හිටපු අය අධිවේග හැදුවේ ප‍්‍රකෝටි ගණන් ණයට අරන්.. අපි අධිවේග හදන්නේ ජනතාවගෙන් සාධාරණව ගන්න බදු මුදලින්..

 


පසුගිය රජයන් කෝටි ප්‍රකෝටි ගණනින් විදේශ ණය ලබා ගනිමින් අධිවේගී මාර්ග ඉදිකළ ද, වත්මන් රජය ජනතාවගෙන් සාධාරණ ලෙස අය කරගන්නා බදු මුදල් යොදවා රටට අවශ්‍ය මාර්ග පද්ධතිය සංවර්ධනය කරමින් සිටින බව නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ පසුගිය පාලන සමයන්හිදී මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් නිසි ලෙස බදු අය කර නොගැනීම හේතුවෙන් රටේ ආර්ථිකය දැඩි පසුබෑමකට ලක් වූ බවයි.

විශේෂයෙන්ම දයා ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඇලෝසියස් වැනි ව්‍යාපාරිකයන්ගෙන් අය විය යුතු රුපියල් කෝටි ගණනාවක බදු මුදල් අය කර ගැනීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව ද ඔහු සඳහන් කළේය.

"එදා පාලකයෝ තමන්ගේ හිතවත් ව්‍යාපාරිකයන්ට බදු සහන දෙමින් රට ණය උගුලක හිර කළා. නමුත් අපි අද කරන්නේ ඒ පැහැර හරින ලද බදු මුදල් නිසි ලෙස රජයට අය කරගෙන, එම මුදල් මහජනතාවගේ යහපත වෙනුවෙන් යෙදවීමයි. රඹුක්කන සිට කුරුණෑගල දක්වා සහ කොළඹ සිට මීරිගම දක්වා අධිවේගී මාර්ගවල වැඩකටයුතු අප ආරම්භ කළේ දේශීය අරමුදල් භාවිතයෙන්," යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

2029 වසරේ අවසාන භාගය වන විට අධිවේගී මාර්ග පද්ධතිය දඹුල්ල දක්වා දීර්ඝ කිරීමට රජය සැලසුම් කර ඇති බවත්, මෙම සියලු සංවර්ධන කටයුතු විදේශයන්ට ණය නොවී දේශීය ශක්තියෙන් නිම කිරීමට අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා මෙහිදී අවධාරණය කළේය.





Government Focuses on Local Development Funding for Highway Construction

Amidst a backdrop of previous administrations accruing extensive foreign debts to construct highways, the current government is committed to developing an essential road system funded fairly through taxes collected from the public, according to Deputy Minister of Housing and Construction and Water Supply T.B. Sarath.

In remarks to the media, the Deputy Minister emphasized that the economy had suffered significantly due to inadequate tax collection from large businesses during past governance.

He noted that the current administration has taken steps to recover substantial tax revenues from prominent business figures, such as Daya Gamage, Johnston Fernando, and Aloysius, who owe millions in overdue taxes.

“Past rulers trapped the nation in debt by granting tax concessions to favored businesses. Today, we are reclaiming that misappropriated tax revenue and directing it towards the public good. We have commenced work on highways from Rambukkana to Kurunegala and from Colombo to Mirigama, funded entirely by local resources,” he added.

The government plans to extend the highway system up to Dambulla by the end of 2029, with a strong emphasis on completing all development work relying on domestic resources rather than foreign loans, the Deputy Minister underscored.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. පුප පලාගන්න ආසද ?

    ReplyDelete
  2. ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතුවලින් අයකරන WHT 5% දක්වා අඩු කරනු.

    ReplyDelete
  3. තොපි හදන්නේ ඒ හදපු හයි වේ වල අදායමෙන් ණය ගෙවල ඉවර වෙලා හම්බ වෙන ලාභයෙන්. ජෙප්පන්ගේ තියන පහත් කුහක ගති තමයි ඔය පෙන්නන්නේ.

    ReplyDelete
  4. හදපු එක බෝක්කුවක් කියපන්. හයි වේ වගේ ලොකු වැඩ බෑ තොපිට. ගංජා කාරයා

    ReplyDelete
  5. උඹ දන්නවද ගං ඌරො පරක්කු වෙච්ච එකට දඩය එක්ක, නුවර හයිවෙ එකෙ මීරිගම කොටස හදන්න චීනට ගිය සතියෙ නැවත බාර දුන්නා ඉතා වැඩි මුදලකට

    ReplyDelete
Previous Post Next Post