පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී මෙම අදහස් පල කලේය.
තවත් මාස අටකින්, ඒ කියන්නේ 2027 මාර්තු මාසයේදී, අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් (IMF) සමග අත්සන් කරලා තියෙන ගිවිසුම අවසන් වෙනවා. ඒ සමගම අපිට ණය ආපසු නොගෙවා සිටීමට ලැබුණු අවුරුදු හතරක සහන කාලයත් අවසන් වෙනවා. එතකොට 2027 වසරේ ඉඳන් අපට වාර්ෂිකව නැවත ණය ගෙවන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ද්විපාර්ශ්වීය ණය, බහුපාර්ශ්වීය ණය වගේම බැඳුම්කර නිකුතුව හරහා ලබාගත්ත වෙළෙඳපොළ ණයත් අපිට 2027න් පස්සේ වාර්ෂිකව ගෙවන්න සිද්ධ වෙනවා.
දැනට සකස් කරලා තියෙන ඇස්තමේන්තු අනුව ඉදිරි වසර හතර තුළ අපට ඩොලර් බිලියන 11.1ක් ගෙවන්න ඕනේ.
මෙන්න මේ ඩොලර් බිලියන 11.1 ගෙවන්න, අපිට ඩොලර් සංචිතයක් ළඟ තියෙන්න ඕනේ නිසා තමයි IMF ගිවිසුමේම අපිට ඉලක්කයක් ලබා දීලා තියෙනවා සෑම වසරකම අග වෙන විට මෙතරම් ඩොලර් සංචිතයක් ඔබ එකතු කරගෙන තිබිය යුතුය කියලා. ඒ අනුව 2026 වසර අග වෙන විට අප සතුව ඩොලර් බිලියන 10.9ක භාවිත කළ හැකි සංචිතයක් තිබිය යුතුයි.
දැනට අපි ළඟ තියෙනවා දළ විදේශ සංචිත ඩොලර් බිලියන 6.5ක්. හැබැයි මේකෙන් ඩොලර් බිලියන 1.5ක් චීනයෙන් ගත්ත හුවමාරු ණයක්, ඒක අපිට ඕන විදිහට පාවිච්චි කරන්න බෑ. එතකොට අපිට භාවිත කළ හැකි ඩොලර් සංචිත තියෙන්නේ ඩොලර් බිලියන 5ක් විතරයි. එහෙනම් මේ වසරේ අපට තියෙන ඉලක්කයෙන් භාගයක්වත් සපුරා ගන්න මේ ආණ්ඩුව මේ දක්වා අසමත් වෙලා තිබෙනවා.
නමුත් 2024 දී මේ ආණ්ඩුව බලයට පත් වුණු තුරුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයේ පුරෝකථනයන්වල තිබුණු ඉලක්ක ළඟා කරගන්න අපි සමත් වුණා. උදාහරණයක් වශයෙන් ගත් විට 2024 වසර අගදී අපේ තිබිය යුතුව තිබුණේ ඩොලර් සංචිත ඩොලර් බිලියන 4.7යි. හැබැයි අපි ළඟ තිබුණා ඩොලර් බිලියන 6.1යි. ඒක තමයි ආණ්ඩුව රට භාරගන්නා විට, ඒ කියන්නේ තිබිය යුතු ඩොලර් සංචිත ඉක්මවා අපි ඩොලර් සංචිත එකතු කරගෙන තිබුණා. මේ වෙනකොට තිබිය යුතු ඉලක්කයෙන් භාගයක්වත් නෑ, තිබ්බ එකත් නැති කරගන්න තත්ත්වයක් තමයි තිබෙන්නේ.
ආණ්ඩුව කියන්නේ 2025 පෙබරවාරි මාසේ වාහන ආනයනය කරන්න සිද්ධ වුණු නිසා තමයි ඩොලර් සංචිත ඉලක්කයට යන්න බැරි වුණේ කියලා. මේකත් තවත් එක් මාලිමාවේ සුපුරුදු පචයක්. ඇයි මේ පුරෝකථනයන් හදනකොටම, 2026 අග ඩොලර් බිලියන 10.1ක සංචිත තියෙන්න ඕනේ කියන පුරෝකථනය හදනකොටත්, 2025 මුලදී වාහන ආනයනය ආරම්භ කරන්න තීරණය කරලා තිබුණා. ඇත්තෙන්ම මුලින්ම සැලසුම් කරලා තිබුණේ 2025 ජනවාරි මාසේ ඉඳන් වාහන ආනයනය කරන්න. හැබැයි මේ ආණ්ඩුව ඒක පටන් ගත්තේ මාසයක් ප්‍රමාද වෙලා, පෙබරවාරි මාසේ ඉඳන්. එහෙමනම් වාහන ආනයනය කරන්න සිදුවීම නිසා ඩොලර් සංචිත ඉලක්කය ළඟා කරගන්න බැරි වුණාය කියන එක ආණ්ඩුව තමන්ගේ නොහැකියාව වසා ගන්න කියන තවත් එක් පට්ටපල් බොරුවක් විතරයි.
ඒ වගේම 2027 වසරේ සිට ඉදිරි වසර හතරට අපට ඩොලර් බිලියන 11.1ක් අවශ්‍ය වෙනවා ණය ගෙවන්න. අපි ළඟ සංචිත තියෙන්නේ ඩොලර් බිලියන 5යි. එහෙනම් ඉතිරි ටික වෙළෙඳපොළෙන් ඩොලර් මිලදී ගෙන තමයි හොයාගන්න වෙන්නේ. මේ ආපසු ණය ටික ගෙවන්න අවශ්‍ය ඩොලර් ටික හොයාගන්න මහ බැංකුවට සිද්ධ වෙනවා විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඩොලර් මිලදී ගන්න. මහ බැංකුව ඩොලර් මිලදී ගන්න, මිලදී ගන්න ඩොලරයට තියෙන වටිනාකම ඉහළ ගිහිල්ලා රුපියල තවදුරටත් පිරිහෙනවා. මෙතරම් දැවැන්ත මුදලක් වෙළෙඳපොළෙන් මිලදී ගන්න ගියොත් අනිවාර්යයෙන්ම ඩොලරයේ වටිනාකම රුපියල් 400 ඉක්මවා යෑමේ අවදානමක් තිබෙනවා. එහෙම වුණොත් දැනටමත් ජීවන වියදමෙන් මිරිකිලා ඉන්න ජනතාවගේ ජීවන බර තවදුරටත් වැඩිවෙනවා.
ඇත්තෙන්ම ආණ්ඩුව ඉන්නේ "මඟ හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී" වගේ තත්ත්වයක. ඇයි, දැන් විදේශ ණය ටික ගෙවන්න ඩොලර් නෑනේ. ඩොලර් වෙළෙඳපොළෙන් මිලදී ගන්න ගියොත් ඩොලරයේ වටිනාකම 400 පහු වෙලා, බඩු මිල ඉහළ ගිහිල්ලා, ජීවන වියදම ඉහළ ගිහිල්ලා ආණ්ඩුව ලොකු අමාරුවක වැටෙනවා. ඒකයි කියලා ඩොලර් මිලදී ගන්නේ නැතුව හිටියොත් 2027 කෙසේ වෙතත් 2028-29 වෙනකොට ණය ආපසු ගෙවා ගැනීම කරගන්න බැරි වෙලා රට නැවතත් බංකොලොත් භාවයට පත්වෙනවා. 2027 නම් ගෙවන්න තියෙන්නේ ඩොලර් බිලියන 2.5යි නේ. ඒ නිසා තාමත් මේ තත්ත්වය පාලනය කළ හැකි තත්ත්වයක්. අපේ ඩොලර් ඉපැයීම් ඉහළ නංවලා, ඩොලර් ආනයන වියදම අඩු කරලා අපිට මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන්. හැබැයි සෘජු තීන්දු ගන්න වෙනවා.
Future Financial Challenges Loom as IMF Deal Approaches Expiration
Udaya Gammanpila, a prominent leader of the Patriotic National Movement, shared pressing insights about Sri Lanka's financial obligations during a recent statement at the party headquarters.
The country faces a critical juncture in March 2027 when the current agreement with the International Monetary Fund (IMF) reaches its conclusion. This will also mark the end of a four-year grace period that has allowed for the postponement of loan repayments. Beginning in 2027, Sri Lanka will be required to make annual debt payments, covering bilateral and multilateral loans as well as market-based bonds issued previously.
In light of recent assessments, the debt repayment obligation stands at an alarming $11.1 billion over the next four years.
To meet this significant obligation, maintaining a healthy foreign currency reserve is critical. The IMF agreement stipulates targets for foreign reserves to be accrued by year-end, necessitating a reserve of at least $10.9 billion by the end of 2026.
Currently, Sri Lanka holds approximately $6.5 billion in foreign exchange reserves. However, of this amount, $1.5 billion is tied up in a swap agreement with China, restricting its utilization. Therefore, the effective reserve the government can currently access is around $5 billion, which exposes its failure to fulfill even a fraction of this year’s target.
In context, during 2024, Sri Lanka met IMF-set targets successfully. The targeted reserve at that time was $4.7 billion, yet the country managed to maintain $6.1 billion, surpassing expectations upon the government’s assumption of power. Today's situation, in stark contrast, reflects significant setbacks, with reserves falling below required thresholds.
The government attributed its inability to meet foreign currency reserve targets to the resumption of vehicle imports in February 2025, a claim that raises eyebrows. Critics argue that it is merely an excuse. The initial plan, established well in advance, aimed for vehicle imports to begin in January 2025, but the government delayed this implementation by a month, making the excuse of missed targets appear even more dubious.
Looking ahead, from 2027 onward, the need for $11.1 billion to service these debts remains pressing, with current reserves capped at $5 billion. This shortfall will necessitate purchasing dollars from the market, putting further strain on the currency.
As the Central Bank resorts to acquiring dollars, the potential rise in demand could drive the currency's value against the rupee past 400, exacerbating an already critical cost of living crisis for the populace.
Government actions or inactions could lead to a perilous cycle where ongoing foreign debt obligations become unmanageable, potentially threatening the nation's financial stability by 2028-2029, with a looming payment of $2.5 billion due in 2027 alone. Yet, this situation is still manageable if decisive actions are taken to increase dollar earnings while reducing expenditure on imports.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

එහෙම වුණොත් නම් ඉතින් හරි ජොලි, වෙන්නෙ නැති එක නොවැ ප්‍රස්ණෙ, නැද්ද ලොක්කා.... එක පාරක් උසස් පෙළ කල් දාන්ඩ බැලුව, අපරභාගය භූමිතලයේ ඇණ ගත්තා, දැන් තව සළුවක් පවසනවා.
ReplyDeleteසූරසේනයා ඉන්නකම් ආණ්ඩුවට විරුද්ධ කිසිම නඩුවක් දිනන්ඩ දෙන්නෙ නෑ කියල ප්‍රමිශ්ක නගා අන්රයියට පොරොන්දුවෙලා තියෙනව.
DeleteMe pakayata wena wada nadda manda
ReplyDeleteMethana nam…
ReplyDeletedan ithin ubala karala samath unada.thopiwa gahalane pannuwe minissu. thopita hithenawada 2029 minissu dei kiyala chande.balan idapan minisssu denne thopi set ekatama rewennama chande
ReplyDeleteමෙතුමාව ආරක්ශා කරන්න ඔඉන නොබියව කතා කරනවර.කුනුහරුපෙන් බනින එක නෙදෙයි වැඩේ. ජනතාව වෙනුවෙන් කතා කරාම කුනුහරුපෙන් බනින්න එපා
ReplyDeleteගෙම්බන්පිළ ආරක්සා කොරන්න රුපියල් සියය බැගින් රෝල් කරලා උගේ සුදු චීත්තේ අස්සෙන් බස්සන්න :D ඕනේ
ReplyDelete