යෝජිත ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පත මගින් දැනට පවතින පනතේ අහිතකර තත්ත්වයන් තවදුරටත් වර්ධනය විය හැකි බවත්, එමගින් බරපතළ මානව හිමිකම් ගැටලු මතුවීමේ අවදානමක් පවතින බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහා කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබේ.
නව පනත් කෙටුම්පතෙහි ඇතුළත් ‘ත්‍රස්තවාදය’ පිළිබඳ නිර්වචනය ඉතා පුළුල් සහ අපැහැදිලි එකක් බව පෙන්වා දෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය, එමගින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, රැස්වීමේ නිදහස සහ මාධ්‍ය නිදහස වැනි මූලික ප්රජාතන්ත්රවාදී අයිතීන් දැඩි ලෙස සීමා විය හැකි බවට අනතුරු අඟවයි.
ප්‍රමාණවත් අධිකරණ අධීක්ෂණයකින් තොරව සැකකරුවන් දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට පවතින ඉඩකඩ මෙන්ම, වධහිංසා පැමිණවීම් සහ අතුරුදන් කිරීම් වැනි සිදුවීම්වලට මෙමගින් මඟ පෑදිය හැකි බවට ද එම කාර්යාලය සිය කණගාටුව පළ කර ඇත.
විශේෂයෙන්ම පොලිස් අත්අඩංගුවේ පසුවන අවස්ථාවක ලබාදෙන පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීමේ ප්‍රතිපාදන ඉවත් කිරීම වැනි සාධනීය වෙනස්කම් නව පනතට ඇතුළත් විය යුතු බව ඔවුන් අවධාරණය කරයි.
පැරණි පනත ක්‍රියාත්මක කිරීමේදී සිදුවූ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ මානව හිමිකම් උල්ලංඝනයන් නැවත සිදු නොවන බවට වගබලා ගැනීම රජයේ වගකීමක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ත්‍රස්ත විරෝධී නීති රාමුව ජාත්‍යන්තර මානව හිමිකම් නීතිවලට අනුකූල වන බව තහවුරු කිරීම සඳහා සිවිල් සමාජය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ විවෘත සාකච්ඡාවක නිරත වන ලෙස ද ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.
විවිධ පාර්ශවවලින් එල්ල වූ විවේචන සැලකිල්ලට ගනිමින් රජය මේ වන විට මෙම පනත් කෙටුම්පත නැවත සමාලෝචනය කරමින් පවතින බව ද වාර්තා වේ.
UN Human Rights Office Raises Concerns Over Proposed Anti-Terrorism Legislation in Sri Lanka
The United Nations Human Rights Office has issued a warning to the Sri Lankan government regarding the proposed new anti-terrorism legislation. It cautions that this draft could exacerbate existing unfavorable conditions outlined in the current law, potentially leading to serious human rights violations.
According to the UN office, the broad and ambiguous definition of "terrorism" included in the new draft could severely restrict fundamental democratic freedoms such as freedom of expression, assembly, and the press. Such limitations pose a serious risk to civil liberties within the nation.
The office expressed its disappointment over the allowance for prolonged detention of suspects without adequate judicial oversight. This could further pave the way for incidents of enforced disappearances and torture, which remain pressing concerns in the context of law enforcement today.
Moreover, they emphasized the necessity for the new legislation to incorporate provisions that acknowledge the validity of exculpatory evidence provided during police custody. Such changes are vital to ensure fairness and transparency in legal proceedings.
It is also highlighted as the government's responsibility to guarantee that occurrences of arbitrary detention and human rights violations seen under the old law do not recur. The UN Human Rights Office called for assurances that human rights standards are maintained within the proposed anti-terrorism framework.
The UN agency urged the government to engage in open discussions with civil society and other stakeholders to ensure that the framework of anti-terrorism laws aligns with international human rights standards.
In light of the various criticisms raised from multiple quarters, reports suggest that the government is currently in the process of reviewing this draft legislation.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

දැනට පවතින පනතේ අහිතකර තත්ත්වයන් තවදුරටත් වර්ධනය විය හැකි බව
ReplyDeleteසිංහලෙන් කිව්වොත්නමි මට තේරෙනවා
ReplyDeleteආණ්ඩු කරන හැම කඩප්පුලියන්ටම ඕනැ ජනතාව තලලා පෙලලා බලය පවත්වාගෙන යන්න විතරයි. ජනතාවට ආදරය කරන නායකයෝ අපේ රටේ නෑ.
ReplyDeleteජිනීවා වලට කියපල්ලා ඔය ලෝගු කාරයෙක් දාලා මේ ත්‍රස්ත පනත ලන්කාවේ දකුනේ ඉන්න ආන්ඩු විරෝදීන්ට කියලා.....රට බෙදන කොටි ත්රස්තයන්ට නෙමේ කියලා........
ReplyDeleteජීවිත පූජා කරමින් කොටින් සමඟ සටන් වැදුණු අභීත රණවිරු නිලධාරීන්ට නිකම්ම සොල්දාදුවන් කියලා බෙලෙක් පිත්තල එල්ලා ගෙන ඉන්නවා කියන දේශපාලන මුග්ධයන් ආරක්ෂා කරමින් ඔවුන් පස්සේ යාමට තරම් ආමි කාරයන් නිවට ව්ී ඇත
ReplyDeleteජිනීවා වලට කියපල්ලා ඔය ලෝගු කාරයෙක් දාලා මේ ත්‍රස්ත පනත ලන්කාවේ දකුනේ ඉන්න ආන්ඩු විරෝදීන්ට කියලා.....රට බෙදන කොටි ත්රස්තයන්ට නෙමේ කියලා........
ReplyDelete