අධික ලෙස බත් කන නිසා ජනගහනයෙන් 51%කට දියවැඩියාව හැදිලා..


 මෙරට ජනගහනයෙන් සියයට 51ක් දියවැඩියාවෙන් පෙළෙන බවත්, ඊට ප්‍රධානතම හේතුව අධික ලෙස බත් පරිභෝජනය කිරීම බවත් කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

"අද රටේ ජනගහනයෙන් 51%කට දියවැඩියාව වැළඳී තිබෙනවා. මෙයට ප්‍රධානතම හේතුව බත්. බත්, එළවළු හෝ පලතුරු මේ ඕනෑම දෙයක් අවසානයේ ග්ලූකෝස් බවට පත්වෙනවා. ඒ නිසා අපි අපේ ආහාර වේලෙහි ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කළ යුතුයි. බත් පරිභෝජනය යම් ප්‍රමාණයකට සීමා කිරීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට වැදගත්."

වී මිල සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ රජය විසින් නියම කර ඇති රුපියල් 120ක මිල වී කිලෝවක් සඳහා ලබාදිය හැකි උපරිම සාධාරණ මිල බවයි. ඇතැම් පිරිස් මීට වඩා ඉහළ මිලක් ඉල්ලා සිටියද, එය ප්‍රායෝගික නොවන බව ඔහු පෙන්වා දුන්නේය.

"වී අස්වනු නෙළන ප්‍රදේශවල පමණක් මේ වන විට වී ගබඩා විවෘත කර තිබෙනවා. මුළු රටේම එකවර අස්වනු නෙළන්නේ නැති නිසා අවශ්‍යතාව පරිදි ගබඩා විවෘත කිරීමට පියවර ගන්නවා. තවමත් වී මිලදී ගැනීමේ වැඩි දායකත්වය පවතින්නේ පෞද්ගලික අංශයටයි. සහල් අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගනිමින් මෙරට තුළ නිෂ්පාදනය කළ හැකි සෑම දෙයක්ම නිෂ්පාදනය කිරීමට රජය මැදිහත් වෙනවා."

දේශපාලන පක්ෂ විසින් ගොවීන් යොදා ගනිමින් සිදුකරන උද්ඝෝෂණ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, විපක්ෂ කණ්ඩායම් තමන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා ගොවීන් සම්බන්ධ කරගෙන විවිධ උද්ඝෝෂණ සිදුකරන බවත්, රජය එය නරක ලෙස නොදකින බවත්ය.

එසේම, රජය විසින් පාසල් දරුවන්ගේ උපකරණ මිලදී ගැනීම සඳහා ලබාදුන් රුපියල් 6,000ක දීමනාව ද වක්‍රව ගොවීන් වෙතම ගලා යන බවත්, එමඟින් සමස්ත ආර්ථික ක්‍රියාවලියම ශක්තිමත් වන බවත් අමාත්‍ය ලාල් කාන්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.





Majority of Sri Lankan Population Suffering from Diabetes Linked to High Rice Consumption, Says Minister

Recent statistics reveal a concerning health trend in Sri Lanka, where 51% of the population is reportedly affected by diabetes, largely attributed to excessive rice consumption. This alarming statement was made by K.D. Lal Kantha, the Minister of Agriculture, Lands, Animal Resources, and Irrigation, during a media briefing in Mahanuwara.

Minister Lal Kantha emphasized that the transformation of rice, vegetables, and fruits into glucose in the body necessitates a reevaluation of dietary habits. He highlighted the importance of increasing protein intake in meals and stressed that limiting rice consumption is crucial for maintaining a healthy lifestyle.

Addressing the ongoing issues surrounding paddy prices, the Minister pointed out that the government has set a maximum fair price of Rs. 120 per kilogram. While some groups are pushing for a higher price, he dismissed these demands as impractical.

Currently, rice storage facilities are only open in regions where harvesting is taking place, with expansions planned based on necessity. The responsibility for rice procurement largely rests with the private sector, although the government is intervening to facilitate the production of all goods that utilize rice as a raw material.

Commenting on protests organized by political parties involving farmers, Lal Kantha noted that opposition groups are using these demonstrations to further their political agendas, asserting that the government does not view these actions negatively.

He also mentioned the Rs. 6,000 grant provided by the government for purchasing school supplies, which he believes will benefit farmers and ultimately strengthen the economy.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

11 Comments

  1. අපට වසර 2500කට වැඩි ලිඛිත ඉතිහාසයක් ඇති අතර, ඒ කාලය පුරාම අපගේ මුතුන් මිත්තන් සහල් මෙන්ම දේශීය අල වර්ග සහ ඇට වර්ග ආහාරයට ගෙන ඇත; නමුත් ජවිපෙ සාමාජිකයින්ගෙන් හැර වෙනත් කිසිවෙකුගෙන් මෙවැනි මෝඩ කතා අප කිසිදා අසා නැත.

    ReplyDelete
  2. We possess a written history spanning over 2,500 years, throughout which our ancestors consumed rice as well as indigenous varieties of tubers and legumes; yet, we have never heard such foolish talk from anyone other than JVP members.

    ReplyDelete
  3. ලක්ශ 69ක් තොපිට කතිර කෙටුව මැටි මෝල්ලු බත් කන්නෙ නෑ

    ReplyDelete
  4. මුට දොස්තර උපාදිය ලැබුනේ ලදී වෙන්න ඇති

    ReplyDelete
  5. පුන්නක්කු බුදින එවුන්ට එහෙම හිතෙනව ඇති, නැද්ද හා?

    ReplyDelete
    Replies
    1. අපි කන්නං පුන්නක්කූ.... කියනව නං අංරයියා......
      අපි 68 ලස්සෙම එක මිටටම.......

      Delete
  6. Ehemanam pan piti genanna.Vee goviyo wisrama yawanna.

    ReplyDelete
  7. menna jeppe budhimaththu. mewage aya pasugiya andu ekakawath hitiye neha.

    ReplyDelete
  8. අපි තන කොළ kamu.
    Pukarudaya කට ළඟ.

    ReplyDelete
  9. උඹලයි ඩෝබිලායි තණකොල කන හින්දා ඒ ප්‍රශ්නෙ නෑ නේ

    ReplyDelete
  10. Kiri hodi pol sambola kathawa. Ballanta balaunta bath dena kathawa. Dan diya wadiyawa kathawa. Dan raja sabave Andarela godai.

    ReplyDelete
Previous Post Next Post