ට්‍රැක්ටරයක් දෙකඩ කැඩී පල්ලමකට පෙරලේ...


 තේ කර්මාන්තශාලාවට දර ප්‍රවාහනය කරමින් තිබු ට්‍රැක්ටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් විමෙන් එම ට්‍රැක්ටර් රථයේ රියදුරා තුවාල ලබා (12) දින බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කල බව බගවන්තලාව පොලිසිය පැවසීය.

එම වතුයායේ පැළ තවානේ සිට තේ කර්මාන්තශාලාව දක්වා දර ප්‍රවාහනය කරමින් තිබියදී ට්‍රැක්ටර් රථයේ එන්ජිම සහ ටේලර් රථය සම්බන්ධවන ස්ථානයේ කැඩී යෑමෙන් ට්‍රැක්ටර් රථය රියදුරුගේ පාලනයෙන් මිදි තේ වත්තට පෙරලී මෙම අනතුර සිදු වී ඇති බවයි එම වතුයායේ පාලන අධිකාරියේ නිළධාරියෙකු කියා සිටියේ.

අනතුරින් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කල රියදුරු වැඩිදුර ප්‍රථිකාර සදහා දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යවන බව බගවන්තලාව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරිවරයා පැවසීය.

- රංජිත් රාජපක්ෂ 





Tragic Accident Involves Tea Transport Tractor in Bagawantalawa

A tractor transporting tea from a plantation to a processing facility in Bagawantalawa veered off the road and met with an accident, resulting in injuries to the driver. The incident occurred on the 12th, as reported by local police authorities.

The tractor, while ferrying tea leaves, experienced a mechanical failure at the junction where the tractor and trailer are connected, causing it to topple over and escape the driver's control, according to an official from the estate's management.

The injured driver was initially taken to the local hospital in Bagawantalawa for treatment. However, for further medical attention, he was subsequently transferred to the Dikkawella Base Hospital, as confirmed by the district medical officer at the Bagawantalawa hospital.

- Ranjith Rajapakse



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. තඹුත්තේගමට වතුර දුන් පියා, වතුර එපා කියා පිකට් කල පිම්පියා

    ReplyDelete
  2. 76 වසරක සාපය = ගණන වැරදී
    2026 - 76 = 1950
    ලංකාවට නිදහස ලැබුනේ 1948
    ලංකාවේ ලෙනින්වාදී සමසමාජවාදී කොමුනිස්ට්වාදින් බිහිවුනේ 1966.
    ලංකාවේ මිනිසුන් විශාල ලෙස ගාතනය කෙරුවේ 1971 ජෙවිප් ත්‍රස්තවාදී කරේල්ලේදී

    2026 -1971 = 55 වසරක සාපය පටන් ගත්තේ ජේවීපී ත්රස්තවාදීන්

    ReplyDelete
  3. පච ලප කොටාගේ සාපය, ලංකාව විනසකරලා ගිනි තියල ප්‍රචන්ඩත්වය ත්රස්තවාදය පතුරවල පටන් ගත්ත සාපය.

    ReplyDelete
Previous Post Next Post