්තානාදිපති බොරු චෝදනා දාලා වෙසක් දවසේ ඉවත් කලා ශ්‍රී මහා බෝදියේ අංකුරයක් ලොස් ඇන්ජලීස් යවලා හිටවපු පළිය ගන්න . මේ ආණ්ඩුවට බ්ව්ද්දයා විනාශ කරන උවමනාවක් මිසක් ආරක්ෂා කරන උවමනාවක් නැ . මේ ප්‍රහාරය මිනිසුන් වෙසක් නැරඹීම කඩාකප්පල් කරන්න තමයි . ආණ්ඩුව වෙසක් උත්සවයට ආරක්ෂාව දෙන්න අසමත් උනා . මිනිසුන්ට වෙසක් බලන්න යන්න බැරිවෙන්න වෙසක් දවසේ ඉන්ධන මිළ වැඩි කළා

      Delete
  2. කණගාටුයි.පෝය දවසෙත් කණමදයො වගේ වාහන පදවනව නම්
    උගෙ ලැයිසොන් අත්හිටුවන්නම ඕන. පෝලිම්වල
    ඉන්නෙ සති ගණන් බඩට කෑමක් නැතිව දුක් විදින අහිංසකයො කියලවත් හිතන්නෙ නැතිව කෑම වේලක් කන්න බලන් හිටිය අයට හිංසා කිරීම නින්දිතයි. පාරවල් බ්ලොක් කරගෙන දන්සැල් දෙන එවුනුත් අත්අඩංගුවට ගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. දන්සැලකට ගිය පමණින් අනතුරට පත් වුන අය සති ගණන් බඩට කෑමක් නැතිව හිටපු අය කියල කීමත් ඊට නොදෙවෙනි තරමට නින්දිතයි

      Delete
    2. පව් අහිංසක මිනිස්සු. කෑම ටිකක් කන්න ආසාවෙන් ගිහින් වෙච්ච කරුමයක්.

      Delete
    3. පතිරණ ගලප්පත්තිJune 1, 2026 at 9:01 AM

      කැබ් එකක් කියන්නෙ මාලිමා පරයෙක් වෙන්න ඕන

      Delete
    4. තුන් වේල කාපු මිනිස්සු දැන් එක වේලක් කන්නෙත් හරිම අමාරුවෙන්. ඇත්ත, දන්සැල් නිසා ඒ අසරණයො මේ ටිකේවත් කනව.

      Delete
  3. බීමතින් රිය පැදවූ බූරුවා එල්ලා මරන්න ඕනැ. ඒ ඇරෙන්න පාර අවහිර වෙන විදිහට දන්සැල් දීම නොකරන්න ඕනැ. ඔතන සමහරවිට කළුවරේ පාර අයිනෙ පොදිකකා ඉන්න ඇති. දන්සැල්කාරයාටත්, අවසර දූන් අයටත් නොසැලකිල්ල ගැන නඩු දමන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු පාර මැද නිදාගෙන හිටියත් රියදුරු බීලනම් අනෙක් කාරණා ඔක්කොම යටයි.

      Delete
    2. කන්න ගිය උන්ව මරන් කන රටක්නෙ මේක

      Delete
  4. විවිධාකාර දන්සල් නේ දැන් කාලේ මේ මාලිමා නිදහස් සමාජයේ. අරක්කු දන්සලකට ගිහින් ගෙදර යන පින්වතෙක් වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. මේ රටේ කන්න නැතත් අරක්කු නම් ඕසෙට

      Delete
  5. මාලිමා කතෝලික පරයෙක්ගෙ ඕන කමින් කරපු වැඩක්.

    ReplyDelete
    Replies
    1. බෝන් අගේන් පකයෙක් වෙන්නත් පුළුවන්

      Delete
  6. බ්ව්ද්දයා විනාශ කරන්න කුමන්ත්‍රනයක් බව අමුතුවෙන් කිව යුතු නැ . වෙසක් පොහොය දවසේ අගමැතිනි වතිකානුවේ ශ්‍රීලංකා නියෝජිත කියලා නිල වශයෙන් හමුවුණා කතෝලික සභාවේ මැදිහත් වීමෙන් . වකුගඩුවක් දන්දීපු 71 වයස අටමස්තානාදිපති බොරු චෝදනා දාලා වෙසක් දවසේ ඉවත් කලා ශ්‍රී මහා බෝදියේ අංකුරයක් ලොස් ඇන්ජලීස් යවලා හිටවපු පළිය ගන්න . මේ ආණ්ඩුවට බ්ව්ද්දයා විනාශ කරන උවමනාවක් මිසක් ආරක්ෂා කරන උවමනාවක් නැ . මේ ප්‍රහාරය මිනිසුන් වෙසක් නැරඹීම කඩාකප්පල් කරන්න තමයි . ආණ්ඩුව වෙසක් උත්සවයට ආරක්ෂාව දෙන්න අසමත් උනා . මිනිසුන්ට වෙසක් බලන්න යන්න බැරිවෙන්න වෙසක් දවසේ ඉන්ධන මිළ වැඩි කළා

    ReplyDelete
Previous Post Next Post