සමස්ථ ණය ට‍්‍රිලියන 30 පනී... වෙළඳ හිඟය ඩොලර් බිලියන 4.6 පනී..


 මෙරට වෙළඳ හිඟය (Trade Deficit) පුළුල් වීම, ආනයන වියදම ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ උද්ධමනය යළිත් හිස එසවීම හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකය ඉදිරියේදී අර්බුදයකට ලක්වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

මහ බැංකුව නිකුත් කළ ‘සතිපතා ආර්ථික දර්ශක’ වාර්තාවට අනුව, ආර්ථිකයේ ප්‍රධාන අංශ කිහිපයකම අහිතකර වර්ධනයක් පෙන්නුම් කරයි.

2026 වසරේ මුල් මාස පහ තුළ මෙරට වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් මිලියන 4,661ක් දක්වා විශාල ලෙස පුළුල් වී තිබේ. 2025 වසරේ අදාළ කාලසීමාව තුළ මෙම හිඟය පැවතියේ ඩොලර් මිලියන 2,730ක් ලෙසය.

අපනයන ආදායම සියයට 7.6කින් පමණක් වර්ධනය වෙද්දී, ආනයන වියදම සියයට 29.0ක් වැනි ඉහළ ප්‍රතිශතයකින් (ඩොලර් මිලියන 10,420 දක්වා) ඉහළ යාම මෙම අවදානම් සහගත තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත.

2026 මාර්තු අවසානය වන විට රජයේ සමස්ත මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 30,193.18ක් (රුපියල් ට්‍රිලියන 30 ඉක්මවා) දක්වා ඉහළ ගොස් තිබේ. මෙයින් රුපියල් බිලියන 18,762ක් දේශීය ණය වන අතර, රුපියල් බිලියන 11,431ක් විදේශීය ණය වශයෙන් සටහන් වේ.

2026 වසරේ මේ දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 7.7කින් අවප්‍රමාණය වී තිබේ. මැයි මස අවසානය වන විට මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,881ක් ලෙස සටහන් වුවද, ඉහළ යන ආනයන වියදම් හමුවේ එම සංචිත කළමනාකරණය කර ගැනීම අභියෝගයක් වනු ඇත





Sri Lanka Faces Economic Crisis Amid Rising Trade Deficit and Inflation

Data from the Central Bank of Sri Lanka raises alarms about an impending economic crisis, attributed to a widening trade deficit, escalating import costs, and a resurgence in inflation rates. The latest report, ‘Weekly Economic Indicators,’ highlights significant adverse trends within key sectors of the economy.

In the first five months of 2026, the trade deficit has ballooned to an alarming USD 4.66 billion, a sharp increase from USD 2.73 billion during the same period in 2025. This escalation underscores serious economic vulnerabilities that could destabilize the nation further.

While export revenue rose by a mere 7.6%, the import expenditure surged by 29%, reaching USD 10.42 billion. This sharp imbalance contributes largely to the precarious economic situation the country now faces.

By the end of March 2026, the total outstanding government debt had soared to LKR 30.19 trillion, with LKR 18.76 trillion constituting domestic debt and LKR 11.43 trillion recorded as foreign debt. This growing burden raises concerns about the country's fiscal sustainability.

So far this year, the Sri Lankan rupee has depreciated by 7.7% against the US dollar. As of the end of May, the country's official foreign reserves stood at USD 6.88 billion, but managing these reserves effectively amidst rising import costs presents a formidable challenge.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. "අපට ගෙවා ගන්න බෑ කියන ණය විදේශීය ණය ඩොලර් බිලියන 41 යි. අපි කවුරු හරු විදේශයකයෙක් හම්බ වුවොත් අපට රටේ ණය හෙවා ගන්න බෑ කියා ගාණන නම් කියන්න එපා! ලැජ්ජයි. ඩොලර් බිලියන 41 ක් කිය්න්නේ ණයක් ද?"
    ඉහතින් දැක්වූයේ ජනාධිපතිවරයා ඡන්දයට කලින් ලංකාවේ විදේශ ණය ගැන කීව හැටි ය.
    ඒ ලෙසට ම
    “ 2026 මාර්තු අවසානය වන විට රජයේ සමස්ත මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 30,193.18ක් (රුපියල් ට්‍රිලියන 30 ඉක්මවා) දක්වා ඉහළ ගොස් තිබේ. මෙයින් රුපියල් බිලියන 18,762ක් දේශීය ණය වන අතර, රුපියල් බිලියන 11,431ක් විදේශීය ණය වශයෙන් සටහන් වේ.”
    මේකත් ණයත් ද? රුපියල් ට්‍රිලියන 30 ක් කියන්නේ ණයක් ද? අපි කවුරු හරු විදේශයකයෙක් හම්බ වුවොත් අපට රටේ ණය හෙවා ගන්න බෑ කියා ගාණන නම් කියන්න එපා! ලැජ්ජයි. රුපියල් ට්‍රිලියන 30 ක් කියන්නේ ණයක් ද? ජනාධිපතිවරයා විසින් ණය ගැන ජනතාවට කියන ලඳ උත්තර කතාව හරි සරලයි. කීමට පහසුයි. කාටත් තේරෙන භාෂාවවෙන් කියා ඇත. ණය ගැන නම් මොන කතා ද?


    ReplyDelete
Previous Post Next Post