වී කිලෝවක් සහල් බවට පත් කිරීම සඳහා වැයවන සාමාන්‍ය පිරිවැය රුපියල් 17ක් වැනි අවම මට්ටමක පවතින බවත්, ඒ අනුව ගොවියාට මෙන්ම පාරිභෝගිකයාට ද සාධාරණයක් වන පරිදි සහල් මිල පාලනය කිරීමට රජය පියවර ගන්නා බවත් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය මගින් සිදු කරන ලද විද්‍යාත්මක ගණනය කිරීම්වලට අනුව මෙම පිරිවැය තීරණය කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වී අස්වනු නෙළීමේ සිට සහල් බවට පත් කර වෙළඳපොළට නිකුත් කිරීම දක්වා වූ සියලුම වියදම් මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ. "වී මිටිය කර තබා ගන්නා කම්කරුවාගේ පඩියේ සිට, ලොරියට පැටවීම, රියදුරු සහ සහායක වැටුප්, ගමන් අතරතුර තේ පානය සඳහා යන වියදම සහ ලොරි ටයර් ගෙවී යාම දක්වා වූ සියලුම සාධක විද්‍යාත්මකව ගණනය කර තිබෙනවා," යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් බවට පත් කිරීම සඳහා මෙරට සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් 11 දෙනෙකු මේ වන විට ලියාපදිංචි කර ඇති බවත්, ඔවුන් හරහා වී කිලෝවක් සහල් කිරීමට රුපියල් 12 සිට 22 දක්වා වූ මිල ගණන් යටතේ ටෙන්ඩර් කැඳවා ඇති බවත් ඔහු පැවසීය. ඒ අනුව සහල් නිෂ්පාදනයේ සාමාන්‍ය පිරිවැය රුපියල් 17-18ත් අතර අගයක පවතින බව තහවුරු වී තිබේ.
2026 යල් කන්නයේ අස්වනු නෙළීම මේ වන විට අම්පාර, හම්බන්තොට සහ අනුරාධපුර වැනි ප්‍රදේශවල ආරම්භ වී ඇති බව පැවසූ අමාත්‍යවරයා, රජය මැදිහත් වී සහතික මිලක් යටතේ වී මිලදී ගැනීම ආරම්භ කර ඇති බව ද පැවසීය.
ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120, සම්බා වී කිලෝවක් රුපියල් 130, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 140 යන මිල ගණන් යටතේ වී මිලදී ගැනීමට රජය රුපියල් මිලියන 16,000ක මුදලක් වෙන් කර තිබේ.
පසුගිය කාලයේ රුපියල් 270-280 දක්වා ඉහළ ගොස් තිබූ සහල් මිල පාලනය කරමින්, පාරිභෝගිකයාට රුපියල් 220, 230, 240 සහ 260 වැනි සාධාරණ මිල ගණන් යටතේ සහල් වර්ග මිලදී ගැනීමට අවශ්‍ය පසුබිම රජය විසින් සකස් කර ඇති බව ද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Government to Control Rice Prices Amid Rising Costs
The government is taking steps to regulate rice prices in a fair manner for both farmers and consumers, amidst a reported minimum average cost of Rs. 17 for processing one kilogram of rice. This announcement was made by Minister of Trade, Commerce, Food Security, and Consumer Affairs, Wasantha Samarasinghe.
According to scientific calculations conducted by the Hector Kobbekaduwa Agrarian Research and Training Institute, this cost encompasses all expenses from harvesting the rice to milling and releasing it into the market.
The minister highlighted that numerous factors have been scientifically accounted for, from the wages of workers who thresh rice to the expenses incurred during transport, such as driver salaries, refreshments during journeys, and even costs related to lorry tires.
Additionally, he noted that 11 small and medium-scale mill operators have registered for rice milling under the auspices of the Rice Marketing Board, with tenders inviting bids ranging from Rs. 12 to Rs. 22 per kilogram of rice. Consequently, the average cost of rice production has been confirmed to be between Rs. 17 and Rs. 18 per kilogram.
Minister Samarasinghe revealed that harvesting for the 2026 crop season has commenced in areas including Ampara, Hambantota, and Anuradhapura. Furthermore, he indicated that the government has intervened to initiate purchases of rice at guaranteed prices.
As part of this plan, the government has allocated Rs. 16 billion to purchase Nadu rice at Rs. 120 per kilogram, Samba rice at Rs. 130 per kilogram, and Keeri Samba rice at Rs. 140 per kilogram.
Amidst previously escalating prices reaching Rs. 270-280, the government has established mechanisms to ensure consumers can purchase rice varieties at fair prices, approximately between Rs. 220 and Rs. 260, according to Minister Wasantha Samarasinghe.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

නියමයි. දැන් වත්කම කෝටි 27 ඒවා කීයද? හොඳට ක්‍රිප්ටො දාගෙන ඉන්න හොඳේ. උඹලට ඡන්දෙ දුන්න පන් ගොවියො නම් අන්න වලේ.
ReplyDeleteහොඳයි. හැමදාම රටින් ගෙනෙන්. එතකොට තවත් ඩොලර් බිලියන ගානක් රටින් එලියට යවන්න පුලුවන්. ඊට පස්සේ ගොවිතැන් කරන උන් වස බොන්නෙ නැතැයි. වස ටිකත් රටින් ගෙනල්ල දෙන්න තියෙන්නෙ. ගොවියො ටික මැරුනම හාල් මිල රුපියල් 600 කරා නම් හරි.
ReplyDelete270 BANMBUWA THAMA
ReplyDeleteOba thumata goviyo pin denawa ikmanata niwan dakinda.
ReplyDelete