රට බංකොලොත්භාවයෙන් මුදාගෙන ඩොලර් බිලියන අටක් ණයත් ගෙවුවා..- හදුන්නෙත්ති


වත්මන් රජය බලයට පත්වන විට රට පත්ව තිබූ දැඩි ආර්ථික බංකොලොත් භාවයෙන් මුදවා ගනිමින්, මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන අටක ණය මුදලක් ගෙවා දමා ඇති බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. 

ස්වාධීන රූපවාහිනිය සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

තමන් රජය භාර ගන්නා විට පළාත් පාලන ඡන්දය පැවැත්වීමට පවා මුදල් නොතිබූ, ජනතාව පෝලිම්වල පීඩා විඳි සහ ආර්ථිකය ගොඩනැඟීමට 2048 දක්වා කල් ගතවන බව පැවසූ යුගයක් තිබූ බව අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය. 

එහෙත් එම තත්ත්වය වෙනස් කරමින් මේ වන විට ණය ගෙවීම ආරම්භ කර ඇති බවත්, ස්ථාවර ආර්ථිකයක් කරා රට මෙහෙයවමින් පවතින බවත් ඔහු අවධාරණය කළේය.

පාඩු ලැබූ රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට කර්මාන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මීට පෙර රුපියලකට හෝ විකුණා දැමීමට සූදානම් කර තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතුළු ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන රැසක් මේ වන විට ලාභ ලබන තත්ත්වයට පත් කර ඇති බවයි. 

කහටගහ පතල, ලංකා මිනරල් සෑන්ඩ්ස්, වාලච්චේන කඩදාසි සංස්ථාව, බී.සී.සී. (BCC) ආයතනය සහ මිල්කෝ ආයතනය වැනි ආයතන මේ වන විට මෙහෙයුම් ලාභ ලබමින් සේවකයින්ට ප්‍රසාද දීමනා පවා ලබාදෙන මට්ටමට දියුණු වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

හොරකම සහ දූෂණය නතර කිරීමේ ප්‍රතිඵල මෙම ආයතන ලාභ ලබන තත්ත්වයට පත් වූයේ හොරකම සහ දූෂණය නතර කිරීම මෙන්ම අකාර්යක්ෂමතාවය මඟහරවා ගැනීම නිසා බව අමාත්‍යවරයා පැවසීය. 

රජය සෑම ව්‍යාපාරයක්ම කළ යුතු යැයි තමන් විශ්වාස නොකරන නමුත්, විකුණා දැමීමට නියමිතව තිබූ රජයේ ව්‍යාපාර අද වන විට රජයට ආදායම් උපයන මට්ටමට පත් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ආර්ථික ස්ථාවරත්වය සහ ඉදිරි ගමන පසුගිය මාස 12-18 වැනි කෙටි කාලසීමාවක් තුළ ඩොලරය ස්ථාවර කර ගැනීමටත්, අපනයන වර්ධන වේගය ඉහළ නංවා ගැනීමටත් රජයට හැකි වී තිබේ. 

2024 වසරට සාපේක්ෂව 2025 සහ 2026 වසරවලදී ආර්ථිකයේ කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගැනීමට හැකි වනු ඇති බවට ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

13 Comments

  1. Air Lanka is profitable now? Handun dear are you drunk?

    ReplyDelete
    Replies
    1. ♥️ දුන්නු ඡන්දය ගැන හැමදාමත් ආඩම්බරයි

      Delete
  2. Then no big kuchchan.ok

    ReplyDelete
  3. From Dhananath Fernando's FB postJune 10, 2026 at 5:59 PM

    2025 අවුරුද්දේ මහා භාණ්ඩාගාරයේ Annual Report එක එළියට ඇවිල්ලා තියෙනවා.
    2024 රජයට අයිති ප්‍රධාන ව්‍යාපාර 51ක ලාභය රු. බිලියන 539යි. 2025 ඒක රු. බිලියන 444යි. ඒ කියන්නේ ලාභය 17%කට වඩා අඩු වෙලා.

    මේ රජයට අයිති ව්‍යාපාරවල asset base එක 2025දී රු. ට්‍රිලියන 16.5ක්. බිලියන නෙවෙයි. ට්‍රිලියන. ඒ කියන්නේ රු. බිලියන 16,500ක්. මේක අපේ GDP එකෙන් 50%ක් වගේ. හැබැයි ඒ වත්කම් වලින් ලැබිලා තියෙන මුළු ලාභය රු. බිලියන 444යි. ඒ කියන්නේ asset එකට සාපේක්ෂව return එක ඉතාම අඩුයි.

    2025දී වැඩිපුරම පාඩුවක් ආවේ Ceylon Electricity Board එකෙන්. CEB එකේ loss එක රු. බිලියන 38.7ක්.

    ඒ වගේම SriLankan Airlines, Lanka Sugar, State Plantations, Sri Lanka Rupavahini Corporation වගේ ආයතනත් පාඩුයි.

    ගොඩක් අය හිතුවා අවංක අය දාලා, accounts හදලා, discipline එකක් දාලා, මේවා ලාභ කරන්න පුළුවන් කියලා.
    අවංකකම වැදගත්. ඒක අවශ්‍යයි. හැබැයි ඒක විතරක් ප්‍රමාණවත් නෑ.
    Lanka Sathosa, National Water Supply and Drainage Board, Lanka Sugar, Milco, Development Lotteries Board වගේ ආයතන කිහිපයක් 2024ට audited annual reports submit කරලා නැති බව report එකේම තියෙනවා.



    ReplyDelete
  4. මොනා කරන්නද මොළේ දිග පළල අනුව තමයි කතාව.

    ReplyDelete
    Replies
    1. big kuchan,,, answer big kuchan too,no kuchchan jeppo happy

      Delete
  5. Hari Malliiiiiiii

    ReplyDelete
  6. What plans do you have to handle El Nino

    ReplyDelete
  7. El Nino ekata lasthida?

    ReplyDelete
  8. සොත්ති කතා.

    ReplyDelete
  9. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද විශේෂ ප්‍රකාශයකට අනුව, ව්‍යාජ සමාගම් පිහිටුවා භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් අමෙරිකානු ඩොලර් කෝටි පහකට ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස විදේශයන්ට යැවීමේ දැවැන්ත මූල්‍ය ජාවාරමක් පිළිබඳව මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ. මෑත කාලයේදී මහත් ආන්දෝලනයකට තුඩු දුන් එන්ඩීබී බැංකුව හා සම්බන්ධ රුපියල් කෝටි 1300ක මූල්‍ය වංචාවේ මුදල් ද මෙම ජාලය හරහාම රටින් පිටකර ඇති බවට එහිදී වැඩිදුරටත් කරුණු හෙළිදරව් විය

    ReplyDelete
  10. ප්‍රීති කුරුප්පුJune 10, 2026 at 9:35 PM

    බිලියනේකට බිංදු කීයක් තියෙනවාද කියලා හඳුන්නෙත්ති හරියට කිව්වොත් මම වයින් බෝතලයක් ම බොනවා.

    ReplyDelete
  11. මු යටට ඇදලද ඉන්නේ දැන්නැහැ

    ReplyDelete
Previous Post Next Post