‘ජනාධිපති අනුර නොවන්නට රට මීට වඩා බරපතළ තැනක..’ - දේවගැති ජෙරම් දේව මෙහෙයේදී


 වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයක් නොතිබුණේ නම් ශ්‍රී ලංකාව මීට වඩා අතිශය බරපතළ තත්ත්වයකට ඇද වැටීම අනිවාර්ය වනු ඇති බව දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ Miracle Dome දෙව් මැදුරේ පැවති දේව මෙහෙයක් අතරතුර සිය අනුගාමිකයන් අමතමිනි.

ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ක්‍රිකට් ක්‍රීඩාවට උපමා කරමින් දේවගැතිවරයා සඳහන් කළේ, ජනාධිපතිවරයා ඉතා සෘජු ලෙස තම කාර්යභාරය ඉටු කරන බවයි.

"ඔබේ ජනාධිපතිවරයා කෙළින් පන්දුවට පහර දෙනවා. ඔහුගේ ශෛලියට ඔබ අකමැති වන්නට පුළුවන්, නමුත් ඔහු ඉතා සෘජු පුද්ගලයෙක්," යනුවෙන් ඔහු එහිදී පැවසීය.

දේශපාලනය පුද්ගලික ජීවිතයට අහිතකර ලෙස බලපෑම් නොකිරීමට නම් දේශපාලනඥයන් වෙනුවෙන් යාඥා කළ යුතු බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.

ලෝක දේශපාලනයේ පවතින ගැටුම්කාරී තත්ත්වයන් හමුවේ වුවද, සාමාන්‍ය ජනතාවට තම දෛනික ජීවිතය සාමකාමීව පවත්වාගෙන යාමට හැකි විය යුතු බව පෙන්වා දුන් දේවගැතිවරයා, ඇමරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම් උදාහරණයට ගනිමින් කියා සිටියේ එවැනි දේශපාලන අර්බුදවලට මැදි නොවී සාමාන්‍ය ජනතාවට නිදහසේ ජීවත් වීමට අවස්ථාව තිබිය යුතු බවයි.

වර්තමාන ජනාධිපතිවරයාගේ මැදිහත්වීම නොවන්නට රටේ තත්ත්වය මීට වඩා බෙහෙවින් අයහපත් වීමට ඉඩ තිබූ බව තමාට සහතික විය හැකි බව ද දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.






Religious Leader Warns of Dire Consequences Without Current Presidential Leadership

Devagathi Jeram Pranandu has raised concerns that Sri Lanka would likely plummet into a significantly more severe crisis had it not been for the current leadership of President Anura Kumara Dissanayake. His remarks came during a religious ceremony held at the Miracle Dome.

Drawing a parallel to the game of cricket, Pranandu emphasized that the President executes his duties with remarkable directness. "Your president hits straight down the pitch. You may dislike his style, but he is an incredibly straightforward individual," he stated.

He further stressed the necessity for politicians to ensure that their activities do not adversely impact personal lives. In light of ongoing global conflicts, he insisted that ordinary citizens should be able to lead their daily lives in peace. Citing tensions between the United States and Iran as a pertinent example, Pranandu highlighted the need for such political crises to allow space for citizens to live freely, without becoming embroiled in political turmoil.

Reiterating his earlier sentiments, Pranandu confirmed that without the current President's intervention, the country's situation could have deteriorated significantly.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

17 Comments

  1. තක පමා.

    ReplyDelete
    Replies
    1. තොගේ ඩෙංගු දැන් සනීපද

      අල්ලපන් , නැත්නම් තොගේ හොරකම් සේරම එළියේ


      Delete
    2. අපේ එවුන් හිතුවේ මූ අතින් ඇල්ලුවම ලෙඩ සනීප වෙනවා වගේ අනුර කුමාර අල්ලන අල්ලන දේ ඩොලර් වෙයි කියලා 😂

      Delete
  2. කොයි දෙයියද කිව්වෙ? පන දෙයියද?

    ReplyDelete
  3. එහෙන් අගර දගරු මෙහෙන් බෝන්ගේන් ගැට්ටා. මුං ඩබල සිංගල බෞද්ධ ශිශ්ටාචාරය සභ්‍යත්වය සහ සංස්කෘතිය විනාශ කොරන බටහිර මිත්‍යාදෘශ්ටිකයන්ගේ ඒජන්ට්ලා. හරක් කොටාට චරිත සහතික දෙන්නත් පටන් ගනීවි

    ReplyDelete
  4. නීති ක්ෂේත්‍රයෙන්, ජාත්‍යන්තරයෙන්, මොන විරෝධතා ආවත්, දේවගැති සූරයා ගේ විශ්‍රාම වයස ඉහල දාලා දෙනවමයි කියල ප්‍රමිලා බිසව දැනුම් දීලා ඇතිනේ

    ReplyDelete
  5. මේ හිපාටුවා මෙච්චර ස්වාමින්වහන්සේ ලාට වඩා බලවත් වෙලා තියෙන්නෙ ලප පච හිපාටුවා නිසා තමයි.මුන්ට කර්මය දඩුවම් දෙයි ලොවෙත්

    ReplyDelete
    Replies
    1. ඒකනේ අර චාල්ස් කියන එකාගේ එහෙම වැඩසටහන් වලට අනිර්වාර්යෙන් ළමයි සහභාගී කරවන්න කියලා ඉස්කෝලවලට දැනුම්දීලා තිබුණේ.

      Delete
  6. ජෙරම් වගෙිම බොරුවෙන්ම ගෙිම ගහන කෙනෙක් නෙ😂😂😂 ඩෙංගු හොද කරගන්න හොස්පිට්ලි එකෙ රිංගපු එකාට කියල පිලිකා සුව කරගන්න යන එවුන් ඉන්න රටක අනුර ජනාදිපති වුන එක මහ ලොකු දෙයක් නෙවෙයි. අපෙ උන් රැවටෙන්නෙ දරන දැන😭😭😭😭

    ReplyDelete
  7. මෙන්න ලපයාගේ නියම සගයන්....බෝන් අගේන් පල්ලිය කොටි ඩයස්පෝරාව කියන්නේ එකක්........ජෙප්පෝ දන්නවා කොටි ඩයස්පෝරාවේ ඩොලර් සහ කාඩිනල්ගේ කතෝලික චන්ද වලින් ඕනෑම චන්දයක් දිනන්න පුලුවන් කියලා මේ රටේ 75% වන සින්හල බෞද්දයෝ මොනවා හිතුවත් ......මේක තමා මෙතන තිබෙන අමු ඈත්ත...ලන්කාවේ දේශපාලනය....මුන් ඔක්කොටම ඕනා බුද්දාගම ලන්කාවෙන් තුරන් කරන්න

    ReplyDelete
  8. කෙබර කොට්ටාගේ වෛරය නැති කරගන්න තියෙන එකම ක්‍රමය තමයි මේ වගේ ප්‍රශස්ත ගායනා කිරීම. විරුද්ධව කට ඇරියොත් ෂානිට ඕඩර් එක දෙනවා. 4 තට්ටුවේ වධය දෙනවා පුක පලනවා. මාස තුනක් රැග්එක දෙනවා. සියදිවි නසාගන්න පාර හදලා රිලීස් කරනවා.

    ReplyDelete
    Replies
    1. Name hatiyatama kathawath thiyenawa...Gon kama age hamathanama thiyenawa ...Thawa umba kiyapan GONA

      Delete
    2. me anduwe unta pukawal penna baha

      Delete
  9. These people are so brain washed. Just had a discussion with a university friend who lives in Canada. he says this government has initiated so many development projcets, there are so much money to more, very soon we will have elctric trains etc. Jeram too beleives this nonsense. May be he is hired by JVP to preach lies.

    ReplyDelete
  10. කාදිනල්ද කිව්වෙ එහෙම කියන්න කියලා. ලප පච පරාදයි.

    ReplyDelete
  11. තවත් ආගමික ශාස්තෲ වරයෙක් ලඟදීම ශ්‍රී ලංකාවෙන්.

    ReplyDelete
  12. තවත් ආගමික ශාස්තෲ වරයෙක් ලඟදීම ශ්‍රී ලංකාවෙන්.

    ReplyDelete
Previous Post Next Post