වත්මන් රජයේ වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව තුළ ඉහළ විශ්වාසයක් පවතින බවත්, මෙම පාලනය තවත් වසර 20ක් හෝ 25ක් අඛණ්ඩව ඉදිරියට යා යුතු බව ජනතාව පවසන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, මීට පෙර පැවති "හොඳටම අමාරුයි" වැනි සටන් පාඨ දැන් ජනතාව අතරින් ඉවත්ව ගොස් ඇති බවයි. ජනතාව දැන් මැසිවිලි නොනගන බවත්, ඔවුන් රජයේ සහනදායී වැඩපිළිවෙළ පිළිබඳව සතුටින් පසුවන බවත් ඔහු අවධාරණය කළේය.
"ජනතාවගෙන් අපට ලැබෙන ප්‍රතිචාර දෙස බැලූ විට පෙනී යන්නේ ඔවුන්ට මේ ආණ්ඩුව තවත් වසර 20ක් 25ක් අවශ්‍ය බවයි. මිනිස්සු දැන් කඳුළු සලන්නේ නැහැ, මැසිවිලි නගන්නේ නැහැ. මේ ආණ්ඩුව ජනතාවට සහන දිය හැකි පළමු පැයේ සිටම ඒ වෙනුවෙන් කැපවී සිටිනවා," යනුවෙන් මන්ත්‍රීවරයා පැවසීය.
එමෙන්ම ගොවි ජනතාව පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ගොවීන් තමන් "රජවරුන්" ලෙස සිතන මානසිකත්වයක පසුවීම ඉතා යහපත් බවයි. අතීතයේ ඇතැම් කණ්ඩායම් විසින් එම ගෞරවය ගොවීන්ගෙන් උදුරාගෙන තිබූ බවත්, වත්මන් රජය යටතේ ගොවියාට හිමි නිසි ගෞරවය ලබාදීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Minister Devananda Surawira Highlights Public Confidence in Current Government
Minister Devananda Surawira has expressed that there is a significant level of trust among the public regarding the current government's actions. He emphasized that many citizens believe this administration should continue for another 20 to 25 years.
Speaking at a media briefing, the minister elaborated on the shifting public sentiments, noting that previous frustrations denoted by phrases like "it's very difficult" have largely dissipated. He remarked that the public is now displaying a sense of calm and satisfaction with the government's welfare initiatives.
“Observing the feedback from the people, it is clear they feel this government should remain in power for an additional 20 to 25 years. People are no longer shedding tears or expressing distress. This government has been committed to delivering relief to the public since the very first day,” Surawira stated.
Furthermore, he discussed the agricultural community, indicating a positive mental shift among farmers who now perceive themselves as "royalty." He noted that past administrations stripped away this dignity, but the current government is working to restore proper respect and recognition for farmers.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

මෙම පාලනය තවත් වසර 20ක් හෝ 25ක් අඛණ්ඩව ඉදිරියට යා යුතු බව පවසන ජනතාව ඉන්නෙ තුම්පනේද නැත්නම් අංගොඩද?
ReplyDeleteපැලවත්තෙ
Deleteමුං මේ කරන්නේ තනිකරසැලසුමක් ක්‍රියාත්මක කිරීමක්. මුලින්ම මුංට විරුද්ධව නැගිටින්න පුළුවන් දේශපාලඥයෝ නිහඩ කරනවා ඒ එක්කම මේ රටේ සියලු අවස්ථාවන්හි පෙරගමන් කරුවන් වගේ ඉන්න සුද්දා එදා කහ රෙදි ඇදගත් හමුදාව කියලා නම් කරපු අපේ හාමුදුරුවරුන්ට ජනතාවගේ තිබෙන හවුරවය නැති කරන්න දිනපතා සනජාමද්‍යයේ බොහොම සැලසුම් සහගතව පහර ගහලා ඔවුන් හා සමාජය අතර තිබෙන බැඳීම විනාශ කරනවා ඊට පස්සේ හාමුදුරුවරු කියන ඒව මිනිස්සු ගණන් ගන්නේ නෑ ඉන්පසු වුන්ට ඕනා විදියට වියවස්ථ වෙනස් කරලා මේ රටේ දිගටම බලයේ ඉන්නයි මේ සූදානම් වෙන්නේ
Deleteමේක සමාජ විද්‍යාව දන්න හරිනි සැලසුම් කරනවා වෙන්න ඕන. ජන මනස වෙනස් කරන විදිය මොකද මේ රටේ ඉන්නේ ටෙලිනාට්‍ය බලන බොළඳ ජනතාවක් මුං හිතන විදිය හසුරුවන්න හරි ලෙහෙසියි නැතිනම් මේ පාදඩ කලකණින්ට 68ලක්ෂයක් ඡන්දෙ දෙවි ද?
Deleteඑහෙම නම් තමයි හොඳ, ඒත් ඇයි 25ක් විතරක්. මදි නේ.
ReplyDeleteoh wow pissu nathnam shok
ReplyDeleteහරි හරි... වෙලාවට චන්දෙ තියමුකෝ බලන්න.
ReplyDelete