ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විපක්ෂයේ සිටියදී සිය පුත්‍රයාව ‘මිහින් ලංකා’ ගුවන් සමාගමට ඇතුළත් කළේ නිසි විභාග පටිපාටියකින්ද යන්න පිළිබඳව වහාම විමර්ශනයක් කළ යුතු බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ, අන් අයගේ දූෂණ වංචා ගැන කතා කරන ජනාධිපතිවරයා සිය පවුලේ සාමාජිකයන් සම්බන්ධ මෙවැනි පත්වීම් පිළිබඳව ද රටට හෙළි කළ යුතු බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා, ජනාධිපතිවරයා මීට පෙර නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසට එල්ල කළ චෝදනා සිහිපත් කළේය.
"එදා අනුර දිසානායක මහත්තයා කිව්වේ මේවා නාමල් රාජපක්ෂගේ ලිස්ට් එකට දෙන පත්වීම් කියලා. එතකොට එයාගේ පුතා මිහින් එයාර් එකට ගියේ කොහොමද? ඒකට විභාගයක් තිබ්බද? කුසලතාවය බැලුවද? අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට මේවා පේන්නේ නැද්ද?" යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.
යහපාලන ආණ්ඩුව සමයේ මිහින් ලංකා සමාගම වසා දමන විට, එහි සේවය කළ සුදුසුකම් ලත් බොහෝ පිරිසකට රැකියා අහිමි වූ බවත්, එහෙත් ජනාධිපතිවරයාගේ පුත්‍රයා ඇතුළු සුළු පිරිසක් පමණක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට (SriLankan Airlines) අනුයුක්ත කරගත් බවත් වීරවංශ මහතා මෙහිදී අනාවරණය කළේය.
"වැඩි සුදුසුකම් තිබුණු අයට වන්දි දීලා ගෙදර යවද්දී, ජනාධිපතිගේ පුතාට විතරක් ශ්‍රී ලංකන් එකට යන්න ‘පොට්ට චාන්ස්’ එකක් ලැබුණේ කොහොමද?" යැයි ඔහු විමසා සිටියේය.
වත්මන් රජය ‘නීතිය සැමට සමානයි’ යනුවෙන් පවසමින් විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයන් ඉලක්ක කරගනිමින් මර්දනයක් දියත් කර ඇති බවට ද හිටපු අමාත්‍යවරයා චෝදනා කළේය.
මෙම ක්‍රියාවලිය රජය සිය අසාර්ථකත්වය වසා ගැනීමට මෙවැනි නාට්‍ය රඟ දක්වන බවත් විමල් වීරවංශ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Calls for Inquiry into Anura Kumara Dissanayake's Son's Appointment at Mihin Lanka
Former Minister Wimal Weerawansa has demanded an immediate investigation into the appointment of President Anura Kumara Dissanayake's son to the Mihin Lanka airline during his tenure in the opposition. He emphasized the necessity for transparency, questioning whether the appointment followed due process.
During a media briefing, Weerawansa highlighted the irony of the President addressing corruption in others while failing to disclose potential conflicts of interest regarding his own family's involvement in state enterprises. He insisted that the public deserves clarity on these appointments.
Weerawansa referred to past allegations made by Dissanayake against Namal Rajapaksa and others, reminding the audience of the accusations concerning nepotism. "Back then, Anura Dissanayake claimed these appointments were part of Namal Rajapaksa's list. So how did his son end up at Mihin Air? Was there any examination or skill assessment? Doesn’t the Commission to Investigate Allegations of Bribery or Corruption see these matters?" he questioned.
He further revealed that when the Mihin Lanka company was shut down, many qualified employees lost their jobs, yet only a select few, including the President's son, were accommodated by SriLankan Airlines. Weerawansa expressed concern over the criteria used for these placements, asking, "While employees with higher qualifications were sent home with compensation, how did the President's son receive such an opportunity at SriLankan?"
Weerawansa also accused the current government of targeting opposition politicians with a crackdown on dissent while professing that "the law is equal for everyone." He argued that this situation is merely a dramatic show to distract from the administration's failures.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
ithin naduwak dapanko ponna wimalo
ReplyDeleteකෝ අර මග රෙන පකරෙන. මේක සුද්ධ කරලා කොමෙන්ට් දාන්නේ නැද්ද?
Deleteපූසාරියා දෙවාලෙ රිව්වත් එක පූජාවක්ලු..අපි ඇවිත් ඉන්නෙ අපිට ඕන හොරු අල්ලන්න. අනිත් ඒවා අදාළම නැහැ. මෙතනදි වෙලා තියෙන්නෙ ජවිපෙ පූර්ණකාලීන කාඩරයකුගෙ පුන්චිගේ පුතාට රැකියාවක් හොයාගන්න මොවුන් සතු සමාජ ප්රාග්ධනය යොදා ගත් අවස්ථාවක්. ඇයි උබලට පාන්ද?
ReplyDeleteරාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වෙන නිසා ජනාධිපතිගෙ පවුලේ උදවිය ගැන ප්රාකාශ නිකුත්කිරීම තහනම්.
ReplyDeleteසම්පූර්ණ ඇත්ත.
Deleteඅපේ අදහස් පලකිරීම සී නිව්ස් විසින් වලකා ඇති බවත්, 'වී පී ඵන්' 'අයි පි' , ඇඩ්රස් අවහිර කිරීම දක්නට ලැබෙන බවත් බොහෝදුරට මින් ඉදිරියට ,මෙවැනිම අතිශයින් සවාධීන නිදහස් අදහස් ලියා තැබීමට, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට, සියලු හෙලයන්ගේ භාශණයේ සහ ප්රකාශනයේ අයිතිය සුරකෂා කිරීමට, ආරකෂාකාරීව නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට වෙබ් අවකාශයක් නිර්මාණය කිරීමට පියවර ගන්නා බව අවධානයට,.!
ReplyDeleteමේ පඩංගු කාලකන්නි ඔච්චර හරියක් දන්නේ නෑ බන්. බොට් එකක් ලියල කොමෙන්ට් සිස්ටම් එකට හමන්නවල දාන්න දන්න එකෙක් නැද්ද?
Delete"භාශණයේ සහ ප්රකාශනයේ අයිතිය සුරකෂා කිරීමට, ආරකෂාකාරීව නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට වෙබ් අවකාශයක්"
Deleteඔය කියන සුරපුරය කොහෙද බං තියෙන්නෙ?
ග්‍රීසියෙ තියෙන පදු කොටාගෙ නැව්ගැන කියනවයි කියල පැය 24ක් යන්ඩ ඉස්සෙල්ල බොරු නඩුවක් පටලෝල තුසිත හල්ලොලුවව හිරේ දැම්ම.
මාලුමාමලගෙ වැරදි ප්‍රසිද්ධියේ කියන්ඩ ගත්ත විතරයි සුගීෂ්වර බන්ඩාරවත් බොරු නඩුවක් පටලෝල ඇතුලට දැම්ම. කන්ටේනර් හොරකම ගැන
පොලීසියට පැමිනිලි කරපු ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තිබ්බෙව්ව, තට්ට රංගයගෙ මැරකම් හෙලිකරපු නන්දන ගුනතිලකට වහදුන්න, මහාභාණ්ඩාගාර කොල්ලය හෙලිකරපු රංග රාජපක්ෂගෙ බලනහරෙ කැපුව, රංගයගෙ ත්රාඩකම් හෙලිකරපු කපිල චන්ද්‍රසේනව එල්ලුව.
උඹ මේ මගුලක් කතාකරනව. භාෂණයේ නිදහස ඕනෙනම් පලයන් අඟහරු ලෝකෙට!