මැදපෙරදිග කලාපයේ ස්ථාපිත අමෙරිකානු හමුදාවන්ට එල්ල වූ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරානයට එරෙහිව ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ කළ බව අමෙරිකානු ආරක්ෂක අංශ පවසයි.
බීබීසී පුවත් සේවය වාර්තා කරන පරිදි, අමෙරිකානු මධ්‍යම විධානයමෙම ප්‍රහාර හඳුන්වා දී ඇත්තේ ඉරානයේ ක්‍රියාවන්ට එරෙහිව එල්ල කළ ප්‍රබල ප්‍රතිචාරයක් ලෙසයි.
පසුගිය අඟහරුවාදා ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කළ නෞකාවලට ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාරවලට පිළිතුරු ලෙස මෙම මෙහෙයුම ක්‍රියාත්මක වේ.
මීට අමතරව, ඉරාකයේ ක්‍රියාත්මක ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් අමෙරිකාව සහ සෞදි අරාබිය එක්ව ප්‍රථම වරට ඒකාබද්ධ ප්‍රහාර මාලාවක් ද දියත් කර තිබේ.
පසුගිය පෙබරවාරි මාසයේදී අමෙරිකාව සහ ඉශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව යුද ප්‍රකාශ කරන විට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ මෙය සති කිහිපයකින් අවසන් වනු ඇති බවයි. එහෙත් දැන් මෙම ගැටුම මාස පහක් පුරා ඇදී ගොස් ඇති අතර එය අවසන් වන ලකුණක් පෙනෙන්නට නැත. "අපි ඔවුන්ට ඉතා තදින් පහර දෙනවා. දැන් අපේ වාරය ඇවිත්," යැයි ට්‍රම්ප් ධවල මන්දිරයේදී මාධ්‍ය වෙත පවසා ඇත.
මේ අතර, සෞදි ආරක්ෂක අමාත්‍ය කාලිඩ් බින් සල්මාන් කුමරු සහ ජනාධිපති ට්‍රම්ප් අතර පැවැති හමුවකදී, කලාපීය නොසන්සුන්තාව සමනය කිරීමට සෞදි අරාබිය කැමැත්ත පළ කර ඇති බව ඇක්සියෝස් පුවත් සේවය වාර්තා කරයි. කෙසේ වෙතත්, මේ පිළිබඳව ධවල මන්දිරය මෙතෙක් නිල ප්‍රකාශයක් කර නොමැති බව බීබීසී පුවත් සේවය වැඩිදුරටත් සඳහන් කරයි.
ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකානු ආක්රමණවලට එරෙහිව තමන් ජෝර්දානයේ අමෙරිකානු ගුවන් කඳවුරකට සහ විධාන මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කළ බවයි. එසේම හෝමුස් සමුද්‍ර සන්ධියේ තෙල් නැව් තුනකට ප්‍රහාර එල්ල කළ බව ද ඔවුන් තහවුරු කර ඇත.
US Launches Airstrikes Against Iran Following Assaults on American Forces
In a significant escalation of hostilities, the United States has initiated a series of powerful airstrikes against Iran, responding directly to attacks on American troops stationed in the Middle East. This military action was confirmed by American defense officials.
According to reports from the BBC, the strikes are regarded as a robust reaction to Iranian provocations, marking a decisive step in the ongoing conflict in the region.
This operation was triggered by Iranian assaults last Tuesday on American bases located in Jordan and on vessels operating in the Strait of Hormuz, highlighting the ongoing tensions between the two nations.
Furthermore, the US has coordinated a united offensive with Saudi Arabia, targeting Iran-aligned militant groups in Iraq for the first time, signaling a strategic shift in their collective military posture.
In February, when the US and Israel announced their intention to engage Iran militarily, then-President Donald Trump indicated that this conflict might come to a swift conclusion. However, five months into this confrontation, there is no clear resolution in sight. “We are hitting them very hard. Now it’s our turn,” Trump stated during a press briefing at the White House.
In related developments, Axios reported that Saudi Defense Minister Khalid bin Salman expressed the kingdom's willingness to pursue stabilization in the region during a meeting with President Trump. However, the White House has yet to issue an official comment regarding this matter, as highlighted by the BBC.
The Iranian Islamic Revolutionary Guard Corps has claimed responsibility for targeting an American air base and a command center in Jordan, asserting that they also launched attacks on three oil tankers in the Strait of Hormuz.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පුදුම කරුමයක් ට්‍රම්ප් නම්, ආයුධ ඉවර වෙනකොට නවත්තනවා ආයෙත් පටන් ගන්නවා. මුළු ලෝකෙම. අමාරුවේ වැටිලා ඉන්නේ මේ එක මිනිහෙක්ගේ පිස්සුවක් නිසා. දැන් එයි අර ගලප්පත්ති වගේ කටු කන බල්ලෝ රෙදි උස්සගෙන.
ReplyDelete