ඩෙංගු රෝගීන් හැටදහස ආසන්නයේ..


 ඩෙංගු රෝග ව්‍යාප්තියේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින්, මේ වසරේ ගතවූ කාලසීමාව තුළ වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 59,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එම ඒකකය නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 59,638 කි. රෝග ව්‍යාප්තියේ දරුණුතම තත්ත්වය පසුගිය ජූනි මාසයේදී වාර්තා වී ඇති අතර, එම මාසය තුළ පමණක් ආසාදිතයන් 21,546 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එමෙන්ම, වත්මන් ජූලි මාසයේ ගතවූ පළමු දින හතරක කෙටි කාලසීමාව තුළ පමණක් ඩෙංගු රෝගීන් 4,251 දෙනෙකු අලුතින් වාර්තා වී තිබීම රෝගය පැතිර යාමේ බරපතලකම මනාව පෙන්නුම් කරයි.

පළාත් මට්ටමින් සලකා බැලීමේදී රෝග ව්‍යාප්තියෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතට වන අතර, එම පළාතෙන් පමණක් රෝගීන් 31,249 ක් වාර්තා වී ඇත. 

මීට අමතරව, දකුණු පළාතෙන් රෝගීන් 9,507 ක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 5,172 ක් ලෙස ඉහළ ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.





Dengue Cases Exceed 59,000 in Sri Lanka Amid Rising Epidemic

The National Dengue Control Unit has reported a concerning surge in dengue fever cases, with the total number of infections surpassing 59,000 this year. This alarming statistic highlights the severity of the ongoing epidemic.

According to the latest data released by the unit, there have been 59,638 reported dengue patients since the beginning of the year. The worst outbreak occurred in June, when 21,546 cases were recorded alone during that month.

Further exacerbating the situation, the first four days of July have already seen an additional 4,251 new dengue cases reported, reflecting the rapid spread of the disease.

Regionally, the Western Province has been the hardest hit, accounting for 31,249 of the reported infections. Additionally, the Southern Province has recorded 9,507 cases, while the Sabaragamuwa Province has seen 5,172 infections, as highlighted by the National Dengue Control Unit.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. ලප ශාපය.

    ReplyDelete
  2. මේ ලියන මමත් ඩෙංගු හැදිලා කියල අනුමාන කල නිසා රෝහල්ගත වුණා.රෝගීන් ප්‍රමාණය රෝහල් පද්ධතියට දරාගන්න බෑ කියන කාරණාව හොඳටම තහවුරු වුණා.රෝගයට ඇඳ විවේකය අත්‍යවශ්‍යයි කියන කාරණය රෝහල්ගත වුනාම වාට්ටුවල තදබදය හින්දම නැත්තටම නැතිවෙලා යනවා.ඒ හින්දම රෝගියාගේ මානසික පීඩනයත් ඉහළම මට්ටමේ.සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත් ඒ එන පීඩනය දරාගන්න බෑ.කළමනාකරන අසාර්ථකත්වය මේ රෝගයේ ව්‍යාප්තියට මුල කියන එක හොඳටම තහවුරුයි.ඩෙංගුත් එක්කම වසංගත උන තත්ත්වයකුත් යනවා.ඩෙංගු report නෙගිටිව් වුනත් ඒවත් ඩෙංගු පිටට දාලා තමයි ප්‍රතිකාර කරන්නේ.මට නම් වුණේ ඒක.රෝහ‍ලේ තත්ත්වය දරා ගන්න බැරුව මම නං බලෙන් ටිකට් කපාගෙන ගෙදර ඇවිල්ලා ඇඳ විවේකයෙන් ඉන්නවා. ඒක රෝහලේ ඉන්නවට වඩා නං සැපක්.වැඩි අමතර ආරක්ෂාවට දවසකට දෙපාරක් පට්ටිකා ප්‍රමාණය චෙක් කරගන්නවා.

    ReplyDelete
  3. ලප සාපෙ තූ

    ReplyDelete
Previous Post Next Post