මීගමු හිරේ ගැටුම මත්ද‍්‍රව්‍ය ජාවාරම්කාරයන් අතර ගැටුමක්.. දැන් තත්වය පාලනයේ..- පොලිසිය


 මීගමුව බන්ධානාගාරය තුල ඇති වූ කළහකාරී තත්ත්වය සම්බන්ධව පොලිසිය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

2026.07.05 දින මීගමුව බන්ධනාගාරය තුලදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිසක් හා මත්ද්‍රව්‍ය ජාවාරමට විරෝධය දක්වන රැඳවියන් පිරිසක් අතර කළහකාරී තත්ත්වයක් ඇති වී ඇත. ඒ හේතුවෙන් දෙපාර්ශවයේම රැඳවියන් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් රැඳවියන් දෙදෙනෙකු මියයාම සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානය මඟින් විමර්ශන ආරම්භ කර ඇත. එසේම එම සිද්ධිය හේතුවෙන් බන්ධනාගාරය අවට ආරක්ෂාව තර කිරීමටද පොලිසිය කටයුතු කර ඇත.

2026.07.06 දින නැවතත් බන්ධනාගාර නිලධාරින් රාජකාරි නිරතව සිටියදී බන්ධනාගාර නිලධාරින්ගේ රාජකාරියට බාධා කර පහරදීම හේතුවෙන් නැවත ගැටුමක් ඇති වී ඇති අතර එම ගැටුම උත්සන්න වී බන්ධනාගාර නිලධාරීන් හා රැඳවියන් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර එම ගැටුමෙන් නිලධාරින් හා රැඳවියන් පිරිසක් මරණයට පත්ව ඇත.

එම කළහකාරී තත්ත්වය පාලනය කර ගැනීම සඳහා බන්ධනාගාර නිලධාරින් කරන ලද ඉල්ලීම අනුව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් බන්ධනාගාර නිලධාරින් හට ගැටුම පාලනය කර ගැනීමට අවශ්‍ය සහය ලබාදෙන ලදී. ඒ අනුව බන්ධනාගාරය තුල ඇති වී තිබූ කළහකාරී තත්ත්වය පාලනය කර ඇත.

බන්ධනාගාර නිලධාරින් විසින් රැඳවියන් 700 ක් පමණ වෙනත් බන්ධනාගාර වෙතආරක්ෂාව සඳහා මාරුකර යැවීමට පියවර ගෙන ඇති අතර ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට පොලිසිය කටයුතු කර ඇත.

මෙම කළහකාරී සිදුවීම සම්බන්ධයෙන් මීගමුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙතකරුණු වාර්තා කර මීගමුව පොලිස් ස්ථානය හා කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් විර්මශන සිදු කරන අතර ඉදිරි විර්මශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ඇත.





Violence Erupts at Minuwangoda Prison Amid Drug Smuggling Conflicts

The Minuwangoda Prison has become the scene of chaos as tensions escalated between inmates involved in drug trafficking and those opposing them. The conflict, which transpired on July 5, 2026, resulted in injuries to both groups, leading to their admission to the Minuwangoda Hospital. Tragically, two inmates lost their lives, prompting the local police to initiate an investigation into the circumstances surrounding their deaths. In response to the incident, police have stepped up security measures around the prison.

The turmoil continued on July 6 as prison officers faced violent resistance while performing their duties, resulting in renewed clashes. This confrontation caused several officers and inmates to sustain injuries, with some fatalities reported. The ongoing violence intensified, raising significant concerns about safety within the facility.

In light of the escalating situation, prison officials sought assistance from the police and Special Task Force officers to help restore order. Their collaborative efforts successfully managed to regain control of the turbulent conditions that had erupted within the prison walls.

To ensure the safety of the inmates, prison authorities have begun transferring approximately 700 individuals to other facilities, with police arrangements set in place to provide the necessary security during these movements.

This violent episode has been formally reported to the Minuwangoda Magistrate's Court, with investigations now under the purview of both the Minuwangoda Police Station and the Colombo Criminal Division. Further inquiries will be conducted by the Criminal Investigation Department to ascertain the full details of the incidents.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. මලමිනී විසිහතකට පස්සේ මොන පාලනයක්ද ? අධිකරණ ඇමති වහා ඉල්ලා අස්විය යුතුයි.

    ReplyDelete
  2. දෙමව්පියන් ගේ වැරදි නිසා දරුවන් මත්ද්‍රව්‍යය ජාවාරම්කාරයන්ට බිලි වේ.

    ReplyDelete
    Replies
    1. මෙය පාතාල කල්ලි අතර ගැටුමක් හේතුවෙන් හට ගත් ප්‍රශ්නයක් නොවේ

      Munta laJJa nadda ham ekatama pathale set karanna

      Delete
  3. salutered by pacha governament

    ReplyDelete
  4. මීගමුව බන්ධනාගාරයේ ඇත්ත සිදුවීම ආණ්ඩුව විසින් වසන් කරමින් සිටිනවා. මෙය පාතාල කල්ලි අතර ගැටුමක් හේතුවෙන් හට ගත් ප්‍රශ්නයක් නොවේ. එය ආණ්ඩුව විසින් තමන් යටතේ සිටින නිළධාරීන් ලවා මාධ්‍යයට කියවන කතාව යි. මීගමුව බන්ධනාගාරය තුල ඩෙංගු රෝගීන් වාර්තා වීම පටන් ගැනීමෙන් පසු, රැඳවියන් අතර හටගත් නොසන්සුන්තාවය මෙම බන්ධනාගාර ගැටුමට මුල් වූ ආකාරය ආණ්ඩුව විසින් මුලුමනින්ම සඟවනු ලබනවා.

    එහෙත් මට කියන්න ඕනේ ඔය කතාව නෙමෙයි - ඔයිට වඩා බරපතළ කාරණාවක් මෙතන තියෙනවා. හැමෝගේම ඇස් ඇරෙන්න ඕනේ කාරණාව තමයි එක මීගමු බන්ධනාගාරය ඇතුලට STF එක ගිහින් තත්වය පාලනය කරන්න බැරි වුනේ ඇයි කියන එක. STF එක කියන්නේ, අම්පාර දිස්ත්‍රික්කයේ සැලකිය යුතු ප්‍රදේශශයක් කොටි ත්‍රස්තවාදීන් ගෙන් මුදා ගැනීමේ නියතයි ජය මෙහෙයුම දියත් කල කණ්ඩායම. කන්ජිකුඩිච්චිආරු කැලේ කොටි කඳවුරු විනාශ කරපු STF එකට (කාලතුවක්කු සහාය හමුදාවෙන් ලැබුනා නමුත් මෙහෙයුම කලේ STF එක), අද තුවක්කු දෙකක් අතැතිව ඉන්න රැඳවියන් ගෙන් මීගමු බන්ධනාගාරය මුදවා ගන්න බැරිව ගිහින් තියෙනවා. අන්තිම ට, විශෙෂ බලකායේ මෝටර් සයිකල් ටීම් එක ගෙනැල්ලා තමයි බන්ධනාගාරය මුදා ගත්තේ. වෙන රට වල මාධ්‍ය වල මේක ගියා නම් හිනා වෙන්නේ පස්ස පැත්තෙන්.

    මොකක්ද මේ වෙලා තියෙන්නේ?

    ජේලර් ලා, පොලීසිය, STF එක, මේ හැමෝම දැන් වෙඩි තියන්න බයයි. ඒක තමයි ආණ්ඩුවෙන් ඉහල සිට පහලට යවලා පණිවිඩය. තමන් තියන වෙඩිල්ලකින් කව්රු හරි මැරුණොත්, ඒකේ වගකීම තමන් ගන්න ඕනේ. ආණ්ඩුව තමන් වෙනුවෙන් පෙනී ඉන්නේ නෑ. ආණ්ඩුව කරන්නේ වෙඩි තියන්න නියෝග දුන්නේ නෑ කියලා අත පිහදා ගන්න එකය කියලා දැන් හැමෝම දන්නවා. බන්ධනාගාර නිළධාරියෙක් හරි, පොලීසියෙ කෙනෙක් හරි, STF කෙනෙක් හරි වෙඩි තියලා කව්රු හරි මැරුනොත්, ආණ්ඩුව කියන්නේ, ඒක ඒ නිළධාරියා කරපු දෙයක් මිස තමන් කරන්න කියපු දෙයක් නෙමෙයි කියලා. එක පැත්තකින්, සෑම සියලු ක්ෂේත්‍රයක ම, පසු ගිය අවුරුදු දෙකේම, පේන්න තියෙන්නේ නිළධාරීන් පිට වරද පටවලා ආණ්ඩුව සුදනා වෙන්න බලන එක. ඊටත් වඩා පසු ගිය දවස් වල තමයි ආණ්ඩුවේ ඇත්ත ස්වභාවය එලියට ආවේ. දිලීප පොඩි පුතා උසාවියේ දි කියනවා යකඩ කෑලි එල්ල ගෙන ඉන්නවා ය කියලා. හමුදා පදක්කම් වලට යකඩ කෑලි කියලා කියන පාලනයකින් තමන් ට මොනම හව් හරණක්වත් නැතිය කියන එක දැන් සියලු නිළධාරීන් (ඒ කියන්නේ ජේලර් ලා, පොලීසිය සහ STF එක) දන්නවා. හමුදාවේ ජයග්‍රහණ තියෙන්නේ වීරත්වය උඩ. පදක්කම් දෙන්නේ ඒකට. ඒ පදක්කම් යකඩ කෑලි කියලා හෑල්ලු කරන යුගයක් නම් එළඹිලා තියෙන්නේ, වීරත්වය ප්‍රදර්ශනය කරන්න ගිහින් තමන් අමාරුවේ වැටෙන්න ඕනේ නැතිය කියන එක දැන් හැම නිළධාරියා ම කල්පනා කරනවා. මරණෙකින් දෙකකින් ඉවර කර ගන්න තිබුනු ඩෙංගු විරෝධතාවයක්, නැතිනම් ආණ්ඩුව කියන විදියට පාතාල ගැටුමක්, මරණ 26ක් දක්වා ඉහලට ගියේ දිලීප පොඩි පුතුට පිං සිද්ධ වෙන්න. දැන් හැමෝම බලන්නේ තමන් බේරෙන්නේ කොහොමද කියන එක. තමන්ගේ ඇඟ බේරා ගන්නේ කොහොමද කියන එක මිස, වැඩේට බැහැලා වැඩේ කිරිල්ලක්, පාවිච්චි කරන්න තියෙන බලය පාවිච්චි කිරිල්ලක් දැන් සිද්ධ වෙන්නේ නෑ. මොකද ප්‍රශ්නයක් වුනොත් තමන්ට තමන් විතරයි.

    ReplyDelete
Previous Post Next Post