ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගී තත්ත්වය සම්බන්ධයෙන් රජයේ දේශපාලන අධිකාරිය සහ සෞඛ්‍ය අංශයේ විශේෂඥයින් පරස්පර අදහස් පළ කිරීම හේතුවෙන් මහජනතාව දැඩි ව්‍යාකූලත්වයකට පත්ව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
එම සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ වත්මන් ඩෙංගු ව්‍යාප්තියට හේතුව 'නව වෛරස් ප්‍රභේදයක්' බවට අග්‍රාමාත්‍යවරිය ඇතුළු ආණ්ඩුවේ දේශපාලනඥයින් ප්‍රකාශ කළ ද, වසංගත රෝග විද්‍යාඥයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරීන් එවැනි නව ප්‍රභේදයක පැතිරීමක් ප්‍රතික්ෂේප කරන බවයි. මෙම තත්ත්වය හමුවේ සත්‍ය තොරතුරු දැනගැනීමට ජනතාවට ඇති අයිතිය උල්ලංඝනය වී ඇති බව ඔහු සඳහන් කරයි.
මේ වන විට මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 60,000 ඉක්මවා ගොස් ඇති අතර, රජයේ රෝහල් පමණක් නොව පෞද්ගලික රෝහල් ද සිය උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ. රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනය හමුවේ රෝහල් පද්ධතිය දැඩි පීඩනයකට ලක්ව ඇති බව වෛද්‍ය සංගම් පෙන්වා දෙයි.
පසුගිය කාලසීමාව තුළ මදුරුවන් බෝවන ස්ථාන ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ පළාත් පාලන මෙන්ම නාගරික මට්ටමින් පරිසර පවිත්‍රතා කටයුතු නිසි පරිදි සිදු නොවීම මෙම වසංගත තත්ත්වය උග්‍ර වීමට ප්‍රධාන හේතු වී තිබේ. රෝගී තත්ත්වය වසංගතයක් දක්වා වර්ධනය වීමට පෙර මදුරු ගහනය පාලනය කිරීමට අවශ්‍ය ක්රමෝපායන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වීම කණගාටුවට කරුණක් බව ද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අවධාරණය කළේය.
පවතින අර්බුදකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා රෝහල්වල පවතින රසායනාගාර පහසුකම්වල අඩුපාඩු කඩිනමින් සම්පූර්ණ කළ යුතු බවත්, රෝගී කළමනාකරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කළ යුතු බවත් වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය රජයෙන් ඉල්ලා සිටියි.
Rising Dengue Cases Cause Public Concern Amid Conflicting Health Authorities’ Statements
The rapid surge of dengue fever in Sri Lanka is triggering alarm among the public, as the Ministry of Health and political leaders express varying opinions on the outbreak. The Association of Medical Professionals and Civil Rights has voiced deep concern over the conflicting messages which are exacerbating public anxiety.
Chamal Sanjeewa, the president of the association, highlighted that while political officials, including the Prime Minister, attribute the current dengue outbreak to a "new strain of the virus," experts in epidemiology and administrative officials from the health ministry are refuting claims of any such new variant. He emphasized that the public’s right to accurate information is being compromised amid this uncertainty.
Currently, the number of dengue patients in Sri Lanka has surpassed 60,000, with both public and private hospitals reportedly exceeding their maximum capacities. Medical associations warn that this rapid increase in cases is placing immense pressure on the healthcare system.
Recent spikes in mosquito breeding sites, coupled with inadequate environmental cleaning efforts at both provincial and municipal levels, are significant contributors to the escalation of this health crisis. Dr. Sanjeewa regrettably noted the health ministry's failure to implement necessary measures to control mosquito populations before the situation escalated to this pandemic level.
In light of the ongoing crisis, medical professionals are calling on the government to promptly address deficiencies in laboratory facilities within hospitals and to initiate a systematic approach for disease management without delay.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

෴මදුරැ ෆාම් තුල වැඩිදියුනු කරනා රෝගකාරක මදුරැවන්, බටහිරයන්ගේනවතම ජෙෙව අවිය බවට පත්වී ඇතිඇති බවට නිවේදනය ,...
ReplyDelete''බිල් ගේට්'' විසින් දැවැන්ත අරමුදල් සපයා පවත්වාගෙන යනගග
''බයෝ ලැබ්'' මාරාන්තික මදුරැවන් බෝ කරනා අප්‍රිකානු සහ ඇතැම් ලතින් ඇමෙරිකානු රටවල ස්ථාපිත කර පවත්වාගෙන යනු ලබනා ජනඝාථක මදුරැ ෆාම්වල නව මදුරැ ප්‍රභේද, රට තුලට ශූකෂමව රැගෙනවිත් මුදා හරිනා බවත්,. සියල්ල සූකෂම ලෙසට සංචාරක වේසයෙන් පැමිනෙනා බටහිර ඵ්ජන්තයන් විසින් සිදුකරනා බවත්, අති විශාල ප්‍රමාණයක් සංචාරක නිවාසහිමියන්, සංචාරක මගපෙන්වන්නන් සැකකටයුතු ක්‍රියාකාරකම් පිලිබඳව විශාල වශයෙන් වාර්තා කර සිටිනා බැවින්,.
රෝග කාරක මදුරැවන් රටට පැමිනෙන ගුවන්යානා මගින්, මුහුදු යාත්‍රා නැව් මගින් වරායට ගුවනට ගෙනවිත් මුදාහරිනා බවට තොරතුරැ වාරථා පවතින අතර,..
මදුරැ ෆාම් තුල වැඩිදියුනු කරනා රෝගකාරක මදුරැවන්, බටහිරයන්ගේනවතම ජෙෙව අවිය බවට පත්වී ඇති බැවින්,.
අප්‍රිකාව තුල ජෙෙව අවි ලෙසට මදුරැෆාම් තුල මාරාන්තිකලෙසට වැඩිදියුනුකර වරධනය කරනා, මදුරැ කීටයන් රටතුලට සූකෂමලෙසට රැගෙනවිත් රට තුලට මුදාහරිනා
කූඨ බටහිර නියෝජිතයන්ගේ ක්‍රියාකාරකම් පිලිබඳව අවබෝධය, සහ සිදුකරනා කූඨ කෘෘර ක්‍රියාන්විතයන් පිලිබඳව සමස්ථ පුරවැසියන්ගේ දැඩි අවධානය,.!෴
නැවත වටයකින් භාන්ඩාගාරයට ඵක්රැස්වූ බදු මුදල් කොල්ලා කෑමට කුමන්ත්‍රණය කරනා බටහිර නාසිවාදී මිනීමරැවන්,..
ReplyDeleteමදුරැවන් බෝකරනා දැවැන්ත පරීකෂනාගාර පවත්වාගෙන යමින්,..
ට්‍රිලියන ගනනින් වැඩිදියුනු කරනාලද මදුරැ ප්‍රබේද ජෙෙව අවි ලෙස ලෝකයට මුදාහරිමින්,..
'බිල් ගේට්' ජනඝාථක නාසිවාදී වසළයා,..
ලෝක සෟඛ්‍ය සංවිධානය නැමැති නාසිවාදීන්ගේ බූවල්ලා සහ වංචනික ඇලෝපාතික වසළයන් උපයෝගී කර ගනිමින්,.
බිල් ගේට්' ජනඝාථක නාසිවාදී වසළයාගේ බටහිර මදුරැ ව්‍යාපෘතියට සමගාමීමව,.. 'බිල් ගේට්' ජනඝාථක නාසිවාදී වසළයාගේ ජනසංහාරක ඵන්නත් !!!
''භාන්ඩාගාරයට ඵක්රැස්වූ බදු මුදල් කොල්ලා කෑමට''..
බටහිර නාසිවාදීන්ගේ ඹෟෂධ මාපියාව මෙහෙයවන 'බිල් ගේට්' ජනඝාථක නාසිවාදී වසළයාගේ මදුරැ ව්‍යාපෘථියට සමගාමීව, 'බිල් ගේට්' ජනඝාථක නාසිවාදී වසළයාගේ ජනසංහාරක ඵන්නත් මිලදීගැනීමට කුමන්ත්‍රණය කරනා බව සබුද්ධික සැමගේ අවධානය,.!
මේ ආන්ඩුවේ ඉන්නෙ දන්නව කියල පෙන්නන පිස්සො රැලක්. මහ පිස්සා සිහි නැතිවෙලා වගේ ඉන්නෙ. රටේ ජනාධිපති කෙනෙක් ඉන්නව කියල පෙන්නන්න පාර්ලිමේන්තුවට ගිහින් හිටි හැටියෙ පච අත අරිනවා.
ReplyDelete