ඩෙංගු පාලනයට එන්නතක් ගේනවා...


ඩෙංගු මදුරු පාලනය සඳහා
ලෝකයේ භාවිත වන ඉතා සාර්ථක සහ නවීන ක්‍රමවේද වන එන්නත්
(Vaccines) සහ වොල්බැකියා (Wolbachia) ක්‍රමවේදය භාවිතයට අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් පළ කරන ලද්දේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සමග එක්ව සිරස මාධ්‍ය ජාලය බස්නාහිර පළාතේ ඩෙංගු මදුරු මර්දන කටයුතු සඳහා සිය දායකත්වය ලබාදීමේ වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ MTV CHANNEL සහ MBC NETWORKS පුද්ගලික සමාගමේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.

මෙහිදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ දැනට වාර්තාවන ඩෙංගු රෝගින්ගෙන් සියයට 52.5 ක් ම වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් බවයි. එමෙන්ම ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක වලින් සියයට 20 බැගින් වාර්තා වන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 23 ක් ආවරණය වන පරිදි පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා පැවැසීය‍.

ඒ අනුව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන මුළුමනින්ම විනාශ කිරිම ඩෙංගු මදුරු පාලනය සහ මැඩපැවැත්විම සදහා තිබෙන ස්ථිරසාර විසදුම බවත්, එම කටයුතු අඛණ්ඩව සිදු කරන අතරම ලෝකයේ රටවල් 41 ක් පමණ සිදු කරන ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ජාත්‍යන්තරව අනුමත කර ඇති එන්නත් (Vaccines) ක්‍රමවේදය යොදා ගැනීම සම්බන්ධව සාකච්ඡා කරමින් ඉතා ඉක්මණින් එන්නත් (Vaccines) ක්‍රමවේදය සමාජයට භාවිතා කිරිමට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. එමෙන්ම ඩෙංගු මදුරු මර්දනය සඳහා ලෝකයේ භාවිත වන ඉතා සාර්ථක සහ නවීන, විද්‍යාත්මක ස්වභාවික බැක්ටීරියා ක්‍රමවේදයක් වන වොල්බැකියා (Wolbachia) ක්‍රමවේද වැඩසටහනට ඇතුල්වීමට අදහස් කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.

ඩෙංගු රෝගය පැතිරිම සෞඛ්‍ය ප්‍රශ්ණයක් පමණක් නොව සාමාජීය ප්‍රශ්ණයක් බවත්, මෑත කාලයේ වැඩිම ඩෙංගු අවධානම තිබුණු වසර වූයේ 2017 වසර බවද පැවසූ අමාත්‍යවරයා 187,000 ක රෝගීන් ප්‍රමාණයක් එම වසරේ වාර්තා වු බවත්, මරණ 447 ක් වාර්තා වූ බව ද පැවැසීය. දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට පමණක් නොව ගෝලියව ඇති වී තිබෙන කාලගුණයේ වෙනස්කම් හේතුවෙන් ද ඩෙංගු මදුරුවන් බෝවිම සඳහා හිතකර පරිසරයක් ගොඩනැගී තිබෙන බවත්, ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය අද වනවිට සායනික ප්‍රතිකාර සේවා වැඩිදියුණු කරමින් 2009 දී සියයට 1 ක්ව පැවැති ඩෙංගු මරණ අනුපාතිකය අද වනවිට සියයට 0.05 සහ 0.06 දක්වා අඩුකර ගැනීමට කටයුතු කර ඇති බව ද පැවැසීය. ‍

මේ වනවිට රෝහල්ගතවන ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය සළකා බලා නේවාසික රෝගී ප්‍රතිකාර වෙනුවෙන් වෙනම වාට්ටුවක් වෙන්කර තිබෙන බව ද දැඩිලෙස රෝගාතුර වූ රෝගීන්ට සත්කාර සේවා සැපයීම වෙනුවෙන් High Dependency Unit ස්ථාපිත කෙරෙන බව ද පැවැසීය. ඊට අවශ්‍ය කරන විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද සහ අමතර කාර්ය මණ්ඩලයත් ලබාදෙන බවත්, රෝගීන් සංකූලතාවයට පත්වීම සහ මරණ ප්‍රමාණය අඩු කර ගැනිම ප්‍රමුඛ අරමුණ වන බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය එ සඳහා යුහුසුළුව වැඩකටයුතකු සිදු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.

ඩෙංගු මදුරු ව්‍යාප්තිය පාලනයට සමාජීව පිළිතුරක් අවශ්‍ය බවත්, එම සාමාජිය වගකිම ඉටු කිරිමේ ජාතික වගකීම වෙනුවෙන් සියලු පාර්ශ්ව එක්ව කටයුතු කිරීම අතිශය වැදගත් බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඩෙංගු රෝගය අප රටේ ආවේණික රෝගයක් බවට පත්ව ඇති බවත්, ඩෙංගු රෝගය පාලනය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වැඩසටහන් රැසක් ද ක්‍රියාවට නංවා ඇති බව ද පැවැසිය. වරින් වර සිදු කරන වැඩසටහන්වලට පමණක් සීමා නොවී මෙම කාර්යභාරය සාමාන්‍ය ජීවිතයේ කොටසක් කර ගත යුතු බව ද පැවැසීය.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අදහස් දක්වමින් 2026 වසරේ මේ වනවිට ඩෙංගු රෝගීන් 61,060 ක් වාර්තා වන බව සඳහන් කළේය. එමෙන්ම වසර ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු මරණ 39 ක් වන බවද එ අතර වයස අවුරුදු 05 ට අඩු දරුවන් 05 දෙනෙකු වන බව ද කාන්තා මරණ වැඩි අගයක් ගන්නා බව ද ඔහු වැඩිදුරටත් පැවැසීය.

MTV CHANNEL පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී යසරත් කමල්සිරි මහතා මෙහිදී අදහස් දක්වමින් ජාතික වගකීමක් ලෙස සලකා මෙම වැඩසටහන දින 14 ක් පුරා ක්‍රියාත්මක කරමින් බස්නාහිර පළාතේ පරිශ්‍ර 3000 ක් පමණ පරීක්ෂාවට ලක් කිරීමට අදහස් ‌කරන බවත්, ඒ සඳහා MAS කැප්ටල්, මාස් හෝල්ඩින් පුද්ගලික සමාගමේ හා Haleon lanka පුද්ගලික සමාගම ද මෙම වැඩසටහනට දායකත්වය ලබාදෙන බව ද පැවැසිය





Health Minister Highlights Innovative Measures in Combating Dengue Fever

Amid rising concerns over dengue fever outbreaks in Sri Lanka, Health and Media Minister Dr. Nalinda Jayatissa announced the introduction of advanced vaccination strategies, including the utilization of Wolbachia, a natural bacteria known for its efficacy in reducing mosquito populations.

During a promotional event in collaboration with the Sirasa Media Network aimed at strengthening dengue control efforts in the Western Province, the minister emphasized the role of vaccination and the Wolbachia method as key strategies in the fight against the mosquito-borne disease.

Dr. Jayatissa noted that over 52.5% of reported dengue cases currently stem from the Western Province, particularly in the districts of Gampaha and Colombo, which account for 20% of total cases. In light of this, special dengue eradication programs are already in effect across 23 high-risk areas within the province.

He further explained that effective management of breeding sites is vital, insisting that dengue control requires continuous, rigorous interventions in line with international standards established by the World Health Organization (WHO).

As part of the response to the increasing incidence of dengue, the ministry is actively enhancing clinical treatment and has dedicated specific wards to treat dengue patients, particularly those in critical condition, ensuring they receive appropriate care from specialized medical staff.

The Health Minister stressed the imperative of a unified community response to tackle dengue, underlining that every sector must engage in preventive measures to fulfill their national responsibilities in maintaining public health.

Contributions from private organizations, including MAS Holdings and Haleon Lanka, have been recognized as collaborative efforts to support ongoing initiatives. The medical community and public health officials are calling for widespread participation in the dengue control programs, scheduled to begin on the 14th of this month, targeting up to 3,000 inspections across the Western Province.

On a historical note, Minister Jayatissa referenced 2017 as the peak year for dengue cases in Sri Lanka, a time when the country recorded 187,000 infections and 447 fatalities. Today, initiatives are focused on significantly reducing mortality rates, which have decreased from 1% in 2009 to approximately 0.05-0.06% currently.

These comprehensive measures aim to establish a sustainable and community-driven approach to dengue control, ensuring health security for all Sri Lankans.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

9 Comments

  1. එක ගහගනින් උඹේ පොකේ පර එසිගේ පුටා

    ReplyDelete
    Replies
    1. පුකට ගහන්න ඕන ඔය ඩෙංගු එන්නත. යකෝ ඔය එන්නත ෆිලිපිනෙ ටෙස්ට් කොරල ටෙස්ට් කේස් දාහෙන් අටසීයක් මැරුණ. Sanofi සමාගම ඒක එහෙමම යට ගැහුවා. ලංකාවටත් ටෙස්ට් කොරන්න ගෙනාපු බැච් එක ජපුරෙන් බාර ගත්තෙ නෑ. ඒ ෆිලිපින්වල කතාව දන්න නිසා. මේ ගොනා හිතන් ඉන්නෙ ටයිප්ස් 4ක් තියෙන වෛරස් එකකට එන්නත් ගේනව කියල ජාවාරමක් කරන්න වගෙයි. ඩෙංගු කියන්නෙ එන්නත් ගහල බේරන්න හැකි දෙයක් නොව වලක්වා ගත යුතු ප්‍රශ්නයක්. Wolbachia method එකත් බිල් ගේට්ස්ගෙ මිනීමරු සංවිධානය පටන් ගත්තෙ ඩෙංගු තවත් වපුරන්න බලාගෙන

      Delete
    2. ඔන්න ඔය පහළ ටික තමයි එන්නත ගැන කියලා තියෙන්නේ..
      "Dengue vaccines are not universally recommended for everyone because of a safety risk known as antibody-dependent enhancement (ADE). If a person who has never had dengue receives the vaccine, the vaccine can act as their first exposure. If they contract the virus later, their immune system may trigger a more severe, life-threatening case of dengue.

      Centers for Disease Control and Prevention | CDC (.gov)
      +2
      Because of this specific risk, the primary dengue vaccine (Dengvaxia) was highly restricted and is now being phased out entirely as supplies expire."

      Delete
  2. ලපය කෝඩ් රෙඩ් ඕඩර් එක දීල ඔක්කොම සමුලගත්නය කරලා හරි පාලනය ගන්න...ලපය මානව හිමිකම් අමු අමුවේ උල්ලංගනය කරලා...මූව තියන්න වටින්නේ නැහැ....අස්වෙලා පල එසිගේ පුටා. Anura has given the code RED Order to eliminate all prisoners in Migamuva Prison and regain control. This is a "HUMAN RIGHTS VIOLATION". #PEACEINSRILANKA #Injustice #HumanRightsViolation #Trump #UnitedNations #UNHRC #CHANGE #NewGovernment #SriLanka #LK #NEWELECTIONS #ArrestAKD #BanJVPNPP

    ReplyDelete
  3. මුගේ පුකට ගහන්න ඕන ඔය ඩෙංගු එන්නත. යකෝ ඔය එන්නත ෆිලිපිනෙ ටෙස්ට් කොරල ටෙස්ට් කේස් දාහෙන් අටසීයක් මැරුණ. Sanofi සමාගම ඒක එහෙමම යට ගැහුවා. ලංකාවටත් ටෙස්ට් කොරන්න ගෙනාපු බැච් එක ජපුරෙන් බාර ගත්තෙ නෑ. ඒ ෆිලිපින්වල කතාව දන්න නිසා. මේ ගොනා හිතන් ඉන්නෙ ටයිප්ස් 4ක් තියෙන වෛරස් එකකට එන්නත් ගේනව කියල ජාවාරමක් කරන්න වගෙයි. ඩෙංගු කියන්නෙ එන්නත් ගහල බේරන්න හැකි දෙයක් නොව වලක්වා ගත යුතු ප්‍රශ්නයක්. Wolbachia method එකත් බිල් ගේට්ස්ගෙ මිනීමරු සංවිධානය පටන් ගත්තෙ ඩෙංගු තවත් වපුරන්න බලාගෙන

    ReplyDelete
  4. ඇමති තුමා ඕක එතකොට මදුරුවටද ගහන්නේ

    ReplyDelete
  5. ඔය එන්නත ගැන පහළ දේ තමයි කියලා තියෙන්නේ. භාවිතයට recommend කරලා නෑ.
    "Dengue vaccines are not universally recommended for everyone because of a safety risk known as antibody-dependent enhancement (ADE). If a person who has never had dengue receives the vaccine, the vaccine can act as their first exposure. If they contract the virus later, their immune system may trigger a more severe, life-threatening case of dengue.

    Centers for Disease Control and Prevention | CDC (.gov)
    +2
    Because of this specific risk, the primary dengue vaccine (Dengvaxia) was highly restricted and is now being phased out entirely as supplies expire."

    ReplyDelete
  6. බෙට්ට කට ලඟටම ආවට පස්සෙ තමයි ටොයිලට් එක හොයන්නෙ.

    ReplyDelete
  7. එතකොට ලාල් කාන්ත ඇමටි කියන්නෙ එක වෙලක් බත් කාලා ඉතිරි වෙල් පුන්නක්කු කන්න කියලද? තොපි කාපිය පුන්නක්කු. උහන ගොවියෙක් දැන් නිවුස් වලට පැවසුවා. දැන් ලාලො කාපන් පුන්නක්කු.

    ReplyDelete
Previous Post Next Post