රජයේ ව්‍යාපාර සඳහා රජය ඇපවී නොගෙවූ ණය ප්‍රමාණය රු. බිලියන 1080..


රජය සතු ව්‍යවසායයන් වෙනුවෙන් රජය විසින් ඇප වී ඇති, මෙතෙක් පියවා නොමැති ණය ප්‍රමාණය 2025 වසර අවසන් වනවිට රුපියල් බිලියන 1,080.18ක් දක්වා ඉහළ යනු ඇතැයි මුදල් අමාත්‍යාංශය පුරෝකථනය කරයි. 2027 වර්ෂය සඳහා අදාළව ඉදිරිපත් කර ඇති මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය මගින් මෙම තොරතුරු අනාවරණය කර ඇත.

මෙම ණය ප්‍රමාණය පසුගිය වසර තුනක කාලය තුළ මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) සාමාන්‍ය අගයෙන් සියයට 3.59ක් බව එම වාර්තාවේ සඳහන් වේ.

වාර්තාවට අනුව, රජයේ ඇපකර මත ලබාගත් ණය අතරින් වැඩිම හිඟ ණය ප්‍රමාණයක් වාර්තා වන්නේ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතනවලිනි. ඒ අනුව, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවීමට ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 237.69ක් වන අතර, මාර්ග සංවර්ධන අධිකාරිය පියවීමට ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 209.46කි. මීට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දී ඇති නොපියවූ ඇපකර ප්‍රමාණය රුපියල් බිලියන 201.94ක් ලෙස සටහන් වේ.

මෙම ප්‍රධාන ආයතන තුනෙහි පියවා නොමැති ණය ප්‍රමාණය, රජය ඇප වී ඇති සමස්ත නොපියවූ ණය ප්‍රමාණයෙන් ආසන්න වශයෙන් සියයට 60ක් පමණ වන බව ද මුදල් අමාත්‍යාංශ වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.





Government-Guaranteed Loans Expected to Exceed Rs. 1,080 Billion by 2025

The Ministry of Finance has projected that the total amount of loans guaranteed by the government for state-owned enterprises, which have yet to be drawn down, will rise to Rs. 1,080.18 billion by the end of 2025. This information was revealed in the fiscal strategy statement presented for the year 2027.

According to the report, this loan amount corresponds to approximately 3.59% of the country’s Gross Domestic Product (GDP) over the past three years.

The analysis indicates that the largest portion of outstanding debt among government-guaranteed loans is attributed to the National Water Supply and Drainage Board and the Road Development Authority. Notably, the National Water Supply and Drainage Board has an unpaid loan amounting to Rs. 237.69 billion, while the Road Development Authority’s outstanding loan stands at Rs. 209.46 billion. Additionally, the total unpaid guarantees extended to the Central Bank of Sri Lanka are recorded at Rs. 201.94 billion.

Collectively, the outstanding loans from these three major institutions account for nearly 60% of all unpaid debts guaranteed by the government, further highlighting the significant financial commitments borne by these entities, as outlined in the Ministry of Finance's report.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post