බොදු - කිතුනු සමගිය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්..


 අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී  පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය. 

කාදිනල්තුමා සුරේෂ් සලේ මැතිතුමාට වද හිංසා කිරීමට පක්ෂව ප්‍රකාශ නිකුත් කරන විට අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේ මේ වද හිංසා ලබා දීමට එරෙහිව ප්‍රකාශයක් නිකුත් කරලා තිබෙනවා. ඒ නිසා සුරේෂ් සලේ මැතිතුමාට වද හිංසා ලබා දීමේ සිදුවීම මේ වන විට බුද්ධ ශාසනය සහ කතෝලික පල්ලිය අතර ගැටුමක් දක්වා ඉදිරියට යමින් තිබෙනවා. අපේ රටේ වසර පන්සීයකට අධික කාලයක් බෞද්ධයන් සහ කතෝලිකයන් ඉතාම සමගිව ජීවත් වුණා. විශේෂයෙන්ම සිංහල සමාජයේ බෞද්ධයන් සහ කතෝලිකයන් අතර මිශ්‍ර විවාහ අතීශයින්ම සුලභ සිදුවීමක්. එහෙම විවාහ වුණාය කියලා කතෝලික බෞද්ධ සැමියා කතෝලික බිරිඳට ආගම මාරු කරන්න කියලා බල කරන්නේත් නැහැ. කතෝලික බිරිඳ බෞද්ධ සැමියාට ආගම මාරු කරන්න කියලා බල කරන්නෙත් නැහැ. අපේ පක්ෂයේම ඉන්නවා විශාල පිරිසක්. එකම පවුලේ සමහර සහෝදරයෝ බෞද්ධ වෙන්නත් සමහර දරුවෝ කතෝලික වෙන්නත් තරමටම ඒ අපේ රටේ කතෝලික බෞද්ධ සමගිය උච්ච ස්ථානයකට පැමිණිලා තිබෙනවා. මේ රටේ සිංහල ජාතිය සතු ලොකුම ශක්තිය තමයි බෞද්ධ කතෝලික සමගිය. ඒ නිසා බෞද්ධයා සහ කතෝලිකයා භේද කරලා සිංහලයා දුර්වල කිරීමේ කුමන්ත්‍රණයක් ඉතාම අපූර්වට හෙමීට යටින් යනවා. මේ සිංහලයා භේද කර දුර්වල කිරීමේ කුමන්ත්‍රණයට නායකත්වය දෙන එන්.ජී.ඕ. කල්ලිය මේ වන විට කතෝලික පල්ලිය තුළ ආධිපත්‍ය පතුරගෙන ඉන්නවා. ඒ එන්.ජී.ඕ. කල්ලියේ ප්‍රමුඛතම චරිත විදිහට තමයි සිරිල් ගාමිණී, ජූඩ් ප්‍රනාන්දු, රුවන් සිල්වා වැනි පියතුමන්ලා කටයුතු කරන්නේ. මේ පිරිස තමයි පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු කියන කුමන්ත්‍රණ න්‍යාය ගොනු කරලා කොල්ලුපිටියේ ශාන්ත අන්තෝනි පල්ලියේදීත් ඒ වගේම සී.එස්.ආර්. නැත්නම් සමාජයේ සහ සාමයික කේන්ද්‍රයේදීත් කුමන්ත්‍රණක න්‍යායන් ගොනු කරලා සමාජය තුළ ප්‍රචලිත කරමින් ඉන්නේ. මේ අයගේ උත්සාහය තමයි පාස්කු ප්‍රහාරයේ වගකීම මුස්ලිම් අන්තවාදීන්ගෙන් නිදහස් කරලා මුස්ලිම් අන්තවාදීන් පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් නිදහස් කරලා ඒක බෞද්ධයන් මත පටවලා බෞද්ධ කතෝලික සමගිය කුඩුපට්ටම් කරලා දාන එක.

එතකොට මේ මේ කුමන්ත්‍රණ න්‍යාය ප්‍රචලිත කිරීමේ සිය ප්‍රමුඛතම රාජකාරිය කරගෙන සිටින යූටියුබ් කරුවා මීට කලින් සී.එස්.ආර්. නැත්නම් සමාජයේ සහ සාමයික කේන්ද්‍රයේ පඩියට වැඩ කරපු සේවකයෙක්. මේ එන්.ජී.ඕ. කල්ලියේ බලපෑමට තමයි කාදිනල්තුමා මේ ආණ්ඩුවට බල කරලා පාස්කු විමර්ශනයේ සිදුකිරීම සඳහා පොලිස් අමාත්‍යංශයේ ලේකම් ධූරයට රවී සෙනවිරත්න මහත්තයාවත් රහස් පොලීසියේ අධ්‍යක්ෂක ධූරයට ශානි අබේසේකර මහත්තයාවත් පත් කරගත්තේ. ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි රහස් පොලීසිය සිදු කරන විමර්ශනයක ප්‍රධාන සැකකරුවෙක් රාස් පොලීසියේ අධ්‍යක්ෂක ධූරයට පත්වෙන්නේ. ඒ වගේම ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි රහස් පොලීසියේ අධ්‍යක්ෂක ධූරයට දේශපාලකයෙක් පත්වෙන්නේ. ඒ වගේම තමයි රහස් පොලීසියේ විමර්ශන දෙකක ප්‍රධාන සැකකරුවෙක් පොලීසිය බාර අමාත්‍යංශයේ ලේකම් ධූරයට පත් වෙන්නේ. විමල් රත්නායක ඇමතිතුමා නම් කියන්නේ ඕවා අපේ වැඩ නෙවෙයි කාදිනල්තුමාට බැහැ කියන්න බැරිකමට කරපු පත්වීම් කියලා. එතකොට පාස්කු ප්‍රහාරයට තමන්ව අත්අඩංගුවට ගන්න එක වළක්වන්න කියලා අධිකරණයෙන් ඉල්ලා සිටිය පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියලා රහස් පොලීසිය විසින් විමර්ශනයක සැකකරුවන් ලෙස අධිකරණය ඉදිරියේ නම් කරලා හිටිය දෙදෙනෙකුට විමර්ශනය භාර දීමට කාදිනල්තුමාට උවමනා වුණේ ඇයි? පාස්කු ප්‍රහාරයේ ඇත්ත සොයා ස්වාධීන පරීක්ෂණයක් හරහා ස්වාධීන විමර්ශනයක් හරහා පාස්කු ප්‍රහාරයේ ඇත්ත හෙළිදරව් කරගන්නවා වෙනුවට සැකකරුවන් ලවා විමර්ශනය සිදුකර ගැනීමට කාදිනල්තුමාට අවශ්‍ය වුණේ ඇයි? ඇත්ත මතු වෙනවාට කාදිනල්තුමා බියට පත්වන්නේ ඇයි?

ඒ වගේම පාස්කු ප්‍රහාරයට අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ඇති සම්බන්ධය හෙළිදරව් කරගෙන ඊබ්‍රාහිම් නානා, මොහොමඩ් නවුෆර්, රිස්කාන්, මිල්හාන් වැනි පාස්කු ප්‍රහාරයේ සැබෑ සැකකරුවන්ට උසාවි හතක චෝදනා විසිතුන් දහස් දෙසිය හැත්තෑවක් ගොනු කරන කොට පාස්කු ප්‍රහාරයේ වැරදි පාරේ යන බවට කාදිනල්තුමා ප්‍රකාශ කළේ ඇයි? ඒ වගේම අනිත් පැත්තෙන් පාස්කු ප්‍රහාරයට ඍජුවම දායකත්වය ලබා දුන්නු ත්‍රස්තවාදී සැකකරුවෙක් ලෙස නම් කළ යුතු බවට ජනාධිපති විමර්ශන කමිටුව විසින් නිර්දේශ කර තිබෙන අසාද් මවුලානා කොටි හිතවාදී චැනල් ෆෝ නාලිකාවට කියූ පචයක් පදනම් කරගෙන පාස්කු ප්‍රහාරයේ වගකීම බෞද්ධයන්ගේ හිස මත පටවන්නට කාදිනල්තුමා මෙතරම් උනන්දු වන්නේ ඇයි? ඇත්තෙන්ම බෞද්ධ කතෝලික සමගිය විනාශ කිරීමට පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් ලවා විමර්ශනය සිදුකරමින් පාස්කු ප්‍රහාරයට දායක වුණු අයගේ ප්‍රකාශ මත පදනම් වෙලා බෞද්ධ කතෝලික සමගිය විනාශ කිරීමට කාදිනල්තුමාට උවමනා වී ඇත්තේ ඇයි? මේවා පාස්කු වින්දිතයන්ට පමණක් නෙවෙයි බෞද්ධ කතෝලික සමගිය වෙනුවෙන් සැබවින්ම පෙනී සිටින මේ රටේ බහුතර ජනතාවට පිළිතුරු ලැබිය යුතු ප්‍රශ්න විදිහටයි අපි දකින්නේ.

මේ කුමන්ත්‍රණ නියායකරුවන්ට අනුව පාස්කු ප්‍රහාරය සිදු කළේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ජනාධිපති ධූරයට පත්කර ගන්න. එහෙම බලන කොට ගෝඨාභය මැතිතුමාගේ දෙදාස් දහනවයේ ජනාධිපතිවරණ ජයග්‍රහණයට වැඩිම දායකත්වය ලබා දීලා තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි ඊබ්‍රාහිම් නානා. ඊබ්‍රාහිම් නානාගේ පුතාලා දෙන්නෙක් පුතාලා දෙන්නෙක් ලේලියක් සහ මුණුබුරන් දෙදෙනෙක් බිලිදුන්නා පාස්කු ප්‍රහාරයට. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයට වැඩිම දායකත්වය ලබා දීලා තියෙන්නේ මේ කුමන්ත්‍රණ නියාය අනුව නම් ඊබ්‍රාහිම් නානා. හැබැයි ඊබ්‍රාහිම් නානාට ජනාධිපතිවරණයෙන් පස්සේ කිසිම සැලකීමක් කළේ නැහැනේ.

ඇත්තෙන්ම දෙදාස් දහනවයේ දෙදාස් විස්සේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලයිස්තුවේ මන්ත්‍රීධූර දාහතක් ඔහුට ලැබිලත් එයින් එකක් ඊබ්‍රාහිම් නානාට වෙන් කරලා ඊබ්‍රාහිම් නානාගේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයේ සීහිනය සැබෑ කරන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කටයුතු කළේ නැහැ. අඩුම ගන්නේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර දූරයවත් ඊබ්‍රාහිම් නානාට ලබා දුන්නේ නැහැ. එහෙම බලන කොට ලංකා ඉතිහාසයේ බිහි වුණු ගුණමකුම දේශපාලකයා බවට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පත් වෙනවා. අන්න ඒකට මාලිමාව. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඊබ්‍රාහිම් නානාට කළ ගුණ සැලකුවේ නැති වුණාට මාලිමාව නම් අපූර්වට කළ ගුණ සැලකුවා.

මාලිමා ආණ්ඩුව බලයට ආවට පස්සේ ඊබ්‍රාහිම් නානා ත්‍රස්තවාදී ත්‍රස්තවාදයට අනුබල දීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදී ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු දැනගෙන එය ආරක්ෂක අංශ වලට දැනුම් නොදීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ ප්‍රධානතම සාක්ෂිකාරිය වන්නේ ඔහුගේ නිවසේ සේවිකාව ලෙස කටයුතු කළ කාන්තාවයි. ඇයගේ සාක්ෂිය මත පදනම් වෙලා තමයි නීතිපතිවරයා ඊබ්‍රාහිම් නානාට එරෙහිව නඩු ගොනු කළේ. හැබැයි දෙදාස් විසිපහේ මාර්තු මාසේ නඩුව කැඳෙව්වාම දෙවන සාක්ෂිකාරිය ලෙස නම් කර හිටිය නිවසේ කාන්තාව අතුරුදහන් වෙලා. නීතිපතිවරයා අධිකරණයට දැනුම් දෙනවා ඇය විදෙස්ගත රැකියාවකට ගිහිල්ලා කියලා. හරිනම් තහනම් නියෝගයක් දාලා රටේ තියාගත යුතුව තිබුණේ. ඒ වගේම අඩුම ගන්නේ ඇය ගුවන්ගත වෙනවාද කියලා පොලිස් විමර්ශනයට ලක් කළ යුතුව තිබුණු කාන්තාවට අපූර්වට රටින් පැන යන්න දීලා නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙනවා මේ තීරණාත්මක සාක්ෂිකාරිය විදෙස්ගත රැකියාවකට ගිහින් කියලා. දැන් මොකද වෙන්නේ? ඒ කියන්නේ ඊබ්‍රාහිම් නානාට නිදොස් වෙලා සුද්ධ වෙලා එළියට එන්න අවස්ථාවක් ලැබෙනවා. 

ඒ වගේමයි රහස් පොලීසිය විසින් විරුද්ධ නොවුණු නිසා රාජ්‍ය සන්තක කරලා නැත්නම් රජයේ භාරයට ගෙන තිබුණු ඊබ්‍රාහිම් නානාගේ සියලුම දේපල නැවත ඊබ්‍රාහිම් නානාටත් මේ ආණ්ඩුව භාර දීලා තියෙනවා. ඒ නිසා ගෝඨාභය ජනාධිපතිතුමනි දේශපාලනයේ කළගුණ සලකන ආකාරය අනුර දිසානායක ජනාධිපතිතුමාගෙන් ඉගෙන ගන්න කියලා අපි ගෝඨාභය ජනාධිපතිතුමාට කියනවා.

16 Comments

  1. කුමන්ත්‍රණයක්..කුමන්ත්‍රණයක්.. විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්..

    ගම්මන්පිල සර්, අර 2004රෙ කොලඹ ශාරුක්කාන් ගේ මිසුස්කල් ශෝ එකට බොම්ම ගස්සපු අයත් හොයන්න ඔනී...

    ReplyDelete
    Replies
    1. Palli kakko set eka hunduwa ekka game ekak gahanawa

      Delete
    2. Transormer puchchapuwath hoyamu

      premakeerthi marapuwath hoyamu

      Delete
  2. ගම්මන්පිල මගුලක් කියනවා. කතෝලික පල්ලිය තමයි ලංකාවේ තියෙන ලොකුම පිළිලය. යටත් විජිත කාලේ ඉදලා බෞද්ධාගම විනාශ කරන්න බලන්නේ. සෝම හාමුදුරුව අපවත් කරෙත් කුරුසයෝ. හම්බයන්ට වඩා හපන් කුරුසයෝ. එකට ඉදගෙන පිටට පිහියෙන් අනින්නේ.

    ReplyDelete
    Replies
    1. Palli kakko set eka hunduwa ekka game ekak gahanawa

      Delete
  3. ඒක තමා කොටි ඩයස්පෝරාව ජෙප්පොන්ව සහ කාඩිනල්ව නටවනවා කියන්නේ ....කොටින්ට ඕනා ආපහු යුද්දයක් හරි වියවස්තා වෙනසක් ආපු වෙලාවක හරි සින්හල බෞද්දයා දුර්වල කල්ලා තියන්න....
    යහපාලන කාලේ ජනාදිපති කොමිසමෙන් තීරනය කලා ශානි සහ රවී කියන උන් දෙන්නා ඉන්දියාවෙන් සහ ඈමරිකාවෙන් ආපු බුද්ධි තොරතුරු ගෑන් ක්‍රියා කලේ නෑ කියලා.......එහෙමනම් මේ ශානි සහ රවි ගෑන නේද හොයන්න ඕනා උන් එහෙම කලේ ඈයි කියලා....??? කාඩිනල් මේ මොකක්ද කරන්නේ.....? ඈයි කාඩිනල් ශානි සහ රවි රකින්නේ....?? කාඩිනල්ට අද ශානි සහ රවි මේ පරීක්ශන මෙහෙයවන එක ගෑන ප්‍රශ්නයක් නෑද්ද....? එහෙමනම් මේ කාඩිනල් බොරුවක් නේද කරන්නේ....? දේශපාලනයක් නේද කරන්නේ.....?? මේ දේශපලන කාඩිනල් ගෑන නේද හොයන්න ඕනා

    ReplyDelete
  4. රජයේ භාරයට ගෙන තිබුණු ඊබ්‍රාහිම් නානාගේ සියලුම දේපල නැවත ඊබ්‍රාහිම් නානාටත් මේ ආණ්ඩුව භාර දීලා තියෙනවා


    mun nan Devivaru wagayak

    neda SIRIL GAMINI

    ReplyDelete
  5. කතෝලිකයෝ රටට සාපයක්. කාදිනල් ලොකුම සාපෙ. වයිරයෙන් උමතු වූ ඔහුට උතුම් බදු සරන ප්‍රාර්ථනා කරමු.

    ReplyDelete
    Replies
    1. මේ රටට සාපේ සිංහලබෞද්ධයො (එක වචනයක්)

      Delete
  6. ආගම් භේද ජාතිවාදය අවුස්සන්නෙ මූම තමයි
    තමයි

    ReplyDelete
  7. සල්ලේ ගැන රට දැනගත්තේ ඔහු අත්අඩංගුවට ගත් පසුවයි. නමුත් දූෂිත දේශපාලනඥයන් සහ ඇතැම් භික්ෂූන් වහන්සේලා ඔහු ‘හොඳ මහත්මයෙක්’ බවට සහතික දෙති. බුද්ධි අංශ නිලධාරියෙකු ගැන මෙතරම් දෙනා දැන සිටීම නම් පුදුමයකි. එහෙම බලන විට ඔහු රහස් නිලධාරියෙක්ද, නැත්නම් ජනප්‍රිය දේශපාලනඥයෙක්ද?"

    ReplyDelete
    Replies
    1. කෝච්චියේ ටොෆී, සිගරැට් විකුන විකුන හිටපු කොටාගැන මුලින්ම ජනතාව දැනගත්තේ කෙසේද?

      Delete
    2. කොටා ගැන නෙමේ හුත්තො කතාව. ලංකට්වතීගේ සට්ටැඹියා ගැන

      Delete
    3. පදු ලපය ගැන දැනගත් හැටිත් කියාගන පලයල්ල.

      Delete
  8. පච කොටා කොහොම හරි ආගම්භේදයත් ඇති කරල ලේ ගංගාවක් හදලා තමයි පස්ස බලන්නෙ..ඒකට හවුල් වෙනවා තක්කඩි ගෑනු හොරා කාදිනල්, සිරිල් ගාමිණී කියන කොටි ත්‍රස්තවාදීයා, ජූඩ් පීරිස් කියන කොටි සෙට් එකම කොහොම හරි සිංහල බෞද්ධයට කෙලින්න තමයි හදන්නෙ.

    ReplyDelete
  9. රංජන් සහ ශානිගේ ලීක් වුන දුරකථන සංවාද ඇහුවම ලංකාවේ ආරක්ෂාව මොන තරම් නම් පහළ මට්ටමකද තියෙන්නෙ කියල වැටහෙනවා. ශානි වගේ පුද්ගලයෙකු අතට රටේ ආරක්ෂාව සම්බන්ධ රහස් යාමේ භයානක කම වටහා ගත් සලේ ශානි අතට තමන් විසින් විශ්‍රාම ගිය පසු පෞද්ගලිකව සොයා ගත් රහස් නොදී රට වෙනුවෙන් මියයෑම ඊට වඩා යහපති කියා තීරණය කර ඇති බව තමයි පැහැදිලි වන්නෙ. ඒ නිසා විය හැකියි ශානි ඉවත් කරන තෙක් උපවාස කරන්න තීරණය කර ඇත්තේ.

    ReplyDelete
Previous Post Next Post