Gov Pay දඩ ගෙවීම පහසු නිසා අනතුරු වැඩිවෙලා.. දැන් කෙලින්ම උසාවි..- DIG


රථ වාහන දඩ මුදල් ගෙවීම සඳහා ‘GOV PAY’ පද්ධතිය හඳුන්වා දීමෙන් පසු මෙරට මාර්ග අනතුරු ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙනෙන්නට තිබෙන බව රථ වාහන පාලනය හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා පවසයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් රථ වාහන වැරදි සම්බන්ධයෙන් මින් ඉදිරියට මෘදු නීති ක්‍රියාත්මක නොකරන ලෙස සියලුම රථ වාහන පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ද ඔහු සඳහන් කළේය.

මේ වසරේ ගතවූ කාලය තුළ රථ වාහන අනතුරුවලින් විශාල පිරිසක් මියගොස් ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය පොලිස්පතිවරයා, ඊට ප්‍රධානතම හේතුව අධික වේගය බව අවධාරණය කළේය.

මීට අමතරව විෂ මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානය කර රිය පැදවීම ද අනතුරු ඉහළ යාමට ප්‍රබල ලෙස බලපා ඇති බව ඔහු පෙන්වා දෙයි.

පසුගිය කාලසීමාව තුළ පොලිස් නිලධාරීන් ඇතැම් බරපතළ වැරදි සඳහා දඩ පත්‍රිකා නිකුත් කර ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ ද, මින් ඉදිරියට එම ක්‍රමය වෙනස් වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

විශේෂයෙන්ම මාර්ගයේ ඉරි කපා ධාවනය කිරීම සහ අධික වේගයෙන් රිය පැදවීම වැනි වැරදි සම්බන්ධයෙන් දඩ පත්‍රිකා පමණක් නිකුත් කර මුදා නොහරින ලෙසත්, එම වැරදිකරුවන් අනිවාර්යයෙන්ම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් රථ වාහන පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

දඩ මුදල් පහසුවෙන් ගෙවීමට ඇති හැකියාව නිසා රියදුරන් අතර පවතින විනය පිරිහී ඇති බවත්, එය අනතුරු වැඩිවීමට වක්‍රව බලපා ඇති බවත් පොලිසිය සැක පළ කරයි.

එම නිසා රියදුරන් වඩාත් වගකීමෙන් යුතුව රිය පැදවිය යුතු බවත්, නීතිය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

6 Comments

  1. Ithin thopi kiyanne pothe liyanna kiyalada. technology ekka issarahata yanna bari booruwo

    ReplyDelete
  2. තාර්කිකව බැලුවොත් මූ කියන කතාවෙන් අපෝහනය කරන්න පුලුවන් කාරණා කීපයක් තියෙනව.

    මූ කියන විදියට මිනිස්සුන්ව වැඩිපුර රස්තියාදු කලොත් අනතුරු අඩු කරන්න පුලුවන්.

    තාක්ෂණය අඩුවෙන් පාවිච්චි කරලත් අනතුරු අඩු කරන්න පුලුවන් . ඒ කිව්වෙ නව තාක්ෂණය යොදාගෙන පාරවල් හැදීමත් අනතුරු වැඩි කරන්න හේතු වෙලා තියනව.

    අනෙක් අතට උසාවිය කියන්නෙ මිනිස්සුන්ව වැඩිපුර රස්තියාදු කරන තැනක්

    අම්මපා මේ වගේ අන්ත පසුගාමී පොලිස් කාරයන්ට උසස්වීම් ලැබුනෙ කොහොමද ?

    ReplyDelete
  3. YAKO WAHANA GANATA PARAWAL hariyate HADAPALLE

    eke adayamen kanne nathuwa


    Then accidents will reduce

    ReplyDelete
  4. තවත් වටිනා ගොං කතාවක්.
    දෙන්න අත්පුඩියක් 👏👏👏

    ReplyDelete
    Replies
    1. 👏👏👏👏👏👏👏👏👏

      Delete
  5. ජනයි ප්‍රියයිJune 28, 2026 at 6:48 PM

    ඇත්තටම උනේ මිනිස්සු දැන් පගාව දීල shape වෙන්නේ නැතුව online ගෙවනවා. රජයට අදායම් වැඩි වෙලා, මෙයාලගේ අදායම් අඩුවෙලා

    ReplyDelete
Previous Post Next Post