ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 217ක දරුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
නෝර්ත් සවුන්ඩ්හිදී පැවැති මෙම තරගයේදී කොදෙව් පිතිකරුවන් දැක්වූ දක්ෂතා හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අසරණ වූ අයුරු දැකගත හැකි විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 308ක් රැස් කළේය.
එහිදී නායක ධනංජය ද සිල්වා වගකීම් සහගත ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 120ක් රැස් කළ අතර, දිනේෂ් චන්දිමාල් ලකුණු 54ක් සහ සොනාල් දිනූෂ ලකුණු 43ක් ලබා ගනිමින් ඉනිමට ශක්තියක් වූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 626ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.
කොදෙව් ඉනිමේ කැපී පෙනෙනම පිතිකරුවා වූ අමීර් ජැන්ගෝ ලකුණු 233ක විශිෂ්ට ද්විත්ව ශතකයක් වාර්තා කළ අතර, රොස්ටන් චේස් ලකුණු 194ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි ලෙස වෙහෙසට පත් කළහ.
ලකුණු 318ක දැවැන්ත පසුබෑමක් සහිතව සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට කොදෙව් පන්දු යවන්නන් හමුවේ කිසිදු අභියෝගයක් එල්ල කිරීමට නොහැකි විය.
මුළු ලකුණු සංඛ්‍යාව 101ක් වන විට ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ සියලු කඩුලු බිඳ වැටුණි.
එහිදී දිනේෂ් චන්දිමාල් ලබාගත් ලකුණු 43 හැරුණු විට සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 15 සීමාව හෝ පසු කිරීමට කොදෙව් පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන්හ.
තරගයේ වීරයා සම්මානය ද්විත්ව ශතකයක් රැස් කළ අමීර් ජැන්ගෝ හට හිමි විය.
මෙම ජයග්‍රහණයත් සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සත්කාරක කොදෙව් කණ්ඩායම සමත්ව සිටියි.

කිසිම ටැලන්ට් එක්ක නැති වේස වලත්ත පඩශෝ ශ්‍රී ලන්කට් නයිට්කල්බ් Born Again පොන්න ක්‍රිකට්
ReplyDeleteඅපේ ක්‍රිකට් ටීම් එක සල්ලි වලින් මත්වෙලා ඉන්නෙ. දිනන්න පොට්ට චාන්ස් තියෙන නිසා 20-20 විතරක් ගහන්න පුළුවන්.
ReplyDeleteෂම්මි ගේ මණ්ඩලේ නැහැ....දැන් තියෙන්නේ රජය පත්කළ මණ්ඩලේ....ඒත් ඇයි මේ බලු විදිය ට පරදින්නේ....
ReplyDelete